මගේ පළමු ටියුෂන් පන්තිය I’ll get back to you!


පහ වසර දක්වා මා ඉගෙන ගත්තේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ. ශ්‍රීපාලිය කියන්නේ ඉතා සුන්දර පාසලක්. කොහොම හරි පහේ ශිෂ්‍යත්වයට පෙනී ඉන්න, රැල්ලට වගේ ටියුෂන් පන්තියකට යන්න මා තීරණේ කළේ අනික් බොහෝ දෙනෙක් අනුකරණය කරමින්. හොරණ නගරය මැද පොල් අතු වලින් හදපු ටියුෂන් කඩයක අපේ පන්තිය තිබුනා. මේකේ “සර්’ ට හිටියේ ගැටවර තරුණයෙක්. සමහරවිට අපොස සාපෙ හෝ උපේ කරළා ඉන්න කෙනෙකු වෙන්න ඇති.

කොහෙන් හරි හොයා ගත්තු ප්‍රශ්න බහුවරන පත්තරේකට අපට උත්තර කියාදෙමින් ඉන්න කොට තමා “සර්ව” අමාරුවේ වැටුනේ. ප්‍රශ්නය උනේ වඩා විශාල එකේ සිට කුඩා එක පිළිවෙලින් නම් කරන්න කියන එක. රට, පළාත, ගම, දිස්තිරික්කය මේ වගේ කීපයක් තිබුන. අපේ “සර්ට” පළාතද, දිස්ත්‍රික්කය ද වඩා ලොකු කියලා කියන්න දැනුමක් තිබුනේ නැහැ. පන්තියේ හිටපු ළමයෙක් ඇහුවා “සර්! මම අර අනික් පන්තියේ සර්ගෙන් අහගෙන එන්නද?” කියලා. “නෑ එපා මම හෙට හොයාගෙන එන්නම්” මා ගෙදර ඇවිත් අම්මාට මේ ගැන කියලා අර පන්තියට යන එක පහුව දා ඉඳලා අත්හැර දැම්මා. හැබැයි මරදානේ ඇට්ලස් එකෙන් ගහපු ශිෂ්‍යත්ව පොත් දෙක තනිවම කළා.

මෙහෙ ඕස්ට්‍රේලියාවේ ඉන්න බොහෝ ශ්‍රී ලාංකික දෙමාපියන්ට තමන්ගේ දරුවන් නිකමට හෝ ටියුෂන් පන්තියකට නොදැම්මොත් හිතට හරි නැහැ. සංසාර පුරුද්ද වෙන්නත් ඇති. මේ නිසා සමහර නගර වල ඉන්න රස්සාවල් නැති ඉන්දියන්, ලංකා, චීන ගැහැණු මිනිසුන්ට ඉල්ලමක් පහල වෙලා. මොකද ටියුෂන් වලින් සෑහෙන ගානක් ගෙදරම ඉඳන් හොයාගන්න පුළුවන්.

Advertisements

2 Comments

Filed under Education, Opinion

2 responses to “මගේ පළමු ටියුෂන් පන්තිය I’ll get back to you!

  1. Tution – even in Australia, huh?