ශානක ප්‍රනාන්දු! He’s “an our man”!


හැම රටකම රූපවාහිනී වැඩ සටහන් වල ප්‍රධාන අංගයක් තමා “Reality Shows”. ඕස්ට්‍රේලියාවේ මේ දවස් වල යනවා “Master Chef” කියන සුප ශාස්ත්‍ර තරඟ වැඩ සටහන. ලංකාවෙත් මේක පෙන්නනවා මා හිතන්නේ.  ගිය සතියේ එකේ සම්භාවනීය විනිශ්චය කණ්ඩායමේ හිටියේ ටිබ්බතයේ දලයි ලාමා. සංසාරෙන් එතෙර වන්න මහන වෙලා, මේ වගේ වැඩ සටහන් වලට සම්බන්ධ  වෙන එක වෙනම කතා කල යුත්තක්. මම කියන්න යන්නේ ඒක ගැන නෙමේ.

ඒ විනිශ්චය කණ්ඩායමේ හිටියා ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානුවෙක්, ශානක ප්‍රනාන්දු. ශානක දෙදහ වසරේ මෙල්බර්න් නගරයේ ආපන ශාලාවක් දැම්ම “Lentil as Anything” කියල. මේකේ ආහාර සඳහා මිලක් නියම කර නැහැ. කන එක්කෙනා හිතන ගාන හෝ අතේ තියන ගාන දෙන්න පුළුවනි. මේක ලාභ නොලබන සමාජ ව්‍යාපෘතියක්. සමාජයේ විශේෂ වරප්‍රසාද  නැති කොටස් සඳහා ව්‍යාපෘතියක් හැටියට මෙය ආරම්භ කරලා තියෙන්නේ.

මේ වෙනුවෙන් ශානකට ඕස්ට්‍රේලියා මහා ආණ්ඩුවෙන් දෙදහස් හත අවුරුද්දේ “Local Hero” කියන සම්මානය ලැබුන. දැන් මේ වගේ ආපන ශාලා දෙකක් මෙල්බර්න් නුවර ඇති අතර, හැට දෙනෙක් පමණ ස්වේච්ඡා සේවක පිරිසක් එහි වැඩ කරනවා.

ශානක ගැන විශේෂ සඳහනක් කැන්බරා නුවර පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කෞතුකාගාරයේ තියනවා.
ශානකගේ වියාපෘතිය ගැන විස්තර දැනගන්න මෙතනට යන්න

Advertisements

Leave a comment

Filed under Careers/Employments, Food, Media, Social

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s