කෙටිම කෙටි කතාවක් (2) – ඉදිරි ගමන


නයනකාන්තගේ හිතට හරි ප්‍රබෝධයක් දැනුණා. උදේ සංවිධානය කළ උද්ගෝෂණය හරිම සාර්ථකයි කියල පක්ෂයේ හැමෝම කිව්වා. ඒකෙ සංවිධාන කමිටුවේ වැඩි බරක් ඇද්දේ නයනකාන්ත. පහුගිය කාලේ පක්ෂයේ කටයුතු වලට වැඩි වැඩියෙන් දායක උනත්, නයනකාන්තට වෙහෙසක් දැනුනේ නැත්තේ එම වැඩ සාර්ථකව කිරීම නිසා දැනුන තෘප්තිය නිසා.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය  නිම කර වසර පහක් පමණ උනත් නයනකාන්ත පුර්ණ කාලීනව පක්ෂයේ වැඩට දායක වෙන නිසා රස්සාවක් ගැන හිතන්න ඉඩප්‍රස්තාවක් ලැබුනේ නැහැ. කොහොමටත් සරසවි කාලෙත් නයනකාන්ත කළේ ඉගෙනුමට වඩා දේශපාලනය. ඒ දවස්වල තාත්තා ගෝරනාඩු කරනවා “පුතේ ඔය කෙහෙල්මල් දේශපාලනේ අල්ලල දාළ හරියට ඉගෙනගනින්” කියල. පව්ලේ වැඩිමලා හැටියට නයනකාන්ත විශ්ව විද්‍යාලෙට තේරුණු දවසේ නයනකාන්තටත් වැඩිය සතුටු උනේ අම්මයි, තාත්තයි දෙන්නා.

නංගියි, මල්ලියි දෙන්නා නම් විශ්ව විද්‍යාලයට තේරුනේ නැහැ. ඒ ගැන අම්මටයි තාත්තටයි එච්චර ගානක් නොවුනේ  නයනකාන්ත ඒ වනවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කරමින් සිටි නිසා. මල්ලියි, නංගියි දෙන්නම අපොස උසස් පෙළ ඉවර කරපු ගමන්ම පොඩි රස්සා දෙකකට ගියා. පොඩියි කිව්වට මලය නම් දැන් ගාමන්ට් පැක්ටෙරියක සහකාර කළමනාකරුවෙක්. දේශපාලන වැඩ නිසා රස්සාවක් ගැන බලන්න බැරි උනා වගේම, ගෙදරදොර, අම්ම, තාත්ත ගැන බලන්නත් නයනකාන්තට අතපසු උනා. ඒත් අපරාදේ කියන්න බැහැ නංගියි, මල්ලියි කවදාවත් ඒ ගැන කුනුකුනු ගෑවේ නැහැ.

කිසිම ආදායම් මාර්ගයක් නැති උනත්, නයනකාන්තට ජිවිතේ අඩුවක් දැනුනේ නැහැ. පක්ෂයේ අලුත් ව්‍යවස්ථාව හදන කමිටුවේත් නයනකාන්ත ලොකු වැඩ කොටසක් කරනවා. ඊළඟ අවුරුද්දේ  එන මැතිවරණෙන් පක්ෂයට ලොකු ආසන ගානක් දිනාගන්න පුළුවන් වෙයි කියල තමා හැමෝගෙම අදහස.

තමන්ගේ කල්පනා ලොවින් නයනකාන්ත අවදි උනේ බස් එකේ කොන්දොස්තර කොලුවාගේ රළු කටහඬ ඇසීමෙන්. “මොකද ඕයි! ඇස් පොට්ට වෙලාද? ඉස්සරහට යන්න බැරිද?” සාඩින් ටින් එකක් වගේ පිරිලා තිබුන බස් රියේ ඉස්සරහට යන්න ඉඩක් නොතිබුනත්, මිනිසුන් තවත් තෙරපාගෙන නයනකාන්ත ඉදිරියට ඇදුනා.

Advertisements

5 Comments

Filed under Short story

5 responses to “කෙටිම කෙටි කතාවක් (2) – ඉදිරි ගමන

  1. මේ කතාව මං කලින් කියොල තියෙනවානේ?

    • මා දැනගෙන හිටියේ නැහැ. ඔබේ සියලුම කතන්දර මා කියවලා නැහැ. මේක මා ලියුවේ ගොඩක් කාලයකට පෙර විකල්ප සඟරාවේ තිබුන “බස් කොන්දොස්තරලට බය සමාජයකට මොන විවස්තා සංශෝදනද?” කියන ලිපියෙන් මතුඋන අදහස් හා මා දන්නා “විප්ලව වාදියෙක්” සැබෑ ජිවිතයේ සිදුවන අකටයුතුකම් පිලිබඳ දැක්වූ පුදුම උදාසීන බව නිසා මා තුල පහල උන සිතිවිල්ලකට අනුවයි. යමක් උපුටා ගත්තොත් එය සටහන් කරන්න මා ලජ්ජා වෙන්නේ නැහැ.

  2. Dear Raigama,

    I am sorry you got me completely wrong,

    What I meant by “මේ කතාව මං කලින් කියොල තියෙනවානේ?” was that I have previously READ that story.

    I did not mean that I have previously WRITTEN or TOLD that.

    Did you previously publish that story or a longer version of that in another blog or a different publication please?

    -KK

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s