රුවන්වැල්ලේ සෝභිත හෙවත් අපේ කාලේ විව්‍යසායකයා! Or pot calling the kettle black!


මේ ඊයේ පෙරේද අර නෙත් එෆ් එම් ගුවන් විදුලියේ නරි නාටක වැඩ සටහන ගැන හඬ පටියකට මාත් සවන් දුන්නා. මේ වැඩ සටහන කරපු දෙන්නා තලු මර මර අර සෝභිත මහත්තයාට බැට දුන්නා. අප පුංචි කාලෙත් සෝභිත මහත්තයා වගේ “හාමුදුරුවන්” පත්තර වල දැන්වීම් ඕනේ තරම් පළ කළා. මට තාම මතකය් අර “කවීශ්වර තිස්ස” ගේ සුරා සූදු  අතහැර කියන දැන්වීම. මේවා පළ කරන්නේ මොකද? මෙම දැන්වීම් වලින් ප්‍රචාරය කරන “සේවා” සඳහා ලොකු ඉල්ලුමක් රටේ තියනවා; එදත් තිබුණා, අදත් තියනවා, හෙටත් තියේවි!

මගේ කතන්දරේ එක නෙමෙයි. අර කියපු ගුවන් විදුලි වැඩ සටහනට කාන්තාවක් කතා කළා. ඇයත් සෝභිතගේ සේවා ලබා ගන්න ගිය කෙනෙක්. පළමු දවසේ ඇයට සෝභිත නොහොබිනා දෙයක් කරළා. ඇයත් වැඩේ අතහැර නැහැ. දෙවෙනි දවසේ ගිහින් තියෙන්නේ ඇයගේ තරුණ ලේලිය සමගින්! වැඩ සටහන කරපු අය ඒ ගැන වචනයක් වත් ඇගෙන් ඇහුවේ නැහැ.

මේ නරි නාටක වැඩ සටහන කරන දෙන්නා මිට කලින් කරපු ජුගුප්ප්සා ජනක වැඩ සටහනක මුල් කොටසට මමත් සවන් දුන්නා (ඉවර නොකළේ එහි තිබුණ ජරා ගතිය නිසා). එයට විෂය වෙලා තිබුනේ වශී ගුරුකම්. මේ මහත්තුරුන්  මොකද කොළේ. පත්තරේක දැන්වීමක් දාලා, එයට ප්‍රතිචාර දැක්වූ මිනිස්සුන්ව උපහාසයට භාජනය කළා.

අර පත්තර වල දැන්වීම් දාන වශී ගුරුකම් අයියලාගේ වැඩ වලට වඩා මේ මහත්තයලගේ වැඩ අසික්කිතයි. කෙනෙකුගේ විශ්වාශ වලට හිනාවෙන්න (ප්‍රසිද්ධ මාධ්‍යකින්) තව කෙනෙකුට තියන අයිතිය විවාදාත්මකයි. ඊටත් වඩා කෙනෙකුගේ පුද්ගලික කතාබහක් පටිගත කරළා ලෝකයාටම අසන්න සැලැස්වීම නින්දිතයි. අපේ රටේ මේ ගැන නීති නැති හින්ද හෝ තියන නීති ක්‍රියාත්මක නොවන හින්දා මෙයාලට කල්ල මරේ.

අප කව්රුත් නොයෙක් දේ ගැන විශ්වාශ කරනවා. නාථ දෙය්යෝ ගැන, පින් පව් ගැන, කේන්දර, නැකත්, පලාපල, ලෝකය මැව්ව එක ගැන ආදී වශයෙන් මේ ලැයිස්තුව දිග එකක්. මා මේ කිසිවක් කෙරෙහි විස්වාසයක් නැහැ. මේ කිසි දෙයක් ඇත්තද බොරුද කියන්න අප කව්රුත් දන්නේ නැහැ. මෙවැනි දේවල් සමාජයෙන් පිටු දකින්න වැඩ කිරීම හොඳ දෙයක් කියා මා පෞද්ගලිකව හිතනවා. එහිදී අප ආමන්ත්‍රණය කරන්නේ ඕනේ, ඒ අදහන ජනතාවට. එය කළ හැක්කේ ඔවුන් ගැරහීමට භාජනය කිරීමෙන් නොවේ.

අර වැඩ සටහන කරපු බාස්ලටත් මේ වගේ විශ්වාස ඕනේ තරම් ඇති. ඒත් ජිවත් වෙන්නත් මොනවහරි කරන්න ඕනනේ! අනික් කරුණ තමා මේ අය වචනයක් කියන්නේ නැහැ “ප්‍රභූ” කට්ටිය මේ වගේ විශ්වාශ මීටත් හොඳින් පිළිපදින කොට. උදාහරණයකට, ලංකාවේ බහුතර ජන නායකයන්ට තමන්ගේ රටේ චන්ද දායකයන්ට වඩා ඉන්දියාවේ “ඉරිසිවරු” විශ්වාසයි.

ප. ලි.
සෝභිත මොනවා උනත් අවංක මිනිහා. හාමුදුරුවෝ කියන්නේ නිකම් වෙළඳ නාමයක් විතරයි. මහත්තයා කියල කතා කලත් තරහක් ගන්නේ නැහැ. අනික් එක තමා අද ලෝකයේ තියන මහජන සම්බන්දතා වල ඇති වටිනාකම ගැන හොඳ අවබෝධයක් තියනවා. බටහිර රටක උනත් පිළිගැනීමේ නිළධාරිණියක් බඳවා ගන්න කොට ඇහැට කනට පේන්න ඉන්න එක ලොකු වාසියක් වෙනවා. වෙනස තියෙන්නේ දුරකතනයෙන් කෙරෙන මූලික පරීක්ෂණයේදී ඒ ගැන අමු අමුවේ අහන්නේ නැහැ (සෝභිත කළා වගේ). සම්මුඛ පරීක්ෂණයකදී නිරීක්ෂණය කරනවා විතරයි.

Advertisements

4 Comments

Filed under Politics

4 responses to “රුවන්වැල්ලේ සෝභිත හෙවත් අපේ කාලේ විව්‍යසායකයා! Or pot calling the kettle black!

  1. මම

    Dan mokakda Apita Karanna kiyannne????

    • මා කරන්න මොකුත් යෝජනා කළේ නැහැ. එය ඔබට අයිති දෙයක්. අනුන්ගේ විශ්වාස වලට හිනා වීමේදී හා ප්‍රසිද්ධ මාධ්‍ය බාවිතා කිරීමේදී අප බොහෝ දේවල් අමතක කරන එකය් මා කියුවේ!

  2. sagara

    Well said.

  3. chami

    sobithaya ela buwa…..this is the trend of the country under chinthanaya…
    poor soul sobitha trapped…

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s