සැපසේ දුක් විඳීම නොහොත් දුකසේ සැප විඳීම. To learn or not to learn (That’s out of the question)?


ලංකාවෙන් ඇවිත් මෙහෙ (ඕස්ට්‍රේලියාවේ) ඉගෙන ගන්න අපේ යාලුවෙකුගේ ඥාති පුතෙක් දවසක් මා එක්ක කෙඳිරි ගෑවා යන වියදම් ගැන. දේශීය ශිෂ්‍යයන්ට  ගෙවන්නට ඕනේ ගාණ, විදේශිය සිසුන්ට ගෙවන්නට ඕනේ සරසවි ගාස්තු වලට වඩා ගොඩක් අඩු වීම ගැනත් ඔහු කතා කළේ තරහෙන්. ඕස්ට්‍රේලියාවේ සරසවි නඩත්තු වන්නේ මහා ආණ්ඩුවෙන් හා සරසවි තනිවම හොයා ගන්නා අරමුදල් වලින්. විදෙස් සිසුන් සඳහා අධ්‍යාපනය  විකිණීම ඕස්ට්‍රේලියාවේ තෙවන විදේශ විනිමය උපයන අංශයයි. මෙය ඩොලර් බිලියන පහළොවක් විස්සක් පමණ වටිනවා . අනික් අතට සරසවි ප්‍රධාන වශයෙන් නඩත්තු වන්නේ ජනතාවගේ බදු මුදල් වලින්. මං අර මිත්‍රයාගේ ඥාති පුත්‍රයාට මතක් කළා අප ගෙවන බදු වල විස්තර. 

කොහොම හරි පළමු වාරයට හෝ පළමු අවුරුද්දට  මුදල් බැඳලා ආවත් මෙහේ සරසවියක හෝ තාක්ෂණ විද්‍යාලයක පාඨමාලාවක් අවසන් කරන්න විශාල මුදලක් ඕනේ. ඊට අමතරව කන්න බොන්නත් විශේෂයෙන් නවාතැන් සඳහාත් සල්ලි කන්දරාවක් ඕනේ. අම්ම තාත්ත දේශපාලනේ නොකරනවානම් මේ මුදල හොයා දෙන්න මෙහේ දරුවන් එවන ගොඩක් දෙමාපියන්ට හැකියාවක් නැහැ. ඉතින් ආවාට (හඳේ තියන ඒවා නොවේ; පැමිණියාට) පස්සේ කුමන හෝ රස්සාවක් කරලා මුදල් හොයා ගන්න වෙනවා. හරි නම් සරසවියක ඉගෙන ගන්න කෙනෙකුට වැඩ කරන්න අවසර තියෙන්නේ සතියට පැය විස්සක් උනත් දියුණු වන අපේ රටවලින් එන දරුවන් සරසවි යන්නේ පැය විස්සයි, අනික් හැම වෙලාවෙම දිවා රෑ නොතකා වැඩ කරනවා. නැත්නම් ගැට ගහ ගන්න අමාරුයි. සිසුන්ට කරන්න පුළුවන් රැකියා වලට ගෙවන ගාණත් අඩුයි. අනික සේවා යෝජකයනුත් සිසුන්ව ( විශේෂයෙන් විදේශික) ගසා කනවා. මොකද ඔවුන් දන්නවා සිසුන්ට වෙන කරන්න දෙයකුත් නැතිය කියල. ආණ්ඩුවත් දන්නවා සිසුන් සතියට පැය විස්සට වඩා වැඩිය වැඩ කරනවා කියලා. නමුත් ආපන ශාලා එහෙම පවත්වාගෙන යන්න බැහැ, මේ අඩු වැටුප් ශ්‍රමිකයෝ නැතුව. කාලෙන් කාලෙට ඇල්ලුවත් මේක අන්‍යෝන්‍ය වාසි තියන සම්බන්දතාවයක්.

