පළමු වෙනියා හා අන්තිමයා. The first and the last


මා  පහේ පන්තියට වෙනකම් පන්තියේ වාර විභාග වලදී පන්තියේ අන්තිමයන්ගෙන් එක්කෙනෙක්. හැබැයි පහේ ශිෂ්‍යත්වයෙන් මා  ඉස්කෝලේ හිටිය හොඳටම ලකුණු ගත්ත අයෙක්. ඒකෙන්  මට කොළොඹ මහා විද්‍යාලයකට යන්න අවස්තාව  පෑදුන. ඒ වුනත්  හයේ පන්තියෙන් ඉහළටත් මට පන්තියේ මුල් වෙනියෝ දසදෙනාට එන්න කවදාවත් බැරිඋනා. ඒකට ප්‍රධාන හේතුවක් උනේ මගේ ඉංගිරිසි වල ඉතා පහල ලකුණු ප්‍රමාණය කියලා මට තේරුම් ගියේ වැඩිකල් නොගිහින්. මේක මට වෙනස් කර ගන්න කොහොමවත් බැරි උණා. 

තවත් කල් යද්දී මම වෙනියෙකුට තරඟ කරන එක අල්ලලා දැම්ම. නව වෙනි වසරේදී මම ඉංගිරිසි කාල පරිච්චේදයේ දී පන්තිය කට් කරන්න පුරුදු උනා. අපොස සාපෙ දී මම ඉංගිරිසි වලට “එස්” එකක් ගත්ත. එකත් ගත්තේ බහුවරණ ප්‍රශ්න වලට කනා ගහලා කියලයි  මට අදත් හිතෙන්නේ. ඒ දවස් වල මගේ ඉංගිරිසි දැනුම ඒ තරමටම අන්තිමයි (අදත් වෙනසක් නැහැ තමා; ඒක වෙනම කතාවක් මල්ලි) .

මගේ ඒ දුර්වලතාවය එක ඉංගිරිසි ගුරුවරයෙක්වත් අල්ලා ගත්තේ නැහැ. මටත් මගේ ඉංගිරිසි නොදැනීමට හේතුව හරියට වැටහුනේ නැහැ. පොඩි කාලයක් ඉංගිරිසි පන්තියකට ගියත් එකෙන් මට පිහිටක් නොලැබුන නිසා අල්ලලා දැම්ම. මට දැන් මතක් කරන්න පුළුවන්. අපිට ඉතා හොඳ විද්‍යා, ගණිත, බුද්ධාගම්, සෞක්‍ය, සමාජ අධ්‍යන, වාණිජ ගුරුවරුන්  හිටියා. ඒත්  හොඳ එක ඉංගිරිසි ගුරුවරයෙක් ගැන මට මතක් වෙන්නේ නැහැ.

අපොස උපෙ කරලා ගෙදර ඉන්න අතරේ මගේ ඉංගිරිසි දැනුම ටිකක් හදා ගන්න ඕනය කියලා හිතුනා. මම කලේ තුන් වන ශ්‍රේණියේ ඉඳල ඉංගිරිසි පොත් ටික තනියෙන් ඉගන ගන්න පටන් ගැනීමයි.  එතකොට මට ටික ටික තේරෙන්න ගත්තා එක, එක පාඩමේදී අපිට උගනන්න හදලා තියෙන කරුණු. මේක මට පාසල් යන විට තේරුම් නොගියේ, මුල පන්ති වලදී මට අවශ්‍ය මුලික කරුණු වැටහුනේ නැති නිසයි. මම පන්තියේ අන්තිමයෙක් නිසා කොහොමත් කව්රුත් මා ගැන වැඩි සැලකිල්ලක් දැක්කුවේ නැති වෙන්න ඇති.

හය වසරෙන් පසුව උගන්නන ගුරුවරුත් උපකල්පනය කරනවා හැම ළමයෙකුටම එකහා සමාන ඉංගිරිසි දැනුමක් තියනවා කියල. ඉතින් මන් වගේ එවුන්ට ඉංගිරිසි අන්දර දෙමල වෙනවා. අපොස සාපෙ ඉංගිරිසි ප්‍රශ්න පත්‍රයට මම විනාඩි විස්සෙන් වගේ පිළිතුරු ලියලා අවසන් කළා. මොකද මට මෙලෝ දෙයක් තේරුනේ නැති නිසා. විභාග ශාලාවේ හිටිය ගුරුතුමී මගෙන් ඇහුව ඇයි රචනාව ලියන්නේ නැත්ද කියා. මොන රචනාද? ලියන්න තිබුන මාතෘකා වත් මට තේරුනේ නැහැ.

පන්තියේ වෙනියෝ තෝරන එකේ තේරුම මොකක්ද කියා ජිවිතේ සෑහෙන කාලයක් පසු කරලා තාමත් මට  හරි අදහසක් නැහැ. විය යුත්තේ නම් ඊළඟ වාරයේ අර අන්තිමයන් වුන සිසුවන්ට විශේෂ අවධානයක් යොමු කිරීම. නමුත් වෙන්නේ ඒකෙ අනික් පැත්ත. මේ පළමු වෙනියන් කීප දෙනා තමයි ගුරුවරුන් සියලු දෙනාගේ සුරතල් සිසු සිසුවියන් වන්නේ.

අද මේ කරුණු දිහා මා බලන්නේ උපේක්ෂා සහගතව. ඒ ක්‍රමයේ පළමු වැනියන් ගෙන් සමහරෙක් අපොස සාපෙන් පසු ආගිය අතක් නැති උනත්, වෙනියා අනුව අනුරාධපුර පැත්තේ දර පලමින් ඉන්න ඕනේ මා  ඉන්න තැන නරකම නැහැ. 🙂

Advertisements

Leave a comment

Filed under Education

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s