අනුව දශකය වෙනකම් ඉතියෝපියාවේ අධ්‍යාපනය ටික දෙනෙකුට සීමා වුන එකක්. විශ්ව විද්‍යාල වලට තියා, ස්කෝල වලටත් ඇතුළු වුන ප්‍රතිශතය ලෝකෙන්ම අඩු අගයක් උනා. හැබැයි අනුවේ සිදුවූ දේශපාලන විපර්යාසයත් සමග අධ්‍යාපනයෙත් වෙනස් කම් ඇතිවුනේ සීග්‍රයෙන්. එක්දහස් නවසිය අනූ නමයේ ඉඳන් දෙදහස් අට දක්වා කාලය තුල ප්‍රාථමික වසරවලට ඇතුලත් වීම් සියයට දෙසිය තිස් හතකින්ද, ද්විතිය වසර වලට ඇතුලත් වීම් සීයට දෙසිය හැට තුනකින්ද, විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම් සියයට අටසිය හතලිස් හයකින්ද වැඩිවුනා. මේ වැඩි වීම් වලට පෞද්ගලික අංශයේ දායකත්වය කැපීපෙනෙන තරම් ලොකුයි.
දැනට ඉතියෝපියාවේ, මුලික උපාධි පිරිනැමීමට වරම් ලබපු ආයතන 56 ක් තියනවා. දෙදහස් හත හා අට අධ්‍යන වර්ෂ වලට මේ ආයතන වලට ඇතුලත්වූ සිසුන් ගණන, මුළු ඇතුලත් වීම් වලින් සීයට දාහතක් පමණ උනා. දෙදහස් තුනේදී පෞද්ගලික සරසවි උපාධි ධරයන්ගේ 2.8 ක ප්‍රතිශතය දෙදහස් අට වන විටදී 18.1% ක් දකවා ඉහල ගියා. මේ ආයතන එකක්වත් රජයෙන් ආධාර ලබන්නේ නැහැ. යැපෙන්නේ ළමයින්ගේ පාඨමාලා ගාස්තු වලින්. සාමාන්‍ය උපාධියකට අය කරන වාර්ෂික ගාස්තුව, සාමාන්‍ය ආදායම් ලබන පවුලකගේ මුළු වාර්ෂික ආදායමන් සියයට 25 ක් විතර වෙන බවයි පැවසෙන්නේ.
හැබැයි වැඩේ තියෙන්නේ මේ ආයතන පනස් හයෙන් හතලිස් එකක්ම පිහිටා තියෙන්නේ අඩිස් අබාබා නගරේ. නමුත් මේවයින් සමහරක ප්‍රාදේශීය ශාඛා තියනවා. ඒ අතින් ගත්තහම රාජ්‍ය විශ්ව විද්‍යාල හා ලොකු වෙනසකුත් නැහැ. ගම්බදව පෞද්ගලික විශ්ව විද්‍යාල වීවුර්ත නොවීමට ප්‍රධාන හේතු තමා, පාඨමාලා සඳහා ඉල්ලුමක් නැතිවීම හා ප්‍රමාණවත් ගුරුවරුන් සංඛ්‍යාවක් සොයාගත නොහැකි වීම.
මේ සටහන සඳහා දත්ත ලබා ගත්තේ International Higher Education කියන සඟරාවෙන්.