මිරිස් ගහ දුන් මිතුරාගේ අකල් මරණය! The untimely death of my friend


ඊයේ (ජනවාරි තුන් වනදා) මේ අව්රුද්දෙ පළමු වන වැඩ කරන දිනය. සති දෙකක් ගෙදර ඉඳලා වැඩට යන එක වස කම්මැලියි. වැඩිය කට්ටිය නැහැ. දහයයි හතට ඊ මේලයක් ආව ලොකුම ලොක්කාගෙන්. කනගාටුදායක පුවතක්. අර මා කලින් ලියුව බ්ලොගයේ සඳහන් මට මිරිස් ගහක් දුන්න සුද්දා මිය ගිහින්. මට අදහා ගන්න බැරි උනා. එදා දෙසැම්බර විසි තුන මා හා හිනහ වෙමින් කතා කළ මිනිහා. හිනා වෙලා කතා නොකරන මිනිසුන් ඉන්න ලෝකයේ, මිනිහා හරි හොඳ “මනුස්සයෙක්”.

මා කලින් සටහනෙන් කියන්න හැදුවේ කරුණු දෙකක්. එකක් තමා මා වැඩ කරන තැන ඇති නම්‍යශීලි කම. අනෙක තමා අපි ‘පර සුද්දෝ’ කියල සාමාන්‍යයෙන් හඳුන්වන බටහිර රටවල් වල ඉන්න අයගෙන් සමහර දෙනෙක් අපට හිතාගන්න බැරි තරම් කාරුණිකයි. ඒ වගේම ඔවුන් කෙනෙකුට උදව් කරන්නේ පව් පින් හෝ වෙන යමක් බලාගෙන නොවේ. මගේ අනික් සටහනත් ඕනේ නම් කියවල බලන්න. ඕස්ට්‍රේලියාවේ මිනිසුන් සුනාමි වෙලාවේ ඇති කරපු සහනාධාර අරමුදල් වලට දායක උනේ නොමසුරුව. මේ කිසි කෙනෙක් (අපේ ටික දෙනෙක් හැරෙන්න) පින් බලාපොරොත්තු උනේ නැහැ. මේවා ගසා කාල රජ වෙන්න බලපු අපේ සමහර මිනිසුන් ගැන මට තියෙන්නේ කලකිරීමක් විතරයි.

ඊයේ මගේ මිත්‍රයා මල හැටි ගැන හරි විස්තරයක් දැන ගන්න ලැබුනේ නැහැ. අද තමයි දැනගත්තේ. ඔහු පැරාග්ලයිඩර (මා සිංහල වචනය දන්නේ නැහැ. ඇමුණුම දැමුවේ ඒ නිසා) පදින්න ගිහින් මිය ගිහින්. හරිම හේතුව දන්නේ නැහැ. දැනට මරණ පරීක්ෂණය අහවර නැහැ. මා සමගත් ඔහු කලින් කියල තියනවා පැරාග්ලයිඩරවලට ඔහුගේ තිබුන කැමැත්ත. මා ඒත් කිව්වා මා නම් ඔවැනි දෙයක් සල්ලි දුන්නත් කරන්නේ නැහැ කියලා. ඔහු හිනා උනා විතරයි. පහුගිය සිකුරාදා උදේ පැරාග්ලයිඩර යෙන් ඔහු පියාඹා ගොස් තියෙන්නේ සුපුරුදු පරිදි තනිවම. සිකුරාදා හවස ඔහුගේ වාහනය උදේ නවත්තපු තැනම තියනවා දුටු ඔහුගේ අනික් පැරාග්ලයිඩර මිතුරන් ඒ බව පැරාග්ලයිඩර සංගමයට දන්වා තියනවා. මිත්‍රයා සමහර විට කැලේ කූඩාරම් ගහලා නවතින නිසා මේ ගැන වැඩිපුර කලබල වෙලා නැහැ. සෙනසුරාදා හවසත් වාහනය තිබුන තැනම තිබුණු නිසා පොලිසියෙනුත් සොයන්න අරන්. ඉරිදා ඔහුගේ ජංගම දුරකතනයේ  සංඥා මාර්ගයෙන් ඔහුව සොයා ගන්න විට වැඩේ වෙලා ඉවරයි.

