ඉවීම හා කෑම; It’s not my duty! Which one; cooking or eating?


මේකත් අර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලංකාවට නොලැබීම ගැන නෙමේ. පීටර් කුරුවිටගේ මගේ ලංකා නමැති සුප සාත්‍ර වැඩ සටහනේ දෙවෙනි කොටසත් ඕස්ට්‍රේලියාවේ විශේෂ ගුවන් විදුලි ආයතනය (SBS) මගින් පසුගිය බහස්ප්‍රතින්දා විකාශනය උනා (සටහන අවසානයේ ඇමුණුම නරඹන්න).

මගේ ලංකා කියන්නේ ඉවීම පමණක් නොවේ. ලංකාවේ සුන්දර දසුනුත් අපූරුවට ඉන් නිරුපනය කරනවා. ගත්තත් කරගන්න බැරි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලකට වඩා ගොඩක් හොඳ ප්‍රචාරයක් මේ වගේ වැඩ සටහනකින් ලංකාවේ සංචාරක කර්මාන්තයට ලැබෙනවා.

මගේ කතාව එය ගැන නෙමේ. ඉවීම කියන්නේ ගෑනුන්ගේ රාජකාරියක් ලෙසනේ ලංකාවේ ගණන් ගන්නේ. ලංකාවේ විතරක් නෙමේ ඉන්දියාවේ පවා තත්වේ ඒකයි. ඊයේ පෙරේදා දවසක අපේ කන්තෝරුවේ දවල් කෑම ගන්නකොට ඉන්දියාවේ තරුණියෝ දෙන්නෙක්ගේ දෙබසකට දෙසවන් යොමු උනේ නොදැනුවත්ම. එක යුවතියක් කිවේ උයන ඒක මට එපා කරන දෙයක් කියා.

ලංකාවේ කාන්තාවන් බොහෝ දෙනෙකුගේ අදහසත් මිට වෙනස් වේවි කියලා මා හිතන්නේ නැහැ. ආසියාවේ ඉවීම් වලට ගොඩක් වෙලාව වියදම් කරන්න ඕනේ. කිරි හොද්දක් හදා ගන්න එකත් කියන තරම් ලේසි නැහැ. වැඩ කරන කෙනෙක් නම්, ගෙදර ඇවිත් බතක් දාල, හොද්දක් දෙකක් හදන එක ලෙහෙසි නැහැ. නමුත් මා දන්නා බොහෝ ලංකා පිරිමි කුස්සිය පැත්තේ අඩියක් නොතීබත්, දින පතා අලුත් එළවලු මාළු පිනි සමග බත් වේලක් වැඩ ඇරිලා ආපුවහම බලා පොරොත්තු වෙනවා. කලින් දා උයලා ශීතකරණයේ තිබුන මාළුපිණි කන්නවත් මේ අය කැමති නැහැ. කාන්තාවකගේ දවසේ රාජකාරිය වැඩ කරන පැය අටට සිමා වන්නේ නැහැ. ගෙදර ආවත් උයන්න ඕනේ. දරුවන් ඉන්නවනම් ඔවුන් ගැන බලන්න ඕනේ.

කොහොම උනත් ලෝකයේ ජනප්‍රියම හා ප්‍රවීනතම සුප ශාස්ත්‍ර වේදියන් අතර ඉදිරියෙන්ම සිටින්නේ පිරිමින්. පීටර් කුරුවිටත් ඕස්ට්‍රේලියාවේ සිටින ප්‍රවීන සුප ශාස්ත්‍ර වේදියෙක්. මන් දන්නා ලාංකික සුප ශාස්ත්‍ර වේදියෙක් හිටියා. ඔහු රස්සාවට කරන්නේ ඉවීම උනත්, ගෙදර කුස්සියට පය තියන්නේ කන වෙලාවට කාල අත හෝද ගන්න විතරයි.

ඉවීම කියන්නේ ගැනුන්ගේ රාජ කාරියක් කියලා අපේ ඔලුවේ කොටලා තිබීම මේකට හේතුව වෙන්න පුළුවන්. අපේ අද්‍යාපන ක්‍රමයත් මේකට තවත් හේතුවක්. දවසෙම සාරිය ඇඳගෙන ඉඳලා ගෙදර ඇවිත් උයන්න පහසු ඇඳුමක් ඇඳ ගන්න කොට අර “හුචක්කු අචාර්ය” වරුන්ට තුට්ටු දෙකේ කතා කියන්න පොට පාදා ගන්න පුළුවන්.

Advertisements

Comments Off on ඉවීම හා කෑම; It’s not my duty! Which one; cooking or eating?

Filed under Food

Comments are closed.