එස් බී ගේ හිලක් ඇති න්‍යාය හා ලංකා ඊ නිව්ස් පෙනේර තර්ක! Stupidity has no limit (No 1)


එස් බී ගේ හිලක් ඇති න්‍යාය හා ලංකා ඊ නිව්ස් පෙනේර තර්ක!
මම කලින් බ්ලොගයක සඳහන් කල පරිදි අර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ අපූරු තර්කයක් තිබුණා. මෙකය් පුවත. පසුගියදා මින්නේරියේදී එස් බී ඇමති කියලා තිබුනා මේ වසරේ සිට සරසවි වල හැකි හැම පාඨමාලාවක්ම හා හැකි හැම විෂයක්ම ඉංගිරිසි වලින් උගන්නන්න ආරම්භ කරනවා කියල. මේකට හේතුව වශයෙන් ඇමති කියල තිබුනේ, සරසවි වලින් පිටවන උපාධිධරයන්ගෙන් රැකියා නොලබන බහුතරක් දෙනා එක්කෝ සිංහලෙන් හෝ දෙමලෙන් හෝ අද්‍යාපනය ලද අය බවය්. ඉංගිරිසි දැන ගෙන තිබීම, පරිඝනක කුසලතා ලබාගැනීමේ එකම මග හැටියටත් ඇමතිවරයා කියා තිබුණා. ඇමතිවරයාගේ තර්කයේ හරය උනේ ඉංගිරිසි හොඳින් දැනගෙන තිබීමෙන් උපාධිධාරයෙකුගේ රැකියා ලබාගැනීමේ හැකියාව (employability) ඉහල යන බවය්. ලංකා ඊ නිව්ස් ලියපු ප්‍රාඥයාට අනුව ඉංගිරිසි මව් බාෂාව වන එංගලන්තයේ පරිඝනක කුසලතා සහිත උපාධිධරයන් 21020 රැකියා විරහිතය් ගියවසරේදී. වසර දෙදහස් නමයේදී සියයට 13.7 ක් වූ රැකියා විරහිත උපාධිධරයන ගණන දෙදාස් දහයේදී සියයට 16.3 දක්වා ඉහල ගිහින්. ඇමෙරිකාවේ තත්වය මීටත් දරුනුය්. සියට දහයක් ආචාර්ය උපාධි සහිත පරිඝනක ක්ෂේත්‍රයේ හා කලා ක්ෂේත්‍රයේ පිරිසකට රැකියා නැහැ. අමතක කරන්න එපා ඉංගිරිසි ඇමෙරිකාවෙත් මව් භාෂාව! තත්වය ඒක නම් කොහොමද ලංකාවේ සරසවි සිසුන් ඉංගිරිසි ඉගෙන ගෙන හා පරිඝනක කුසලතා ගත්තහම රැකියාවක් ලබාගැනීමේ සම්භාවිතාවය ඉහල යන්නේ? මෙකය් තර්කය. බැලූ බැල්මට ඇත්ත. හැබය් පුදුම මෝඩ තර්කයක්.

දියුණු රටවලත් රැකියා විරහිත උපාධි ධරයන් සිටිනවා. ලෝක ආර්ථික අර්බුදයත් (global finacial crisis) සමග මේ සංක්‍යාව සමහර දියුණු රටවල ඉහල ගිහින්. මේකට සාධක ගණනාවක් තියනවා. පසුව ඒ ගැන කතා කරන්නම්. ඇමරිකාවේ හෝ එංගලන්තයේ හෝ ඉංගිරිසි දැන තිබීම වරප්‍රසාදයක් හෝ විශේෂ කුසලතාවයක් නොවේ. දර පලන එකාත් පාර අතුගාන එකාත් ඉංගිරිසි දන්නවා (බොහෝ විට!). කොහොමහරි එංගලන්තයේ හෝ ඇමරිකාවේ උපාධියක් ගැනීමට හොඳ ඉංගිරිසි දැන ගෙන තිබීම අවශ්‍ය බවට තර්කයක් නැහැ. හැබය් එකේක රටවල රැකියා ජනනය වන විධි වෙනස්. ඉතින් ඉන්දියාවේ රැකියා අවස්ථා හා ලංකාවේ රැකියා අවස්ථා සංසන්දනය කරන්න බැහැ. අනික් කරුණ තමා ජර්මනියේදී ජර්මන් දැන ගෙන තිබීම විශේෂ සුදුසුකමක් නොව්නත් ඔස්ට්‍රලියාවේ ඒක විශේෂ සුදුසුකමක්.

