හෙට නිවාඩු!


රජයේ නිවාඩු දින නැත්නම් මහජන නිවාඩු දිනයන් දෙක-තුනක් හෝ තිබීම කොතරම් දෙයක්ද? හෙට  අපට නිවාඩුයි. දැන් කන්තෝරු ගිහිං අයිස් ගහන අයියල කියන්න එන්න එපා, වැඩට යන දවස් නේද ඇත්තටම නිවාඩු කියා. හෙට විතරක් නොවේ ලබන සඳුදත් අපට නිවාඩු.

මා මෙය කලින් ලියා ඇති.  සතුටින් කතාබහක්  කරන්න මනුස්සයෙකු අපට හමු වන්නේ කලාතුරකින්. ඒ වගේම යහළුවන් කියා අප සිතන මිනිසුන් ටිකක් ලංවී බලන කළ, අර අප කලින් සිතන්  හිටි විදිහ ගැන සැක  සාංකා ඇති කරනවා.

කලින් සිතපු හැටි ගැන කනගාටු වන්න ඕනේ නැති කෙනෙක් මට ඊයේ හමු වුණා. ඒ නිසාම නොවුවත් මා උදේ නැගිටින විට දැනුණේ  තෙහෙට්ටුවක්. ඒ විතරක් නම් කමක් නැහැ, අද ස්වේච්ඡා කටයුත්තක් කරන්න දවසින් භාගයක් ගත වූවා.

සාමාන්‍යයෙන් ක්‍රියාශීලි දිවියක් ගෙවුවත්, අපට නොපුරුදු, එනම් සාමාන්‍යයෙන් නොකරන දෙයක් කර අවසන් වුණු  පසුව දැනෙන්නේ වෙනම තෙහෙට්ටුවක්. මෙය දැන් නරක විදිහට අර්ථකථනය කර ගන්න එපා. මා අද කෙරුවේ තීන්ත ගෑමක්.

යමක් කරන්න බාර ගත්ත විට එය මට කරන්න හැකි හොඳම විදිහට කිරීම සමහරවිට නරක ලක්ෂණයක්. අද නම් මගේ ශරීරාංග වලට විවේකයක් අවශ්‍යයි. හෙට නිවාඩු නේ.

අද ගීතය:

මගේ සෝවියට් දිවියේ පළමු වසරේ, අපේ කාමරේ නොවන එකෙක්, අපේ කාමරේට ගෙනත් නැවත නැවත අහපු හින්දි සින්දු සහිත කැසට් පටයක තිබුන සින්දු කිහිපයක්, යලි ශ්‍රවණය කරන විට අතීතයට යන්නේ නිතැතින්. මේ එයින් එකක්.

මට අතීතය වෙනස් කර ගන්න  ඕනේ නැහැ. හැබැයි අනාගතය “වෙනස්” කර ගන්න උත්සහ කරනවා.

15 Comments

Filed under Lifestyle, Opinion