ගල් පිළිමය හා බොල් පිළිම නොහොත් K. Jayathilaka!


මේ සතියේ කනගාටු දායක පුවතක් අසන්නට ලැබුන. ඒ කේ. ජයතිලකයන්ගේ සමුගැනීම. අද කාලේ ඉන්න පරපුර නම් මේ කව්ද කියල ගානක් නැතුව ඇති. මොකද කියවන්නේ සුරංගනා කතානේ! එක බ්ලොගයක මාතෘකාව  උනේ නවකතා. මා ඒක කියවන්න ගත්තේ වැදගත් යමක් තියේවි කියලා. බලනකොට මෙයා කියවල තියෙන්නේ සුජීව ප්‍රසන්න ආරච්චිනේ.

කේ. ජයතිලක අද වැඩිපුර ඉන්න බොල් පිළිම අතර සැබෑ ගල් පිළිමයක්. ඔහු බිහි උනේ ඔහුගේ අගේ තේරුම් ගන්න පුළුවන් මාර්ටින් වික්‍රමසිංහ හා සරත්චන්ද්‍ර වැනි අයගේ කාලයේ වීම ගැන එක අතකින් ඔහුගේ භාග්‍යයක්. ජයතිලකයන් අනික් බොහෝ දෙනෙකු වගේ දේශපාලකයන්ට පන්දම් අල්ලන්න ගියේ නැතුවා විතරක් නෙමේ ගුණදාස අමරසේකරලා වගේ ජාතිවාදී මඩගොහුරුවේ එරුනෙත් නැහැ.

මන් පොඩිකාලේ කියවපු ජයතිලකගේ පුංචිරාළ හා චරිතතුනක් ඇති කළ චමත්කාරය අදත් තියනවා. සමහර විචාරකයන් කියනවා වගේ බුද්ධි නිම් වළලු පුළුල් කරන්න කලින්, නවකතාවක් චමත්කාරජනක වෙන්න ඕනේ. නැත්නම් කව්ද මේවා කියවන්නේ? ජයතිලයන්ගේ පොත්වල ඒ ගතිය තිබුනා. නම් මතක නැති උනත් ජයතිලකගේ සාහිත්‍ය විචාර පොත් වලින් එකක් දෙකක් මාත් කියවලා තියනවා. මන් හිතන්නේ ජයතිලක මිනිසුන් අතර සිටි සාහිත්‍යධරයෙක්. කාලය වෙනස් උනත් ඔහුගේ ප්‍රතිපත්ති, දර්ශනය දේශපාලන අවශ්‍යතා අනුව වෙනස් උනේ නැහැ. යටලමත්තේ දොස්තර ගුණදාස අමරසේකර වගේ පසුකාලීනව ව්‍යාජ දේශප්‍රේමී පඹ ගාලේ ජනතාව හිර කරන්න එතුමා කටයුතු කලේ නැහැ.

Advertisements

2 Comments

Filed under Social

2 responses to “ගල් පිළිමය හා බොල් පිළිම නොහොත් K. Jayathilaka!

  1. මාරයාගේ හෝරාව...

    පරණ පෝස්ට් ගොඩක් උඩ එනවා වගෙ…

    කොහොම උනත්…

    කේ ජයතිලකයන් ගැන මටත් ඇත්තේ ඔබව වැනිම කල්පනාවන්ය.. ඒත් මං මෙහෙම කතාවක් අහලා තියේ…

    කේ ජයතිලකත් සමසමාජය පස්සේ දුවං ගියා..ඒත් ඇන් ඇම් විසින් කල මදි පුංචිකමක් හින්දා ඇති කරගත්ත පෞද්ගලික අමනාපකමක් හරහා ඔහු එයින් ඈත් උනා… එතැනින් ඔහුගේ සමාජවාදය පස්සේ දිවිල්ල සීමා උනා කියලයි කියැවෙන්නේ…

    • ඔබ එම සටහන් කියවීමෙන් නොනැවතී ප්‍රතිචාරයක් දැමීම ගැනත් තුති මාරයෝ. ඔබ කියන විදිහේ දෙයක් උනා නම් ඒක ජයතිලකයන්ගේ පමණක් නොවේ, සිංහල පාඨකයන්ගේත් වාසනාවක්. ඇන්. ඇම්. ලාගේ කාලය කෙසේ උනත් පසු කාලීනව මේ පක්ෂ වල හිටිය දෙනාගේ දේශපාලන භාවිතාව දිහා බලන කොට තමයි මට එහෙම හිතෙන්නේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s