ස්වර්ගයට යාමේ රහස The disclosed secret of heven


ස්වර්ගයට යාමේ රහස

එදා ඉරිදා දවසක්. මා මෙල්බර්න් නුවර සිට කන්බරා දක්වා පියා සර කොලේ පසුදා (සඳුදා) වැඩට යාමට. ගුවන් ගමන විනාඩි පනහකින් පමණ නිම උනා. ඒත් ගුවන් තොටුපලේ ඉඳලා නවාතැනට යාමට ටැක්සියක් හෝ බස් එකක් සොයා ගත යුතුයි. එලියට ආ ගමන් නගර මැදට යන බස් එක අද්දන්න ලංවෙලා තිබුන නිසා ගොඩ උනා. ඔන්න බස් එකෙන් නගෙරේ මැදට ආව. දැන් ඉතින් තව බස් එකක් අරන් නවාතැනට යන්න ඕන. ඉරිදා නිසා සුපුරුදු බස් කාල සටහන් වැඩ කරන්නේ නැහැ. හෝල්ට් එකේ හිටපු මනුස්සයෙකුගෙන් අහගෙන මට යන්න පුළුවන් බස් එක ගන්න පුළුවන් නැවතුමක් යන්තම් හොයා ගත්ත. කලින් බස් එක ගිහින් වැඩි වෙලාවක් නැහැ. ඉතින් ඊළඟ එක එනකම් තව විනාඩි හතළිහක් පමණ තිබුනා. බස් ගමනෙන් මට ලොකු සල්ලි ඉතුරුවක් නැහැ. ඒත් කුලී රියක ඉක්මනට ගියත් වැඩක් නැතිය කියලා හිතුනු නිසාත්, එලියට එනකොටම අර බස් එක තුබුණු නිසාත් තමා බස් ගමන තීරණය කොලේ. බස් හෝල්ට් එකේ කල් මරණ කොට තමයි කොල මෝඩකම තේරුනේ. මේ මොන නගරේ හිටියත් පොදු ගමනා ගමන සේවා මත යැපෙන්න නම් ගොඩක් සල්ලි තියෙන්න ඕනේ. මොකද නගරේ මැදට කිට්ටු නිවසක් හෝ තට්ටු නිවසක් සල්ලි වලට තියා කුලියට ගන්නත් නොසෑහෙන ගානක් යනවා. ටිකක් ඈතින් ඉන්න කෙනෙකුට පොදු ගමනා ගමන සේවා වලින් යැපෙන්න ගියොත් අනික් වැඩ කරගන්න බැරුව යනවා. කොහොම හරි ඔන්න මන් වටපිට බලබල ඉන්න කොට හොඳට ටයි සුට් දාපු මිනිහෙක් මගේ ලඟට ආව. ඔබ කතෝලිකයෙක්ද මු මගෙන් ඇහුව. මට යකා නැග්ගේ මේ බලා ඉදිල්ල එපාවෙලා තිබුන නිසා. නැහැ ඇයි මොකද උඹ අහන්නේ? මමත් පෙරලා ඇහුව (පෙරලා කියුවේ ආපසු). එහෙනම් උඹට ස්වර්ගෙට යන්න බැරිවෙයි. අර යකා මට කියනවා. මේ යාලුවා, ස්වර්ගෙට යාම මට මේ වෙලාවේ හදිසි කටයුත්තක් නෙමේ. මන් මේ බලා ඉන්නේ ගෙදර යන්න බස් එක එනකම්. පුළුවන් නම් ඒක ඉක්මන් කර දීපන්. අරූ මට බැන බැන තව කෙනෙක් ගාවට ආගම පතුරවන්න ගියා.

Advertisements

Leave a comment

Filed under Social

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s