මහරජ මහින්ද! අර උගුලා දැම්ම සොහොනුත්, මේ සොහොනුත් හැර, තවත් සොහොන් රටේ තිබේද? Is there a life beyond the grave?


“මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ඉහළින් කෞතුකාගාරය ආසන්නයේ බි‍්‍රතාන්‍ය සුසානය එතැනින් ඉවත් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා රජයෙන් ඉල්ලයි. සිංහලයන් හා සටන් කළ බි‍්‍රතාන්‍ය ඒජන්තවරුන් හා සෙබළුන් 163 දෙනකුගේ සොහොන් එහි පිහිටියේය. සුසානය ඉදි කෙරුණේ 1817දීය. ජෝන් ඩොයිලි හා ජේම්ස් ටේලර්ගේ සොහොන් ද මෙහි ඇත. ශ්‍රී ලංකාවට තේ පැලය හඳුන්වා දුන්නේ ටේලර්ය. දළඳා මාලිගයටත්, වීර කැප්පිටිපොළ පිළිරුවටත් ඉහළින් මෙම සොහොන තිබීම නොසුදුසු බවත්, එය වෙනත් සුදුසු තැනක පැහිටැවිය යුතු බවත් ආණ්ඩුකාරවරයා පවසයි.”

ඉහතින් පලවන පුවත ලංකාවේ සිංහල පත්තරේකින් ගෙඩි පිටින් උපුටා ගත් එකක්. ලාංකිකයන්ගේ උණ්ඩුකපුච්චයටත්, ඩිම්බකෝෂයටත් ඉතාම වැදගත් ඉල්ලීමක්. මෙම සොහොන නිසා ජාතිකාභිමානය කියන එක නැති වෙනවා පමණක් නොව, රටේ සම්පත් විදේශිකයන්ට කොල්ල කෑමටත් තව උඩගෙඩි දෙනවා. නිදහසෙන් පසුව සිදුවුණ මහජන දේපොළ මංකොල්ල කෑම සඳහා වැඩියෙන්ම අනුබල දුන්නේ මේ සොහොන් ටිකයි. අදත් විදේශිකයන් සමග ගනු දෙනු කිරීමේදී රටට අවාසි දායකලෙස තීන්දු ගන්නට සිදුවී ඇත්තේ මේ සොහොන් නිසයි කියන එක කැලණිය පැත්තේ සරසවි සමීක්ෂණයකින් සොයාගෙන තියනවා. දේශපාලකයන් දළදා වඳින්න ගොස් පැමිණ ගන්නා තීන්දු වලින් රටට යහපතක් සිදුනොවන්නේ මෙම සොහොන් දැකීම නිසා කියන එක උපකල්පනය කරන්න පුළුවන්. අනික් අතට රටට පැමිණ රට සූරා කෑ සුද්දන්ගේ ආත්ම මේ සොහොන් තුල සිරවී ඇතැයි සිතිය හැකි බැවින්, මෙම සොහොන් කඩා ඔවුනගේ ආත්ම නිදහස් කිරීමද වැදගත්. තේ පැලය අඳුන්වාදී, රටට මහා විනාශයක් කළ ටේලර්ගේ සොහොන සමග, තේ ගස් සියල්ලත් උගුල්ලා මහා මුහුදට දැමීම තව හොඳ නිර්දේශයක්. මේ සොහොන් උගුල්ලා දැමිය නොහැකි නම්, වීර කැප්පෙටිපොල පිළිරුව සොහොන් වලට ඉහලින් ඉස්තාපනය කරන මෙන් මහා ජනතාව උද්ඝෝෂණය කරනු ඇති.

Advertisements

Leave a comment

Filed under Politics

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s