Monthly Archives: August 2011

සාක්කු පුරවා ගන්නා භීෂණ දේශපාලනේ අවසන්! The end of the nepotism and corruption


චන්ද්‍රිකා මැතිනිය තිස්ස තුමාගේ ස්වයං චරිතාපදානය එලි දක්වන දවසේ කරලා තිබුන කතාව වෙබ් අඩවි වල දාලා තිබුනා. මේකට මිනිස්සු ඉතා කේන්තියෙන් ප්‍රතිචාර දක්වලා තිබුනා. බහුතරයකගේ අදහස උනේ එතුමිය තමන් බලයේ ඉඳපු කාලේ මහජන මුදල් යටි මඩි ගහගෙන දැන් බන කියනවා කියලා. මගෙත් අදහස ඒකම තමයි. මමත් චන්ද්‍රිකා මැතිනියගේ අම්මට නම් චන්දය පාවිච්චි කරලා තියනවා. නමුත් එතුමියට හෝ එතුමියගේ රජයක් පත් කරන්න නම් කවදාවත් චන්දය පාවිච්චි කර නැහැ. අප කව්රුත් වැරදි කරනවා. ඒ උනා කියල පසු කලෙක මිනිහෙකුට (හෝ ගැහැනියකට) හොඳ වෙන්න බැරිද? එතුමියත් දැන් හොඳ කෙනෙකු වෙලාද?

චන්ද්‍රිකා මැතිනියගේ කාලේ විතරක් නෙමේ ටික කලක් බලයේ හිටපු රනිල් තුමාගේ කාලෙත් රාජ්‍ය දේපල කොල්ල කෑම අද වගේම ගජරාමෙට සිදු උනා. සමහරු කියනවානේ රනිල් තුමා හොරකම් කරලා නැහැ කියලා. තමන් කලත් එකයි තමන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ට කර ගන්න ඉඩ දුන්නත් එකයි. සතොස, රක්ෂණ සංස්ථාව වැනි ආයතන කෑව හැටි අමතක වෙන්න තව ටික කලක් යාවි. මේ දෙන්නම පසුගිය කාලේදී සිදු කළ දේ ගැන කනගාටු වීමක් හෝ අනාගතයේදී වෙනස් අයුරකින් කටයුතු කරනවා කියල කොතනකවත් කියා නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ විතරයි ගජ මිතුරු ප්‍රජාතන්ත්‍ර වාදයට හා මහජන දේපොළ මංකොල්ල කෑමට එරෙහිව පෙනීසිටින එකම ප්‍රධාන පක්ෂය. ඔය කියන සමාජ වාදේ, භීෂණ සමයේ ක්‍රියාකාරකම් හා ජවිපෙ කරන සරසවි දේශපාලනේ ගැන මගේ සතුටක් නැති උනත් මන් ජනතා විමුක්ති පෙරමුණට කතිරේ ගැහුවේ අර කියපු කරුණ නිසා. එක නෙමෙයි කාරණය. අදත් චන්ද්‍රිකා මැතිනිය යුඑන්පී එකෙන් ඉල්ලුවොත් මහින්ද තුමාට අමරුවෙයි දිනන්න. මට හිතා ගන්න බැරි අර කොමෙන්ටු දාන මිනිස්සුන්ට චන්ද කාලේදී වෙන්නේ මොකක්ද?

Leave a comment

Filed under Politics