පණ අදින විද්‍යාව! The end of (“Western”) Science!


මේ දිනවල ලෝකයේම අලුත්ම විලාසිතාව වී ඇත්තේ නුතන විද්‍යාවට ගරහන එකය්. මේ කර්තව්‍යට නොයෙක් දෙනා දායක වෙනවා. බොහෝ දෙනෙකුට විද්‍යා ඉගෙනීමක් නැහැ. උදාහරණයක් වශයෙන්, ඇමෙරිකාවේ ජනප්‍රිය රේඩියෝ නිවේදකයෙකු සහ දේශපාලන විචාරකයෙකු ( radio host and political commentator) වන රෂ් ලිම්බෝ (Rush Limbaugh) අසන්නන්ට පැවසුවේ “අද විද්‍යාව කියන්නේ අසරණ විද්‍යාඥයන්ගේ හා කොමුයුනිස්ට් කාරයන්ගේ නිවහනක” කියලා. අකාලේ පාසල් හැර ගිය අයෙක් උනත් මේ යකා ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසියයක ගිවිසුමකට එළඹෙන්න සමත් වෙනවා. ඕස්ට්‍රේලියාවෙත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ. බොහෝ රුපවාහිනී සහ රේඩියෝ වැඩසහන් වල විද්‍යාව හා විද්‍යාඥයන් සමච්චලයට භාජනය කරනවා. ලංකාවේ වගේ තමය්, සමහර දේශපාලඥයන් ද මේ ගොඩට වැටෙනවා. ඇස් පනාපිට ඔප්පු කරපු දේවල් මේ මෝඩයෝ ප්‍රතික්ෂේප කරන්නේ කිසිම හිරිකිතයක් නැතුව. මොකක්ද මේ ගොල්ලන්ගේ අරමුණ? විවිධ මූණු ඔස්සේ ජනතාව අතරට ආවත් මේවයේ පිටිපස්සේ ඉන්න අය හඳුනා ගන්න අමාරු නැහැ. මුලික අරමුණ තමය් විද්යාත්මක මුලධර්ම අනුව පදනම් උන ආණ්ඩු මැදිහත්වීම් හා අණ පනත් වලට විරුද්ධ වීම. නොයෙක් වෙළඳ අරමුණු ඇති කණ්ඩායම් හා ඔවුන් පෝෂණය කරන බුද්ධි ගවේෂණ ආයතන හා කණ්ඩායම් (think tanks) තමා මේ විද්‍යා විරෝධී මතවාද වල පිටිපස්සේ ඉන්නේ. උදාහරණයක් වශයෙන්, දැන් ටික කලක ඉඳලා, පෘථිවි උෂ්ණත්වය ඉහල යාම හා ඒ හා බැඳුනු මිනිස් ක්‍රියාකාරකම් ගැන සංවාදයක් පවතිනවා. ක්‍රේෂ්තරයේ ප්‍රවීන විද්‍යාඥයන් බහුතරයකගේ අදහස දැනට ඇති දත්ත වලට අනුව පෘථිවියේ උෂ්ණත්වය ඉහල යාම හා මිනිස් ක්‍රියාකාරකම් අතර සමීප සම්බන්දයක් ඇති බවය්. මේකත් අර කලින් කියපු කට්ටිය සමච්චලයට භාජනය කරන එක් කරුණක්. මිනිසුන් නිපදවන හරිතාගාර වායු අඩු කරන්න නම් නොයෙක් නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා සීමා පනවන්න ආණ්ඩු වලට සිදු වෙනවා. මේකෙන් දැනට කෝටි ප්‍රකෝටි ගණනින් ලාභ උපදවන බොහෝ බහුජාතික සමාගම් වල ලාභය පහල බහිනවා. මේ කට්ටිය අර කියපු බුද්ධි ගවේෂණ කණ්ඩායම් හරහා තමන්ට ඕනේ මතවාදය වපුරන්න කෝටි ගණන් ආයෝජනය කරනවා. මේ ගාණ අර නීති ගෙනාවොත් පාඩු වෙන ගානෙන් සොච්චමක් විතරය්. මේ කට්ටියම තමා අනූව දශකයේ අග බාගයේ හා දෙදහස මුල බාගයේ මුදල් වියදම් කළේ, සමලිංගික ක්‍රියාකාරකම් සමාජයේ ඉස්තාපනය කිරීමට හා ඊට නීතිමය ඉඩකඩ ලබාදීමට. සමලිංගික පවුල් වලට දරුවෝ නැහැනේ! ඉතින් රැකියාවට මුල් තැන ලැබෙනවා. දරුවන් ඉස්කෝල දැමිලි, ලෙඩ උනහම නිවාඩු දැමිලි මේ කට්ටියට නැහැ කියල තමය් මේ කට්ටිය හිතුවේ. දය්වයේ සරදමකට වගේ, අද සම ලිංගික පවුල් වලටත් දරුවෝ ඉන්නවා!
මේකට එකතු කරන්න ඕනේ අනික් කරුණ තමා, සමහර බටහිර රටවල දේශපාලඥයන් ගේ අදහස තමා, ඉන්දියාව හා චීනය තමන්ගේ හරිතාගාර වායු නිෂ්පාදනය අඩු කරන්න කැමති නොවන තුරු බටහිර රටවල් ඒ ගැන ක්‍රියාමාර්ගයක් නොගත යුතු බව. ඇත්ත කරුණ නම්, ඉන්දියාවේ හා චීනයේ හරිතාගාර වායු විමෝචනය වැඩි වීමට පටන් ගත්තේ අද ඊයේ. මේ රටවල් දෙකේම බහුතර ජනතාවකට, බටහිර රටක අන්තිම දුප්පතෙකුට සරිලන ජිවන තත්ත්වයක් නැහැ. මේ රටවල සංවර්දනය ටිකක් නැගල යන්න පටන් ගත්තා විතරය්. මේකට තිත තියන්න කියලා බටහිර රටවල් කියන්නේ ඒ රටවල ජනතාව අද විඳින සැප දශමයකින් හෝ අඩු කර ගන්න කැමති නොවන තත්ත්වයක් තුල. ඕස්ට්‍රේලියාවේ සීයට පනහකට වැඩි පිරිසක් විශ්වාස කරනවා පෘථිවියේ උෂ්ණත්වය ඉහල යාමට මිනිස් ක්‍රියා කාරකම් හේතු වෙනවා කියලා, ඒත් තමන්ගේ ආදායම සතියට ඩොලර් පහකින් හෝ අඩු කර ගන්න කැමති ගණන අර සියයට පනහට වඩා ගොඩක් අඩුය්!
විද්‍යාව හා අනෙකුත් විශ්වාශ හා මත වාද අතර මුලික වෙනසට හේතුව තමා විද්‍යාවෙන් ඔප්පු කරන දෙයක් ඕනෑම කෙනෙකුට සත්‍යක්ද නැත්ද කියල හොයන්න පුළුවන් අදාළ පරීක්ෂණ මුල ධර්ම අනුගමනය කිරීමෙන්. පූර්ව හෝ පශ්චාත් උපාධියකට උනත් විද්‍යාත්මක නිබන්ධනයක් රචනය කිරීම ලෙහෙසි නැහැ. ඒත් ලෝකයේ විශාලම නිබන්දනය (බය්බලය) රචනය කල දෙවියන්ට ලෝකයේ කිසිම සරසවියකින් තනතුරක් ගන්න හැකි නොවුනේ මොකද කියල දැන ගන්න ඕනේ නම් මගේ ඊළඟ බ්ලොගය කියවන්න.

Advertisements

Leave a comment

Filed under General

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s