සමබර (සමබල) ආහාර වේලක්! A balanced diet!


මා  හතර වෙනි පන්තියේදී ඉගෙන ගත් සමබර අහාර වේලක තිබිය යුතුම සංඝටක කීපයක් එකවර  කටට ගන්න කොට මෙන්න මගේ සහකාරිය කඩා පැනපි! රයිගම්, ඔයාගේ වයස අමතක වෙලාද?

අපිට උගන්නපු සෞක්‍යය පාඩමේ සමබර (පසු කාලීනව මේක සමබල කියල වෙනස් උනා) ආහාර වේලක තිබිය යුතු ප්‍රධාන සංඝටක උනේ මස්, මාළු, කිරි, බිත්තර චීස් හා  බටර්. වරහන් ඇතුලේ හැම් බේකන් කියල තිබුන මතකයි  (මා වැරදි නම් නිවැරදි කරන්න!).  අපේ දුප්පත් දෙමාපියන්ට අපට මෙච්චර (සම) බර ආහාර වේලක් දෙන්න වත් කමක් තිබුනේ නැහැ. අපි කෑවේ හබරල අල, බතල,  කරවල, හාල් මැස්සෝ, පලා, පලතුරු (බොහෝ විට වත්තේ වැවෙන) වගේ දේවල්.  ඒත් බටහිර රටක ඉන්න කොට මට පරණ සෞක්‍යය  පාඩම මතක් උනා. ඉතින් මම පාන් කෑල්ලකට බටර් ගාල, මස් කෑල්ලක් තියල ඊට උඩින්, චීස් හා හැම් පෙත්තක් තියල කටට ගන්න කොට තමා මගේ භාර්යාව එතනට එන්ටර් උනේ.

Advertisements

6 Comments

Filed under Education, Food

6 responses to “සමබර (සමබල) ආහාර වේලක්! A balanced diet!

  1. මාරයාගේ හෝරාව...

    “ආහාර වේලක තිබිය යුතු ප්‍රධාන සංඝටක උනේ මස්, මාළු, කිරි, බිත්තර චීස් හා බටර්. වරහන් ඇතුලේ හැම් බේකන් කියල තිබුන මතකය් (මා වැරදි නම් නිවැරදි කරන්න!). ”

    අපිට ආව පාඩං වල ඔහොම තිබුනේ නැහැ නෙව… එව්වයේ තිබුනේ පිෂ්ඨය..මාංශජනක ධාතු(ප්‍රෝටීන්)/ විටමින්/කනිජ ලවණ/ලිපිඩ (මේදය)/තන්තු අඩංගු ආහර කියලනේ..

    • මාරයා ඔබ හරි. අර වරහන් ඇතුලේ දැම්මේ ඔබ වැනි කෙනෙක් මේක කියෙව්වොත් කියල හිතල තමා. සංඝටක ටික නම් හරි. ඒවා ලබා ගන්න පුළුවන් මුලාශ්‍ර ලැයිස්තුව කියාගෙන යනකොට මා ලියල තියන පිළිවෙලට තමා ගියේ. මේක මා කෙලින්ම නොදැම්මේ අර ස්ටීවන් ස්පිල්බර්ග් වගේ අය, සත්‍ය කතාවකින් චිත්‍රපටියක් හදන කොට “dramatic effect ” එක ගන්න සමහර සිද්ධි වෙනස් කරනවානේ. අන්න ඒ වගේ. කොහොම උනත් මේ කතාවේ නොකී කතාව හා මට කියන්න ඕනේ උන කතාව තමා, ඒ දවස්වල (හැත්තෑ ගණන් වල) පාසල් වල කියවීම් පොත් බොහෝ වෙලාවට, ඉංගිරිසි පොත් වල ගෙඩි පිටින් පරිවර්තන. අප හත අට වසර වලට යන විට දේශීය ලේඛකයන් ලවා අධ්‍යාපන දෙපාර්තමේන්තුව/ජාතික අධ්‍යාපන ආයතනය ලංකාවට සරිලන විෂය නිර්දේශයන් හා පාඩම් පොත් සකස් කරලා තිබුනේ. කරවල, හාල් මැස්සෝ, පලා අර ලැයිස්තුවට ආවේ ඒ දවස්වල. මේක දවසින් දෙකෙන් සිදු උන දෙයක් නොවේ. සිංහල පාරිභාෂික වචන හදා ගැනීම, විෂය නිර්දේශයන් හදා ගැනීම, දේශීය ගුරුවරුන් බිහිකර ගැනීම යන අංශ වලින් සමන්විත දීර්ඝ ක්‍රියාවලියක්. විශේෂයෙන් වචන ගැන කියන කොට ඊ. ඩබ්. අදිකාරම් මහතා වැනි අය විශේෂ සේවාවක් කළා. මේවා අද අමතක කරුණු. අද සිහින මවන්නේ “අනේ සුද්දා තාමත් හිටියා නම් කියලනේ”. දයිවයේ සරදමකට අද කොළඹ “ජාත්‍යන්තර පාසල්” වල කියවීම් පොත් ඉන්දියාවේ ඒවා. උගන්වන ඉතිහාසයත් ඉන්දියාවේ.

  2. මාරයාගේ හෝරාව...

    බලං ගියාම මෙහෙ ඉන්නකං කාලා තියෙන්නේ මං කියපු සමබල ගොඩේ ආහාර..දැන් මේ කන්න සෙට් වෙලා තියෙන්නේ වෙන මොකක්ද එකක්නේ…

  3. කෑම ගැන මොකට ඔය තරන් හිතනවද මන්දා.. 🙂

    • ආහාර හා පාන යනු ජිවිතයේ අත්‍යාවශ්‍ය දේවල් නිසා, ඒවාට මගේ බ්ලොගයේ වැඩි ඉඩක් වෙන් කර තියනවා.

      • ඔබ හරි රයිගම්… අපේ ජිවිතේ අත්‍යාවශ්‍ය දේවල් වලට අපි නොහිතම වැඩි ඉඩක් වෙන් වෙනවා…:) ඒ අතින් මගේ ජිවිතේ කෑම ගැන තියන තැන ඔබ දිනක මාව දැක්කොත් ඔබට වැටහෙවී…

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s