ඕස්ට්‍රේලියාවේ ප්‍රථමික හා ද්විතිය අධ්‍යාපනය අනිවාර්ය හා නිදහස් උනත් තෘතිය අධ්‍යාපනය එසේ නොවේ. ශිෂ්‍යත්ව  ලබන ටික දෙනා ඇරුනහම අනික් සේරම ඉගෙන ගන්න දෙන්නම් කාසි වලට. රස්සාවක් හම්බු උනහම මුදල් ගෙවීමේ මහා ආණ්ඩුවේ ණය ක්‍රමයකට. මෑතදී ඕස්ට්‍රේලියාවේ කරපු සමීක්ෂණයක අනුව වැඩිම ප්‍රතිලාභයක් ගෙනදෙන ආයෝජනය තමා වැඩිදුර අධ්‍යාපනය සඳහා මුදල් යෙදවීම. කොටස් වෙළඳ පොලේ ආයෝජනයටත්
වැඩි ප්‍රතිලාභයක් එකෙන් ලැබෙන බව එම සමිෂණයෙන් කිය උනා.

මේ වැල් වටාරම් ලියුවේ, අපේ ශ්‍රී ලංකාවේ සරසවියකට තේරෙන අය ගොඩක් අවාසනාවන්ත නොවන බව මතක් කර දෙන්නයි. ආර්ථික අපහසුතා, නේවාසික ප්‍රශ්න කොච්චර තිබුනත්, බටහිර රටක ඇවිත් රස්සා කරන ගමන් ඉගෙන ගන්න තම සහෝදර සිසුන් විඳින තරම් දුක් ඒ අය විඳිනවා කියල මා නම් හිතන්නේ නැහැ. ඇඟ මහන්සි වෙන රස්සාවක් කරන ගමන් තරඟකාරී වටපිටාවක් තුල ඉගෙන ගන්න එක ලෙහෙසි නැහැ. ජනතාවට කන්න නැති උනත් න්‍යෂ්ටික ආයුධ හදන්න දඟලන උතුරු කොරියානු පන්නයේ “සමාජවාදී” රටාවක් බිහිකරන්න අවුරුදු තුනක් හතරක් වළි කනවට වඩා හොඳයි  ඒ කාලය ප්‍රයෝජනවත් විදියට ආයෝජනය කරනවා නම්. නැත්නම් අවුරුදු හතලිහ පනින කොට මේක තේරෙන්න පටන් ගන්න කොට කරත්තේ ගිහින් ඉවරයි.

Advertisements

2 Comments

Filed under Education

2 responses to “සැපසේ දුක් විඳීම නොහොත් දුකසේ සැප විඳීම. To learn or not to learn (That’s out of the question)?

  1. කෑම්පස් ගිය උන්ටත් job නෑතුව ඉන්න රටේ ඉගනගන්න කොල්ලන්ට කරන්න job cකොහෙන්ද???????????
    ගොඩක් කොල්ලො ඉගනගන්නෙ සිමින්ති අනලා සහා ෆෑක්ට්‍රි ව්ල අත් උදව් දීලා.
    ඵ්කත් පාර්ටි ටයිම් නෙවෙයි පෑය 10/12 වෑඩ.
    අපි නොදන්න ල0කාවේ නිදහස් අද්යාපනේ.

    • ඔබේ කොමෙන්ටුව අගය කරනවා (කියන දේ නොවේ, කොමෙන්ටුවක් දාපු එක). නමුත් කියන්න තියෙන්නේ උපාධිධාරීන් රැකියා නැතුව ඉන්නේ ලංකාවේ විතරක් නෙමේ. ලංකාවේ සරසවි වල බහුතර පිරිසක් ඉගෙන ගන්නේ රැකියා කරමින් කියල මන් හිතන්නේ නැහැ. ටික දෙනෙක් සිමෙන්ති අනනවා ඇති. අඩු ගානේ සරසවි වලට ගෙවන්න ඕනේ නැහැනේ. අප පළමු ශ්‍රේණියේ සිට ටියුෂන් යනවා. ඉස්කෝලෙන් විතරක් ඉගෙන ගෙන කැම්පස් තේරෙන අය කී දෙනෙක් ඉන්නවද? අපේ නිදහස් අධ්‍යාපනේ ටිකක් හරි තියෙන්නේ සරසවි වල විතරයි. ඔබ කියනවා වගේ උපාධි කලත් රැකියා නැහැ තමා. නමුත් දෙන අවස්ථාවේ වෙනත් ජෝගි නටන්න, එය සමාවට කරුනකුත් නොවේ. අනික එලියටබහින විට මොනම කුසලතාවයක්වත් අත්පත් කර නොගැනීමෙන්, ලබා ගන්න පුළුවන් අවස්ථා තවත් අඩු වෙනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s