උඩ ඉන්න දෙය්යෝ “අරාබි වසන්තය” උතුරු කොරියාවට උදා කරන්න උත්සහයක් ගනී! Why no support from people?


ඉතුරු කොරියාවේ කිම් ජොන්ග් ඉල් අය්යා හදිසියේ මියගිහින්, ඔහුගේ තනතුර කලින් පිළියෙළ කරගත් පරිදි ඔහුගේ පුතා වන කිම් ජොන්ග් උන්ට ලැබිල. ලංකාවේ සමාජවාදේ පිහිටු වීමට දතකන අය්යලාට උතුරු කොරියාව හොඳ ආදර්ශයක්. ආචාර්ය වික්‍රමබාහු නම් කියාවි එහෙ තියෙන්නේ නියම සමාජවාදය නොවේ කියලා. ඔය කව්රු ආවත් අන්තිමට හැදෙන්නේ ඔය උතුරු කොරියාවේ තියන සමාජ වාදයම තමා. උතුරු කොරියාවේ තියන තත්ත්වය අප හරියටම දන්නේ නැති උනත් සාමාන්‍ය මිනිසුන් හොඳ ජිවිත ගත කරනවා කියල හිතාගන්න කිසිම පිටිවහලක් ලැබෙන්නේ නැහැ. කුඹුරු වල ගොයම් කපන කාලෙට පියෝයන්ග් අගනගරෙත් පාලුවට යන්නේ සේරම කට්ටිය කුඹුරු වලට දක්කන නිසා. කොහොම උනත් ශීත ඉර්තුව ටිකක් සැර උනොත් මිනිස්සු හාමතේ. හැබැයි ඉල් අය්යා නම් සුඛෝපබෝගී කෑම කන්නත් කොන්ග්යක් ගහන්නත් දක්ෂයා කියලයි ප්‍රසිද්ධ. අනික් අතට,මේ අව් අස්සේ ජොන්ග් ඉල් අය්යල න්‍යෂ්ටික ආයුධ හදන්න දඟලනවා. මේ සමාජවාදය මිනිසුන් සඳහා නොවේ. අතලොස්සක් වන පාලක පැලැන්තිය සඳහා පමණයි. උතුරු කොරියාවෙන් දකුණට පනින්න බලාගෙන දහස් ගණන් හිටියත් දකුණෙන් උතුරට පනින්න එකෙක්වත් හොයාගන්න පුළුවන් වේදැයි සැකයි. චීනේ ඉන්නකම්, ඉල් අය්යා මැරුණත් “අරාබි වසන්තය” උතුරු කොරියාවට උදාවෙයි කියලා හිතන්න අමාරුයි.

Advertisements

7 Comments

Filed under Politics

7 responses to “උඩ ඉන්න දෙය්යෝ “අරාබි වසන්තය” උතුරු කොරියාවට උදා කරන්න උත්සහයක් ගනී! Why no support from people?

  1. chami

    ohoa aphasa karanna epa mama s/korea inne.. oya dannawada uthure minissu kochchara adhanawada kiyala.. tamange kenek meruna wage..ehema feeling,s ape sooma hamuduruwo apawath una welawe dekkatath vediya sensitive..s/koreawa kiyanne america kiwwoth ammawath vikunana jaathiyak..

