හිටපු අගවිනිසුරුවරයා අසන්ත දී මැල් ගැන නැවතත් කරලා තියෙන ප්‍රකාශයක් නිසා මෙය ලියන්න හිතුනා. යම් ආයතනයක ඉහල නිලයක් දරන්න උපාධියක් හෝ වෙනත් උසස් සහතිකයක් ලබා ගෙන තිබීම අත්‍යවශ්‍ය දෙයක්ද? එවැනි සහතික පත් නොමැති වුවත් මෙවැනි වෘත්තීන් වල ඉහලටම ගිය පුද්ගලයන් ලෝකේ දුර්ලභ නැහැ. අසන්ත ගත්තොත් සරසවියකට නොගියේ, එයා තරුණ කාලේ වෙනත් දෙයක පුර්ණ කාලීනව නිරත වී සිටි නිසයි.
පොත පතින් ඉගෙන ගෙන ලබා ගන්න අධ්‍යාපනික සහතික වලට වඩා, තත්වයන් ප්‍රායෝගිකව කළමනාකරණය කර අත්දැකීම් ඇති පිරිස් විවිධ ආයතන දක්ෂ ලෙස දියුණු කර තිබෙන අන්දම ගැන ලෝකේ ඕනේ උදාහරණ තියනවා. අසන්තට වඩා උසාවියේ ලිපිකරුට අධ්‍යාපන සුදුසුකම් තිබීම නිසා, ඔහු අසන්තට වඩා දක්ෂ කළමනාකරුවෙකු විය හැකි බවට ඉඟි කිරීම ම විශාල ගොන් කමක්.
ඕස්ට්‍රේලියාවේ පවා බොහෝ කළමණාකරුවන් පාසල් අධ්‍යාපනයෙන් පසු කෙලින්ම රැකියාවකට ගිය අය. ඒ වගේම ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විශ්‍රාම යන ක්‍රීඩකයෙකු බඳවා ගැනීමට කැමැත්ත දක්වන පෞද්ගලික ඕනේ තරම් තියෙන්නේ, ඔවුන් ප්‍රසිද්ධ නිසා නොවේ.
අසන්තල වගේ අය උපාධි දහයක් අරගෙන තිබුනත් ක්‍රියා කලාපයේ වෙනසක් වෙන්නේ නැති බව, සමහර ආචාර්ය උපාධි තියන කළමනාකරුවන්, සංස්ථා සභාපතිවරුන් හා වෙනත් උසස් නිලතල දරන අය සාක්ෂි සපයනවා. නීතියට අදාළ නැති කරුණු අවුස්සලා මිනිස්සුන්ට අපහාස කරන්න ඉඩක්, මේ නීතිම ක්‍රියාත්මක වන බටහිර රටවල්වල නැහැ. චුදිතයෙක්ව වැරදි කරුද, නිවැරදි කරුද යන්න තීරණය විය යුත්තේ සාක්කි අනුව මිස, එයාගේ අධ්‍යාපන සුදුසුකම් මත නොවේ.