දීර්ග කාලයක් ජීවත් වීමේ ලොකුම රහස! How to live a long life?


අපේ ගමේ හිටියා අමාරිස් ආතා කියල කෙනෙක්. අමාරිස් ආතට අවුරුදු එකසිය තුනක් පිරීමෙ ආරංචිය මුළු රට පුරාම ගියා. තරුණයා පත්තරේ කර්තෘ තුමාටත් මේ ආරංචිය ලැබුන. එදා තරුණයා පත්තරේ කර්තෘ වෙලා හිටියේ බී. පද්මකුමාර කියල මහත්තයෙක්. එතුමා විශේෂාංග කර්තෘට කතා කරලා කීව අමාරිස් ආතා ගැන ලිපියක් සකස් කරන්න කියල.

විශේෂාංග කර්තෘ අබේසුන්දර මහත්තයා. එයා ආව අමාරිස් ආතාගේ ගෙදරට ලිපියට කරුණු හොයන්න. ආගිය තොරතරු, අමාරිස් ආතාගේ ජීවන විස්තර කතා කරලා, ඇහුව වැදගත්ම ප්‍රශ්නය, ආතේ මොකක්ද ඔච්චර කලක් ජීවත් වීමේ රහස? ආතටත් ෆුල් ආතල්. මොකද ඒක තමයි  ආතාගේ ප්‍රියතම මාතෘකාව. “පුතේ, මම දාඩිය මහන්සියෙන් ගොවි තැන් කරලා ජීවත් වෙන්නේ, කවදාවත් රා අරක්කු කටේ තියලා නැහැ, ගංජා අබින් තියා බීඩියක් වත් උරලා නැහැ, මම තනිකඩයා කවදාවත් ගෑනියෙක් එක්ක සම්බන්ද කමක් පවත්වලා නැහැ, ආණ්ඩුවෙන් සතයක් නිකරුනේ අරන් නැහැ…. මෙහෙම විස්තර කරගෙන යනකොට ආතාගේ ලොකු අයියා “සිරිය මේ සාරා” සින්දුවත් කියාගෙන ගෙට ගොඩ උනා. (මට මතක නැති උනා, අමාරිස් ආතාට හිටියා ලොකු අයියා කෙනෙක්, සාදිරිස් ආතා කියලා).

අබේසුන්දර ඇහුව කවුද  මේ කියල?  “ආ! මේ අපේ ලොකු අයියානේ. ඔය එන්නේ සුස්තියක් ඇදගෙන, එයා වැඩ කරන්නේ ආණ්ඩුවේ කන්තෝරුවක, එයාට ජේස්ටේ සමත් වුනාම ආණ්ඩුවේ රස්සාවක් හම්බ උනා, ඒත් ගන්න පඩියට වැඩක් කරන්නේ නැහැ, මිනිස්සුන්ගෙන් පගා ගන්නවා, බැඳලා ළමයි අට දෙනෙක් ඉන්නවා, උන් ගැන බලන්නේ නැහැ, ගණිකා මඩම් වල කරක් ගහනවට අමතරව ගමේ ගෑනු දෙතුන් දෙනෙක් ඉන්නවා, උදේට නැගිටින්නේ අරක්කු බෝතලේ කටට අරන්, සිගරට්, බීඩි වලට අමතරව ගන්ජාත් ගහනවා, ඔය එන්නෙත් හොඳටම බීල, ගංජා ගහල, ෂුවර් එකටම ගණිකා මඩමකත් කරක් ගහලා…!”

මේක අහපු අබේසුන්දර සාදිරිස් ආතාව ඉන්ටෙවිව් කළේ නැහැ, එයා පත්තර කන්තෝරුවට ගිහින් ලොක්කට (පද්මකුමාර මහත්තයට) විස්තරේ කියුවා. අමාරිස් ආතාගේ දීර්ඝ කාලයක් ජීවත් වීමේ රහස කියන ලිපිය කවදාවත් තරුණයා පත්තරේ පළ උනේ නම් නැහැ. ඒත් එදා අමාරිස් ආතාගෙන් සාදිරිස් ආතා ගැන දැනගත් වැදගත් කරුණු ඒ දෙන්නම තමන්ගේ ජීවිතයට එක්කර ගත්ත.
(සියලු නම් ගම් මනස්කල්පිත බව සලකන්න).
Advertisements

Leave a comment

Filed under Media, Politics, Short story, Social

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s