අපි නොදන්න ලංකාවේ නිදහස් අධ්‍යාපනේ! You dont know what you got till it’s gone!


මේ සටහන ලියන්නේ මිට පෙර මගේ සටහනකට (පෙර සටහනට යන්න) එවපු ප්‍රතිචාරයකට දීර්ග පිළිතුරක් ලෙසින් විතරක් නෙමේ, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා ඇතිවී තියන නව උද්ගෝෂණ රැල්ල නිසයි.

ඇත්තටම ලංකාවේ නිදහස් අධ්‍යාපනය (බොහෝ පිරිස් හිතන) ඉවර වෙලා ගොඩක් කල්. අපි බින්දුව වසරේ සිට ටියුෂන් යනවා සල්ලි ගෙවලා. බහුතර පිරිසක් සරසවි වරම් ලබා ගන්නෙත් පෞද්ගලික පන්ති පිහිටෙන් මිස, ඉස්කෝලේ ඉගෙන ගැනීමෙන් නෙමේ. දැන් ජාත්‍යන්තර පාසල් වැහි වැහැලා. ඇක්වෛනාස්, රසායන විද්‍යායතනය, නොයෙක් පරිගණක ආයතන වලින් උපාධියකට ආසන්න සහතික ලබාගන්න පුළුවන්. මේවායේ ඉගෙන ගන්න බහුතරය රටේ සාමාන්‍ය මැද පන්තියේ මිනිසුන්ගේ දරුවන්. අනික් අතට, මේ කිසි දෙයක් ගැන අප කව්රුවත් වර්ජන උද්ගෝෂණ කරන්නේ නැහැ.

දැන් හැරෙමු නිදහස් සරසවි අධ්‍යාපනය දෙසට. ලෝක සංවර්ධනය ගැන කතාකරන කොට ලංකාව ගැන විශේෂ සඳහනක් කරනවා සමහර අවස්ථාවලදී. අපේ රට මානව සංවර්ධනය අතින් ලෝකයේ සංවර්ධිත රටවල් සමග එකට ඉන්න පුළුවන්; සාක්ෂරතාවය,සෞඛ්‍යය, පාසල් හා සරසවි අධ්‍යාපනය නිම කරන පිරිස ආදී වශයෙන්. ඒත් අප ආර්ථික සංවර්ධනය හා ඵලදායිතාවය අතින් ඉන්නේ ලෝකේ පහල ස්ථානයක. රාජ්‍ය දේපල මංකොල්ල කෑම, දූෂණය, නීතියට ගරු නොකිරීම, ඥාති සංග්‍රහ, සුදුස්සාට හැම විටම අදාළ තනතුර නොලැබීම වගේ දේවල් අතින් අප ඉන්නේ ලෝකයේ ඉතා ඉහල තැනක.

අද ඉන්න දේශපාලකයන්ගෙන් සියයට 99 ක් ම වගේ අපේ නිදහස් අධ්‍යාපනේ යටතේ බිහිවුන පිරිස්. ගොඩක් දෙනෙකුට  ලංකාවේ සරසවි උපාධි තියනවා. පරිපාලනේ ඉන්න සේරම වාගේ ලංකාවේ උපාධිධරයන්. මේ සේරම අතුරෙන් සියයට කී දෙනෙක් රට ගැන හෝ රටේ ජනතාව ගැන හිතලා වැඩ කරනවද? නැත්නම් මෙච්චර දුෂණ, වංචා සිදුවන්නේ කොහොමද? ලෝකයේ සියලු රටවල දූෂණ වංචා ඥාති සංග්‍රහ තියන බව ඇත්තයි. නමුත් අපේ රටේ තත්වය එන්න එන්නම දරුණු අතට යනවා. විශේෂයෙන් නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුන පිරිස් රට පාලනය කරන්න ගත්තට පස්සේ තත්වය තවත් දරුණු උනා කියලයි මගේ අදහස.

සරසවි අධ්‍යාපනේ පෞද්ගලිකකරණය කිරීමෙන් මේ ප්‍රශ්න සියල්ල විසඳෙන්නේ නැහැ. නමුත් මීට වඩා දරුණු තත්වයක් ඇතිවෙයි කියල හිතන්න  අමාරුයි. පැදුරෙන් බිමට වැටුනා කියල ගානකුත් නැහැ.  හැබැයි,  ඉන් පස්සේ දැන් නිකම් ලැබෙන දේ වටිනාකමක් නොදැනෙන බොහෝ දෙනෙකුගේ ඇස් ඇරේවි. එතකොටවත් රජයේ සරසවි සිසුන් දැන් නටන නාඩගම් අත්හරිවී කියලා මට නිකමට හිතෙනවා. සමාජයේ සියලු දෙනාට එක හා සමාන අවස්ථා දීමේ සංකල්පයට වැඩි ආයුෂ නැහැ. මුදල් නොමැති එනම්  වරප්‍රසාද නොමැති කට්ටියට විශේෂ අවස්ථා දිය යුතු බවට විවාදයක් නැහැ. නමුත් ඒ අවස්ථාවම සල්ලි වියදම් කරන්න පුළුවන් කෙනාට දිය යුතු නැහැ. අධ්‍යාපනයේ මූලික අරමුණක් තමා, දෙපයින් නැගිටීමට උදව් කිරීම. නැගිට්ට කෙනාටත් දිගින් දිගට කරු ගහන්න යාම තේරුමක් නොමැති මෙන්ම, තිරසාර දෙයකුත් නොවේ.

Advertisements

2 Comments

Filed under Education, Social

2 responses to “අපි නොදන්න ලංකාවේ නිදහස් අධ්‍යාපනේ! You dont know what you got till it’s gone!

  1. මේ මගේ අඩවියේ මේ පිලිබඳව ලියවුන ලිපිය..වෙලා තියන වෙලාවක ගිහින් බලන්න..

    http://sabithl.blogspot.com/2011/08/11.html

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s