ලංකාවේ ඉංගිරිසි ඉගෙන ගැනීමට සම අවස්ථා නැහැ. මේක නිසා ඉංගිරිසි දන්නා එකා වරප්‍රසාද ලාභියෙක් වෙනවා. උපාධියක් තිබුනත් ඉංගිරිසි නොදන්නා නිසා සමහර රැකියා ඉස්කෝලෙන් පිටවන ඉංගිරිසි දන්නා එකාට හිමිවන්නේ මේ තත්වය තුලය්. ඉංගිරිසි ඉගැන්වීමෙන් රැකියා සුලභ කළ නොහැකි උනත්, ඒ තුලින් තියන රැකියා ලබාගැනීමේ හැකියාව ඉහල දැමීමට පුළුවන් වන්නේ මේ සන්ධර්භය ඇතුලේ. අනික් කරුණ ඕනෑම රටක උපාධියක් සමග පරිගණක හෝ වෙන කුසලතාවයක් තිබීමත් රැකියා ලබාගැනීමේ අවස්තාව වැඩි වීමට හේතුවක්. ඉතිහාසය හෝ දර්ශනය හදාළ කෙනෙක්, කොම්පුටර් වැඩත් දන්නවා නම් ඒක රැකියාවක් ලබාගන්න උදව් වෙන්න පුළුවන්. කෘෂිකර්මය ඉගෙන ගත්ත කෙනා, දත්ත විශ්ලේෂණය දැනගෙන තිබීම රැකියාවක් ලබාගැනීමට ඇති අවස්තාව වැඩි කිරීමට හේතුවක්. මේවා අර ලංකා ඊ නිව්ස් පුවත පළ කළ කෙනත් දන්නවා. මේ ගොල්ලන්ට ඕනේ කාට හරි පහර ගහන්නය්. එස් බී ගේ නොයෙක් වැරදි තියෙන්න පුළුවන්. හැබය් මේ අවස්ථාවේදී ඔහු කියපු කරුණ සියයට සීයක් නිවරදිය්.

දැන් ලංකාවේ ඇති ජාත්‍යන්තර පාසල් සංක්‍යාව දෙස බලන කොට ඉදිරියේදී ඉංගිරිසි දන්නා හා නොදන්නා අය අතර තරගය තවත් වැඩි වේවි. මා මිට වසර දහයකට පමණ පෙර සේවය කළ ආයතනයේ ව්‍යාපෘති නිලධාරීන් කීප දෙනෙක් සඳහා තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණ කණ්ඩායමේ හිටියා. සියයක් පමණ ඉල්ලුම්පත් වලින් තිස් දෙනෙක් පමණ උපාධිධාරීන් කැඳෙව්වා. විදේශිකයන් සමග වැඩ කලයුතු නිසා ටිකක් හොඳ ඉංගිරිසි දැන ගෙන තිබීම අනිවාර්ය උනා. දවස් තුනක් සම්මුඛ පරීක්ෂණ කලත් ගැලපෙන කීප දෙනෙක් තියා එක් අයෙක් අපට හොයා ගන්න බැරි උනා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉංගිරිසි දන්න සුදුසුකම් තියන රස්සා නැති සුද්දෝ කොච්චර මේ රට වල හිටියත්, අපේ රටවලින් එන අයත් රස්සාවල් කරනවා. රැකියාවක් ලබාගැනීමේදී බොහෝ සාධක බලපාන බව මේකෙනුත් පේනවා.

Advertisements

8 Comments

Filed under Careers/Employments, Media, Politics

8 responses to “එස් බී ගේ හිලක් ඇති න්‍යාය හා ලංකා ඊ නිව්ස් පෙනේර තර්ක! Stupidity has no limit (No 1)

  1. සහතික ඇත්ත….. 100% ක් එකගයි…..

