මිරිස් ගහක් තෑග්ගට! Last day at work for the year!


අද මේ අවුරුද්දේ අවසන් වැඩ කරන දිනය. මානව සම්පත් අංශයෙන් ඊයේ ඊමේලයක් ඒවා තිබුනා දවල් කෑමෙන් පසු ගෙදර යාමට පැකිලෙන්න එපා කියලා. කොහොම උනත් බොහෝ දෙනෙක් දැනටමත් නිවාඩු ගිහින්. අප කැමති උනත් අකමැති උනත් ලබන ජනවාරි දෙක දක්වා නිවාඩුයි. හැබැයි බොහෝ දෙනෙක් එදාට වැඩට එන්නේ නැහැ. ආයිත් හරියට වැඩ පටන් ගන්නේ පෙබරවාරි මැද විතර තමා.

මෙහේ වැඩ කරන බොහෝ දෙනෙකුට (තාවකාලික නොවන රැකියා කරන) දින විස්සක වාර්ෂික නිවාඩුවක් හිමියි. ඒක ගොඩක් දෙනෙක් ගන්නේ ග්‍රීෂ්ම සෘතුවේදී. මොකද පාසල් වලටත් දීර්ග නිවාඩුවක් තියන නිසා. අවුරුද්ද පුරාම වැඩ කරලා, මේ ලැබෙන නිවාඩුව ඉතාම අවශ්‍ය එකක්. අපේ කට්ටිය බොහෝ දෙනෙක් ලංකාවට යන්නේ නිවාඩුවට උනත්, ලංකාවට යාමෙන් විවේකයක් ලැබෙන්නේ නැත්තේ යුතුකම් ඉටු කිරීමට සිදුවන නිසා කියලා පසුව මැසිවිලි නගනවා.

අද මට සුද්දෙක් වටිනා තෑග්ගක් දුන්නා. වෙන මොකවත් නොවේ, කොච්චි ගහක්. එසේ මෙසේ එකක් නොවේ, තරමක් විශාල එකක්. එයා මේක කාලාන්තරයක් තිස්සේ සේවා ස්ථානයේ හරිතාගාරයේ වැව්ව එකක්. ගහ විශාල වැඩි හින්දා ලඟදි ලොකු පොච්චියකටත් මාරු කරලා.

මා මිරිස් වලට කැමති බව දැනගත්තට පස්සේ මිනිහා මට පොඩි මිරිස් පැල දෙකක් කලින් දුන්නා. අද මට එකපාරටම කිව්වා මිනිහගේ මහ මිරිස් ගහත් මට ගන්න කියලා. එතකොට උඹට මොකද වෙන්නේ කියල මං ඇහුවේ, මේ මිරිස් ගහ මිනිහා කාලාන්තරයක් තිස්සේ වවපු එකක් නිසා. මට ඕනේ උනොත් උඹෙන් ඉල්ල ගන්න බැරිය, කියල පොර කිව්වේ සැහැල්ලුවෙන්.

කොහොම හරි අර කොච්චි ගහ අමාරුවෙන් ගෙදර ගෙනාවා. හවස කනකොට කරලක් කඩාගෙන කෑව. මාර සැරයි. මේක වවපු සුද්ද මේ කොච්චි කොහොම කෑවද දන්නේ නැහැ. අපේ දිව මිරිස් වලට පුදුම ලෙස ඇබ්බැහි වෙලා. අනික අප මිරිස් හෝ ගම්මිරිස් නොදා කන්නේ හිමකිරම වගේ අතුරුපස විතරනේ. ඕස්ට්‍රේලියාවේ කෑම වලට ආසියාවේ බලපෑම තියන නිසා, ගොඩක් සුද්දන් මිරිස්, ගම්මිරිස්, තුනපහ ටික ටික පාවිච්චි කරනවා.

Advertisements

Leave a comment

Filed under General

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s