මෙන්න තව එකක්! But not just another blog!


රෑ දොළහයි  මා  ඉන්න රටේ දේශීය වෙලාව. මේ මගේ පළමු බ්ලොග් සටහන. සිංහලෙන් යතුරු ලියන්න මට තාම ප්‍රවීනතාවයක් නැහැ. බලමු මොකද වෙන්නේ කියල. මා සමහර සිංහල බ්ලොග් කියවනවා. ගොඩක් ඒවාගේ කියවන්න දෙයක් නැහැ. මේකත් ඒවගේ වේවිද? නොවෙවිද? අර නාථ දෙවියෝ තමා ටක්කෙටම දන්නවා ඇත්තේ!

මට සිංහලෙන් ලියන එක පහසුයි කියන්න පුළුවන්.  මොකද අප අයත් වෙන්නේ පනස් හයෙන් පසු  උගත් පරම්පරාවට. ඊටත් වඩා ලෝකයේ සුවිශේෂී ජන කොට්ටාශයකට විතරක් ආමන්ත්‍රණය කරන්නට හැකි වීම එක අතෙකින් භාග්‍යයක්. සිංහලය මව් භාෂාව වුවත්, පිරිසකට කියවන්න මෙයිට කලින් මා ලියා ඇති දේවල් කිසිවක් මව් භාෂාවෙන් නැහැ. එයත් දෛවයේ සරදමක්.

අද ලංකාවේ පත්තර වලත් බලන්න දෙයක් නැහැ. විශේෂයෙන් හැත්තෑ හතෙන් පසුව බිහිවුන මේ ගජමිතුරු ප්‍රජාතන්ත්‍ර වාදය සේරම විනාස කරලා කියල මට හිතෙන්නේ. අනික් අතට දොස්තර ගුනදාසල වගේ අයියලා බටහිර අධ්‍යාපන ක්‍රමයෙන් ඉගෙන ගෙන රස්සාවල් කරලා පැන්සොන් අරගෙන අනික් බොහෝ දෙනෙකුට නොපෙනන හා නොදැනෙන බටහිරකට තඩිබානවා. පනස් හයෙන් පසුව බිහිවුන අපේ මල්ලිලත් මෙයාලගේ පස්සෙන් යන්න ඉන්නවා.

මට පේන දෙයක් තමා බොහෝ සිංහල බ්ලොගයන් ලියන්නේ අලුත් පරම්පරාව. ඒවායේ ජිවන අත්දැකීම් නොවේ තියෙන්නේ. තමන්ගේ අත් දැකීම්  නැතිනම් ජීවිතය ගැන ලිවිම, අභියෝගයක්. ලංකාවෙන් එපිට ඉඳන් ලියන බ්ලොගයන් එකක් දෙකක් මාත් කියවනවා. ඒවායින් නොකියවෙන දෙයක් තමා මා කියන්නට උත්සහ ගන්නේ.

 

 

Our growth depends not on how many experiences we devour, but on how many we digest.

— Ralph W. Sockman

Advertisements

4 Comments

Filed under Media

4 responses to “මෙන්න තව එකක්! But not just another blog!

  1. sagara

    wish you all the best

  2. කියලා වැඩක් නැහැ සහෝ… මොනවා උනත් හදුනාගන්න ලැබීම සතුටක්. මමත් මාස කිහිපයකට උඩදී තමයි මේ වැඩේට සෙට් උනේ. ඇති මෙහෙම හරි ලෝකයත් එක්ක දුවන සිංහල කට්ටිය හම්බවෙන ඒක. අපේ දේශීය “ඇත්තෝ” මේවාට කියන්නෙ නිදහස් අධ්‍යාපනය ලබලා පිටරටට හම්බකරලා දෙනවා කියලනේ.

    සහෝගේ ඉස්පිලි අවුලට විසදුමක්: http://www.google.com/transliterate/Sinhalese

    • බොහොම ඉස්තුති හෂ්කර්! හඳුනා ගන්න ලැබීම සතුටක්. මම transliteration එක ගත්තා. දියුණු වන රට වලින් “බුද්ධි ගලනයට” විවිධ අර්ථකතන දෙන්න පුළුවන්. හැබය් අපි සේරටම රැකියා අවස්ථා උපදවන්න හැකියාවක් අපේ රට වලට නැහැ. එක අයෙක් රටෙන් පිටවීම තව කෙනෙකුට අවස්තාවක් දීමක් වෙන්නත් පුළුවනි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s