    • ධරණ ඔබට ඉස්තුතිය්. ලංකාවේ තියන දෙන්නම් බැටේ විචාර හා විවේචන කලාව නිසා සිදුවන යහපතට වඩා අයහපත වැඩිය්. එස් බී ගේ නායකත්ව පුහුණු වැඩ සටහන පුස්සක් විතරක් නෙමේ එක සිසුන්ට මාරු කැඳවන එකක් බවට පත්වෙලා. එහෙම උනත් හැම දේම චාරයක් නැතුව විවේචනේ කරන නිසා එම වැඩ සටහන ගැන කරපු විවේචන කව්රුවත් ගණන් ගත්තේ නැහැ. මගේ බ්ලොග් එකට පාදක උනෙත් එහෙම විවේචනයක්!

      • ම්… පුස්සක් කියලනම් කියන්න බැහැ.. මොකද මමත් ඔය පුහුණුවට ගියපු කෙනෙක්..අපි යනකොට එස් බී ට බැණ බැණ ගියාට පුහුණුවෙදි තමයි තේරුණේ ඒකෙ තියෙන වටිනාකම. දේශපාලනය ගැන 0 ක් වත් ඉගැන්නුවෙ නෑ අපි හිතුව වගේ.සති 3ක් හොදටම වැඩියි කියල SB ට බැණ බැණ හිටපු මම වගේ තව ගොඩක් දෙනා අවසාන දවසෙ කිව්වෙ සති 3ක නෙමෙයි මාස 3ක් තිබුනනම් වැඩිය හොදයි කියල. කදවුරේ සිටිය කාලය අපට කවදාවත් අමතක නොවෙන සුන්දර කාලයක්…

        • ධරණ, මා ඔය පුහුණුවට ගිය කෙනෙක් නොවන නිසා ඔබ කියන දේ යම් දුරකට පිළිගන්න වෙනවා. හැබය්, සති තුනෙන් අපේ දරුවන්ගේ ඇඟ පත හදල ගන්න පුළුවන් කියල හිතන එක විහිළුවක්. මා කියෙව්වා එක දරුවෙක් මිය ගියා කියල. ඒක හරිම අවාසනා වන්තය්. දෙමාපියෝ දරුවෙක් උස මහත් කරලා සරසවි එවන්නේ දහසක් බලා පොරොත්තු මැද්දේ. ජීවිතයක වටිනාකම කාටවත් මිල කරන්න බැහැ.

  2. රයිගම මහතාගෙ කතාවට මම එකඟ නෑ. මේ නායකත්ව පුහුණුව ගැන කියපු එකට. අර ළමයා මැරිල තියෙන්නෙ දූවිලි ප්‍රශ්නයක් නිසා කියලයි වාර්තාවල දැක්කෙ. අනික ඒ වැඩ සටහන තියෙන්නෙ ඇඟ හදන්ඩ කියන එකනම් කාරණා නොදැන කළ එකක්. පහුගිය කාලෙ පුරා කියවන්ඩ ලැබුණු දේවලින් අපි තේරුම් ගත්තෙ ඒක පෞරුෂය වර්ධනය කරන්ඩ කරන එකක් කියලයි.

    • ඔබට ඉස්තුති. මාත් ඔබ කියපු දේ දැක්ක. ඇයට පොඩි කාලේ ඉඳන්ම ආසාත්මික තාවයක් තිබුන කියලය් මාත් දැක්කේ. මෙම වැඩසටහන සම්පුර්ණයෙන්ම අතුගා දාන්න ඕනේ කියලා මාත් හිතන්නේ නැහැ. සරීර සරඹ කිරීමේදී එක එක පුද්ගලයාගේ විශේෂ අවශ්‍යතා වලට කන් දෙන්න හා ගරු කරාන ඕනේ. සරසවි වලින් පිට වන උපාධි ධරයන් බහුතරක් (ගැහැණු පිරිමි දෙපක්ෂයම 75% පමණ – 2004 වසරේ කළ සමීක්ෂණයකට අනුව) හිතන්නේ ඒ අයට රජය මගින් රැකියා දිය යුතුය කියලා. මේ වැඩ සටහන පොව්රුෂය වර්ධනයට අමතරව විශේෂයෙන් ආකල්ප දියුණු කරන්න අවධානය යොමු කරනවා නම් එක සිසුන්ට ගොඩක් ප්‍රයෝජන වේවි. කව්රු මොනවා කිවත් ඉගෙනුම අවසානයේදී රැකියාවල් ලබා ගැනීමට පුළුවන් වෙන්න ඕනේ. සහතිකය බල බල සතුටු වෙන්න විතරක් හෝ ලබා ගත්ත දැනුම ගැන ආඩම්බර වෙවී ඉන්න විතරක් හෝ අප ඉගෙන ගන්නවා කියන්න බැහැ.