    • චමි, මාත් රූපවාහිනියේ දැක්කා මිනිසුන් අඬන හැටි. ඔබගේ සන්සන්දයට මා කැමතියි. සෝම හිමිගේ ආචාර්ය උපාධි කෑදරකම නිසා සිදුඋන අකල් මරණය ගැන කම්පා උන මිනිසුන් ලක්ෂ ගණනක් ඉන්න ඇති. ඒ වගේම මන් වාගේ සෝම හිමි ගැන කිසිම පැහැදීමක් නොමැති, එතුමාගේ සමහර මෝඩ කතා පිලිබඳ කම්පා වන පිරිස ඊටත් වඩා වැඩි කියල මා හිතන්නේ. උතුරු කොරියාවේ ගෙවල් වල දත්මිටි කන පිරිස් අපට රූපවාහිනියෙන් දකින්න නොලැබෙන එක පුදුමයක් නෙවේ. අනෙක් අතට මේ වගේ ඒකාධිපතියන්ට වන්දනා මාන කරන පිරිස් හැමතැනම ඉන්නවා. ලඟදි කෘර ලෙස මරාදාපු ගඩාපිගේ මරණය වෙනුවෙන් කඳුළු සලපු ලිබියානුවන් ඕනේ තරම් ඉන්න ඇති (මේවා අපට රූපවාහිනියෙන් පෙන්නුවේ නැති උනාට). ඔබ අද රුසියාවට ගියොත් ස්ටාලින්ට දෙවියෙකුට වගේ සලකන මහලු පිරිස් ඕනේ තරම් මුණ ගැහේවි. ප්‍රජාතන්ත්‍රවාදේ බහුතරය කියන්නෙත් ගොඩක් වෙලාවට 50-50 හෝ ඊටත් අඩු සීයට ගානකට!

  2. දැන් තමයි ආවේ මේ පැත්තට මගේ අදහස දැක්ක නිසා අමුතුවෙන් යමක් කියන්න ඕනි නැනේ

    • raigama

      කොහොම හරි ආවනේ! බුවා, මා ඇමුණුමක් දාන්න කලින් සොයා ගත්තට සන්තෝෂයි.කොහොමත් කොමෙන්ටුවක් එක්ක ඇමුණුමක් දානකොට වැරදි අදහසක් එනවා මෙහෙම ‘මූ හදන්නේ කොමෙන්ටු මාර්ගයෙන් තමන්ගේ බ්ලොගය ප්‍රචාරය කර ගන්න’ කියලා!

  3. arunishapiro

    ලිපිය කියෙව්වත් එදා පිළිතුරක් දාන්න ඉඩක් ලැබුනෙ නැහැ.

    අරාබි වසන්තයක් උතුරු කොරියාවේ පටන් ගැනෙන්නෙ නැහැ. කන්න නැතිව මිය යන ජනතාවකට කාගේ හරි පිට කහලා මැරෙන්න නැතිව ඉන්න විදියක් මිස වෙන ඉඩක් නැහැ. ස්ටාලින්ගේ රුසියාව, මා ඕ ගේ චීනය හා ෆිඩෙල් කැස්ත්‍රෝගේ කියුබාවේ ලස්සන කියන අයට ඒ රටවලට ගිහින් පක්ෂයට එරෙහිව ජීවත් වෙන්න කියලා යැව්වොත් විතරයි රඟේ තේරෙන්නෙ. ඊට ඉඩක් ඇති රටවල ඉඳගෙන ගුණ වැයීම ලේසියි.

    මාත් සෝම හිමිගේ බණ රේඩියෝවෙන් අහලා තියෙනවා. සිරස රේඩියෝවේ රනිල්ගෙ නමට විහිළු කිරීම බණ දේශනාවකට කරපු (මම රනිල්ගේ දේශපාලනයට ඉතා අකමැතියි 80 ගණන් වල සිට) සෝම හිමිගේ මවගේ නම චාලට් බව ඔහුගේ අභාවයෙන් පසු දැනගත්තා! මමත් ඒ බණ දේශනාව ඇහිලා ඔළුවේ අත ගහ ගත්තු ගොඩට අයිතියි!!!!

    දකුණු කොරියාවේ ඉන්නවා නම් චමී දන්නවා ඇති දැන් එහි හමුදා සීරුවෙන් ඉන්නෙ කියලා … මොකද බය? ඇයි ජපානයත් විශේෂයෙන් සීරුවෙන් ඉන්නෙ? වාසියක් ඇතොත් හා කරගන්නට පුළුවන් නම් ලංකාව වුනත් අල්ලා ගන්න පසුබට නොවෙන ප්‍රතිපත්ති තියන අය ගැන බය වෙනවා වෙනුවට නීතිය රකින අයටයි (ඒ අයට බැන්නට වාසි අඩු වෙන්නෙ නැති නිසා) තතු නොදන්නා අය බනින්නෙ.

