අනේ සුද්දන් අදත් අපව පාලනේ කළා නම්! Alzheimer’s disease!


ඊයේ, සිකුරාදා රෑ ඕස්ට්‍රේලියානු විකාශන සේවයේ ගිය අපූරු විහිළු වැඩසටහනක් නරඹන්න ලැබුනේ අහම්බෙන්. Fear of a brown planet නම් වූ එය ඉදිරිපත් කළේ  නැගී එන හිටිවන විකට ශිල්පී (stand up comedians) යුගලයක් වන අමීර් රහ්මාන් හා නසීම් හුසේන්. අමීර් බංගලාදේශ හා නසීම් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණ ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙක්. ඒක ඉතාම විහිළු සහගත, බුද්ධිමත් හා විවාදාත්මක වැඩසටහනක්. ඕස්ට්‍රේලියාවේ සුදු ජාතිවාදය, ලෝක ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය, ඉන්දියානුවන්ගේ හා මුස්ලිම්වරුන්ගේ ගැටළු ආදිය මොවුන් විහිළු අස්සේ කතා කළා.

සුද්දන්ගේ හා ගොඩක් කල්ලන්ගේ විහිළු කතන්දර වලට පාදක වෙන්නේ කුණු හරුප හා ගැහැණු හා පිරිමින්ගේ ලිංගික අවයව. මේවාට හිනා වෙන කට්ටිය ගොඩක් ඉන්නවා. අමීර් හා නසීම් ගේ සමහර විහිළු සුද්දන්ට නොදිරවන්න ගොඩක් ඉඩ තියනවා. නමුත් අප වගේ සංක්‍රමණිකයන්ට (විශේෂයෙන් ඉන්දියානු, ලාංකික, බංගලාදේශ,පකිස්තානු) බලපාන කරුණු ගණනාවක් මොවුන් විහිළු මාර්ගයෙන් ප්‍රේක්ෂකයාට ගෙනාවා.

මට අසන්නට ලැබී තියනවා, ලංකාවේ තාමත් සමහර කට්ටිය ඉන්නවා සුද්දන් අපේ රට තාමත් පාලනය කලානම් හොඳයි කියලා හිතන. සුද්දන් අපට පාලනේ බාර දීලා ගියාට පස්සේ අප අනා ගත්තා තමයි. නමුත් සුද්දෝ හෝ වේවා චීන්නු හෝ වේවා යටතේ ඉන්නවට වැඩිය “නිදහස්’ (නමට හෝ) ජාතියක් විදියට ඉන්න එකේ වටිනාකම අද ඉන්න පරම්පරාවට තේරුම් යන්න නම් සමහරවිට නැවතත් ඒ පාලනයට යන්නම වෙයි. අද බංඩරනායකට (සොලමන් ඩයස්) පලු යන්න බනින කට්ටිය එදා තිබුන තත්වය තේරුම් ගන්නේ නැහැ. කොහොමහරි මගේ කතාවෙන් පිට පැන්නා.

නසීම් එක අවස්තාවක විහිළුවෙන් මෙහෙම කිව්වා. මගේ ඉන්දියන් අන්කල් කියනවා “සුද්දෝ ලංකාවේ පාරවල් හැදුවා, ඉස්පිරිතාල හැදුවා, පාලම් හැදුවා….” නමුත් මේ එකක්වත් සුද්දෝ හැදුවද? අපේ වහල් ශ්‍රමයෙන් තමා මේ ඔක්කොම හැදුවේ. මා මේක නිකම් ලියුවට හරි අදහස එන්නේ නැහැ. ඔහු මේක ඉදිරිපත් කරන ආකාරය බලන්න ඕනේ (සටහන අවසානයේ ඇති ඇමුණුම නරඹන්න). ඒක තමා ඇත්ත කතාව. එදා අද වගේ යන්තර සුත්‍ර තිබුනේ නැහැ. මේ ගොඩක් දේවල් කලේ මිනිස් ශ්‍රමයෙන්. අපේ මිනිස්සුන්ගේ නිකම් ලබාගත්ත වහල් ශ්‍රමයෙන් තමා සුද්දන් පාලම්, පාරවල් හැදුවේ. අපට මේ ඇත්ත කතාව අමතකවුනා  නාමිකව හෝ ලබා ගත්තු නිදහසින් පස්සේ!

Advertisements

Leave a comment

Filed under Politics, Social

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s