මිනිහ බිරිඳගෙන් වෙන් වෙලා හිටියේ. ප්‍රංශ කාන්තාවක් බැඳලා තිබුනේ. සංස්කෘතික වෙනස් කම් නිසා කසාදය හරි ගියේ නැහැ කියල මිනිහා මට කිව්වා. නමුත් ඔහුගේ (හිටපු) බිරිඳ සමග සේරම සම්බන්දතා නවතල තිබුනේ නැහැ. ඇය දැනට ප්‍රංශයේ ඉන්නේ. මිට මාස කීපයකට කලින් ඔහු යුරෝපයේ නිවාඩුවකට ගිය වෙලාවේ ඇයව හා ඇගේ පුතා බලන්න ඔහු ගොස් තිබුනා. ඇයව බඳින කොට ඇයට තරමක් ලොකු ළමයි දෙන්නෙක් ඉඳලා. තව ළමයෙක් හදලා නැත්තේ පරතරය වැඩි නිසා අර ළමයට අසාධාරණයක් වෙයි කියලා. ඔහු මා සමග කතා කරපු විවිධ අවස්ථාවල මේ කතා මා සමග කිව්වා. හැබැයි තමන්ගේ ළමයෙක් හදා නොතිබීම ගැන ඔහු දුක් උනා.

මා මේ විස්තරය ලියුවේ කරුණු දෙකක් කියන්න. එකක් තමා, බටහිර උනත්, ලංකාවේ උනත් හොඳ-නරක දෙකම තියන මිනිසුන් ඉන්නවා. සමහර කට්ටිය හිතන් ඉන්නේ ලෝකේ හොඳම මිනිසුන් ඉන්නේ ලංකාවේ කියලා. ඒ අතරම කියනවා බටහිර රටවල් වල මිනී කන එවුන් ඉන්නේ කියලා (අනවශ්‍ය ප්‍රචාර දෙන්න ඇමුණුම දාන්නේ නැහැ). තව කෙනෙක් කියන්නේ ජරා යක්කු ලංකාවේ ඉන්නේ කියල. ලෝකේ හැමතැනම හොඳ හා නරක මිනිසුන්ගේ සංකලනයක්. මැරුණ මගේ මිත්‍රයා වගේම අර අර ඉන්දිට හමු උනා වගේ රුපියල් දෙසීයට වාහනේ හදලා, පසු විපරම් කරන මිනිස්සුත් අප අතරේ ඉන්නවා, අර සුනාමි සල්ලිත් යටි මඩි ගහපු අය අතරේ . අනික තමා හොඳ මිනිසුන්ට වැඩි ආයුෂ නැහැ.

අපගේ යාළුවාට තේරෙන භාෂාවෙන් මේ කෙටි සටහන ඉවරකරන්නම්, Dear friend, may you rest in peace!

In memory of REID Bruce McPhail (29.11.63 – 30.12.11)

Advertisements

4 Comments

Filed under Social

4 responses to “මිරිස් ගහ දුන් මිතුරාගේ අකල් මරණය! The untimely death of my friend

  1. Very shocking. I have read your previous post as to how he gave you the plant.

    • Yes Niluka, he was a kind, friendly guy and unlike many other people had good sense of humour. My thinking is that he could have been saved if they found him earlier (although exact circumstances are still unknown). In this kind of situation, people in here say that “at least he died while doing what he loved (to do)”

  2. කියවන්න හොඳ දේ, හැංගිලා මොක ද? අහඹු ලෙසයි මේ පැත්තෙ ආවේ… සංවේදි ලියමනක්.

    • ඇයි ඔබ කියවන්නේ සංවේදී දේවල් විතරද? හොඳදේ ගොඩක් වෙලාවට හැංගිලා තමයි තියෙන්නේ. නමුත් මගේ බ්ලොගය හංගලා නැහැ (ඒ කියන්නේ හොඳ එකක් නෙමේ?). මා කවි කියවනවා අඩුයි. නමුත් ඔබගේ සමහර සටහන් කියවා තියනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s