    ඔව්, පිට කහමින් තමන්ට වාසි හොයන අතරේ ඉඳහිට කලාතුරකින් කෙනෙක් කොමියුනිස්ට් වෙලා හාමතෙන් හිටියත් කමක් නැහැයි හිතනවා. ඒත් ලංකාවේ දාපු ඉංග්‍රීසි ප්‍රවෘත්ති ඇහැව්වා නම් දැනගන්න තිබුණා උතුරු කොරියානුවන් මහජනයාට පේන්න වැලපුනේ නැත්නම් ඔවුන්ව රපෝර්තු කරන අය ඉන්න නිසා තියන සොච්චම නැතිවෙයි බියට අඬනවා කියපු බවත්.

    හැබැයි රයිගම්හන්දිය, මම හිතන්නෙ නැහැ අද රුසියාවෙන් ස්ටාලින්ට කැමති මහළු කෙනෙක් කාටවත් හොයාගන්න පුළුවන් වෙයි කියලා!!!

    • අරුණි, දැන් බලාගෙන යනකොට ඔබගේ හා මගේ අදහස් “හරියට ගැලපෙනවානේ”. මා රනිල්ට විතරක් නෙමේ ජේ ආර් ගේ හා ඊට පසු කාලයේ ඉඳපු හා ඉන්න බොහෝ යූ එන් පී දේශපාලකයන්ට කැමති නැහැ. හැබැයි මා දේශපාලනයේ නිරපේක්ෂ හොඳ මිනිසුන් හොයන්නේ නැහැ. රනිල් ලංකාවට හොඳ පාලකයෙක් වේවි කියලා හිතාගන්න පුළුවන් කිසිම දෙයක් අතීතයේ කරලා නොතිබුනත්, සමහර අය්යල මෙයාව ගෙන්න දතකන්නේ මොකටද කියලා හිතාගන්න අමාරුයි.

      අපේ මිනිසුන්ගේ මනස සකස් වෙලා (කරලා) තියෙන්නේ සමාජවාදය කිව්වොත් හාමත හරි හොඳයි කියලා. ඒ එක්කම බටහිර රටවල් කරන්නේ අපේ රටවල් සූරා කන එක. මුන් අපව හුරාගෙන කන්නේ නැත්නම් මෙලහකට සුරපුරේක ඉන්නේ. හැබැයි වැඩේ තේරෙන්නේ ටිල්වින් අය්යල හදිසියේ බලයට ඇවිත් පිස්සු නටන්න පටන් ගත්තම (මාත් මෙයාලට කතිරයක් ගැහුවා-වෙනත් හේතුන් නිසා).
      අරුණි ඔබට මතකද, අර චිනේ ළදරු කිරි පිටි වලට මෙලමයින් එකතු කරපු පලහිලව්ව. මේක ගැන ජවිපෙ පුවත්පතක පළ කල ලිපියක තිබුනේ බටහිර රටවල් මේ ගැන අනවශ්‍ය ගොශාවක් කලත් චීන රජය ගත් කඩිනම් පියවර නිසා ඒ කටවල් ලත් තැනම ලොප් උනා කියලා.
      සෝම හිමි ගැන ලිවීමත් කාලේ නාස්තියක් (එතුමා ගැන ලියන අයටම ඒ ගැන බාර කරමු). මා සෝවියට් දේශයේ අවුරුදු හතක් ගත කළා. අරක ලියුවේ ඒ දිනවල එහෙ හිටපු ආච්චිලා සීයල ගෙන් ටික දෙනෙක් හරි තවමත් ජිවතුන් අතර කියන උපකල්පනයෙන්!පොත් කියවලාම ලෝකේ මිනිසුන් ගැන තේරුම් ගන්න බැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s