ගිය ලූලා මහා එකා! Brain drain or human capital investment!


දියුණු වන රටවලින් දියුණු රට වලට නිපුණතා සහිත පුද්ගලයන් සංක්‍රමණය වීමේ කතාන්දරේ පැති දෙකක් තියනවා. එක පැත්තකින් බලනවිට, එය බුද්ධි ගලනයක්; පාඩුව දියුණු වෙන රටට, අනික් අතින් එය විදේශ ආයෝජනක්. උදාහරණයක් වශයෙන් ලංකාවට කරන්න පුළුවන්.

හොඳම ආයෝජනය අපේ මිනිස් සම්පත. මේක දෙවිදියකට සිදු වෙනවා; නොපුහුණු ශ්‍රමය ලෙස මැදපෙරදිගට, පුහුණු ශ්‍රමය ලෙස බටහිර රටවලට. පසුව කියපු එක ගැන තමා බොහෝවිට කතාබහ ඇති වන්නේ. නිදහස් අධ්‍යාපනයෙන්  පල ප්‍රයෝජන ලබාගෙන රට හැර යනවා කියන එක තමා බොහෝවිට පැවසෙන්නේ.  ලංකාවේ රැකියා විරහිත ජනගහන ප්‍රතිශතය ගැන අලුත් සංඛ්‍යා ලේඛන මා ගාව නැති උනත් උපාධිධාරින්ම උනත් සෑහෙන පිරිසක් රැකියා විරහිතව සිටින බව හැමෝම දන්නවා. අපේ රටේ ආර්ථික වර්ධන වේගය අනුව (මහා බැංකුවේ සංඛ්‍යා  ලේඛන ගැන චන්ද්‍රිකා යුගයෙන් පසු විශ්වාස කරන්න අමාරු උනත්), මේ සියලු රැකියා විරහිතයන්ට රැකියා අවස්ථා බිහිකරන එක සිහිනයක් විතරයි. එක අයෙක් හෝ රටෙන් පිටවෙනවා කියන්නේ තව අයෙකුට අවස්තාව  සලසාදීමක් වෙනවා. මෙහි නරක පැත්ත තමා යන එකා ඉතුරු වෙන එකාට වඩා අත්දැකීම්, නිපුණතා හා වැඩක් කරන්න පුළුවන්කම අතින් ඉහලින් ඉන්නවා වෙන්න පුළුවන්. මෙය නම් ප්‍රශ්නයක්.

 චීනය සංවිධානාත්මකව තම පුරවැසියන් පිටරට පදිංචියට යැවීම උනන්දු කරන එක ගැන විවේචනාත්මක ලිපියක් මා  ලඟදි බැලුව. ඒක ලියල තිබුනේ, චීනුන්ගේ සංක්‍රමණය නිසා දේශීය පුද්ගලයන්ට රැකියා අවස්ථා නැති වීමේ කෝණයෙන්. ඉංගිරිසි ඉගෙන ගැනීමට හා ඉගැන්වීමට  චීනයේ විශාල උනන්දුවක් තියෙනවා. ඊට අමතරව සරසවි මට්ටමෙන් චීන සරසවි, බටහිර සරසවි සමග නොයෙක් සම්බන්දතා විශාල වශයෙන් වර්ධනය කරගෙන තියනවා. චීන ආණ්ඩුවෙන් දෙන ශිෂ්‍යත්ව වලින් විතරක් නොවේ, ආණ්ඩුවෙන් පඩි ගෙවල අත්දැකීම් ලබා ගැනීම සඳහා  විශාල පිරිසක් ඕස්ට්‍රේලියා,  එංගලන්තය  හා ඇමරිකාව ආදී  රටවලට පැමිණෙනවා. ඊට අමතරව, අප්‍රිකානු මහාද්වීපයේ කෙරෙන චීන යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘති වලට සේවයට යන පිරිසගෙන් සේරම, ආපසු රටට යන්නේ නැහැ.  මේ සේරම ක්‍රියා වල අවසාන අරමුණ හැකි තරම් ප්‍රමාණයකට පිටරට රැකියා අවස්ථා උදා කර දීම වෙන්න පුළුවන්. ඉන්දියාවේ පිළිවෙතත් මිට වෙනස් නැහැ.

Advertisements

7 Comments

Filed under Careers/Employments

7 responses to “ගිය ලූලා මහා එකා! Brain drain or human capital investment!

  1. TB

    Actually why don’t you answer the question by e-news? You haven’t made much of an argument right?

    • Thanks Gehan! There are many “qualified unemployed people” in English speaking countries. That does not mean that a person like me from a country like SL cannot get a job there. For an example, for my current job, there were many applications from people whose English is their first language. In contrast, I was selected for the job although English is my second language. If lanka e-news argument was right, I did not have any chance of getting this job. However, that was not the case, because there are many other considerations in selecting a suitable candidate for a job. Further, I know by experience, if you know English, the chance you to find a job in SL is much greater. It is because, knowing English is “an extra skill” there.

      unfortunately, in this particular instance SB’s point is right. One’s employability is one thing and employments generation is another.

      • නාලක

        You may have got the job because you agreed to work for a lesser wage.

        • Hello Nalaka, life is not that simple as to take an assumption like that. I am sorry to disappoint you. If that was the case, I would have written my post differently. Negativity is a bad companionship!

  2. kathandarakaraya

    /* අර ලංකා ඊ නිව්ස් වෙබ් එකේ තිබුන හොඳ ගොන් කතාවක්. ඇමරිකාවේ, එංගලන්තේ රැකියා විරහිත ගණන් දාල කියල තිබුණ, ඉංගිරිසි දන්නා ඒ රටවල මිනිසුන්ට රස්සා නැත්නම් අපේ දරුවන්ට ඉංගිරිසි ඉගැන්නුවාම කොහොමද රැකියා අවස්ථා වැඩි වෙන්නේ කියල. මැටි හරක් කියන්නේ මේ අයටය්.
    */

    Where is the link? Perhaps you misread the article?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s