      අන්තරේ දෙන්නම් බැටේ විවේචන නිසා මෙවැනි වැඩ සටහන් ධනාත්මක ලෙස වර්ධනය කර ගැනීමේ අවස්තාව නැතුව යනවා. මේ අය ඊයේ පෙරේද අර සරසවි සිසුන්ට හදපු කොම්පුටර පුහුණු වැඩ සටහන පතුරු ගහල තිබුන. ඒක සම්පුර්ණයෙන්ම අසාර්තකලු. ඒ අය කියපු ඒක හේතුවක් තමා ප්‍රමාණාත්මක සිසු සහභාගිත්වක් නොතිබීම. කාගේද වරද?

  3. දේශපාලුවෝ හදන්නේ රැකියා හිඟයට හේතුව නැවත ජනතාව පිටම පටවන්නයි. රැකියා අවස්ථා සෑදෙන පරිදි ආරථිකය උත්තේජනය කරන්න මුං දන්නේ නෑ. ඊ-නිවුස් ලිපිේ‍රන් පෙන්වා දී ඇත්තේ එයයි.

    එස්බී (2011) කළ කතාව වැනි කතා මං අහලා තියෙනවා 1992 දී පවා.

    ඊට අමතරව 2010 දී පලවී ඇති මේ ලිපියේ මුල කොටසත් බලන්න.
    http://sannasa.sinhalajukebox.org/2010/Aug/2010Aug_page37.pdf

    !

    • කකා, මේ ලිපියෙන් පෙන්වාදෙන සමහර කරුණු ගැනත් මා ඉහත සටහනෙහි කතා කරලා තියනවා. ඉංගිරිසි දැන ගත්ත පමණින් රැකියා සුලභ වෙනවායි මා කියන්නේ නැහැ. ඉංගිරිසි පමණක් නොවේ හැම කුසලතාවයක්ම කවදා හෝ වටිනවා. මා රුසියානු භාෂාව දැන සිටීම සමහර අවස්තා වල ප්‍රයෝජනවත් වී තියනවා. දේශපාලුවන් ගැන ඔබ කියන දෙයට මා සම්පුර්ණයෙන් එකඟයි. නමුත් හැම දෙයක් ගැනම දෙන්නම් බැටේ විචාරයෙන් දීලත්, අයහපත් පැත්තම පෙන්නලා දීමත් හොඳ දෙයක් නොවේ.ඔබත් දන්නා පරිදි මෙහෙ ඕස්ට්‍රේලියාවේ, ඉංගිරිසි ඉතා අඩුවෙන් භාවිතා කරන සමහර සංක්‍රමණිකයන් ඉතා ඉහල රැකියා කරන අවස්ථා මට හමුවෙලා තියනවා. ඒ වගේම ඊට වඩා ඉංගිරිසි දන්නා අය කම්කරු රැකියා කරනවා (ඉහල සහතිකද සහිතව). මා මීට කලින් ලියල තියනවා, අපොස සාපෙ නිම කරන විට මගේ ඉංගිරිසි දැනුම 0 ට කිට්ටුයි (තාමත් එහෙම තමා).රුසියාවේ ගත කළ දීර්ඝ කාලය තුල අපේ ඉංගිරිසි දැනුම (කඩුව) තවත් මලකඩ කෑවා. එස් බී ගේ කතාව ගොන්ම කතාවක් නොවේ කියලා ලියන්න මටත් හේතු තියනවා. ලංකා ඊ නිව්ස් වල උත්ප්‍රාස රසය ගැන මගේ මතය වෙනස්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s