මෙක්සිකෝ-ඇමෙරිකානු දේශ සීමාව හරහා අනවසරයෙන් ඇමෙරිකාවට ඇතුළු වූ බවට චෝදනා ලබා ඊට පහල අධිකරණයෙන් වරද කරුවන් වූ අට දෙනෙක්, ඊයේ පැවති අභියාචනා කරණ ඇපැල් නඩු තීන්දුවෙන් නිදොස් කර නිදහස් කරනු ලැබුවා. පසුගිය පෙබරවාරි මස මොවුන් අත් අඩංගුවට පත් වූවේ විසා නොමැතිව මෙක්සිකෝව හරහා ඇමෙරිකාවට ඒම නිසා. ගුවන් බලපත් හෝ උප්පැන්න සහතික නොතිබීම නිසා ඔවුන් කුමන රටක පුරවැසියන්ද කියා නිගමනය කිරීමට පෙඩරල් පොලිසියට නොහැකි උන නමුත්, පහල අධිකරණයෙන් තීන්දු උනේ ඔවුන් වහාම අමෙරිකාවෙන් පිටුවහල් කලයුතු බවයි.
මිට එරෙහිව අභියාචනයක් ගොනුකළ මේ පිරිසගේ තර්කය උනේ, ඔවුන් කුරුළු දඩයක්කරුන් පිරිසක් බවත්, කුරුල්ලන්ට දේශ සිමා නොමැතිවාක් මෙන්ම, කුරුළු දඩයක්කාර ඔවුන්ටද දේශ සිමා නොමැති බවයි. මෙම තර්කය ඇමරිකානු අභියාචනා අධිකරණයෙන් පිළිගෙන ඔවුන් නිදොස් කර නිදහස් කිරීමට පෙඩරල් පොලිසියට නියෝග කළා.
(සත්‍ය පුවතක් නොවේ)