කෙටිම කෙටි කතාවක් (3)


දානය

හරමානිස් වක්කඩ කඩන ගමන් කල්පනා කළේ ලබන සතියට යෙදී ඇති දානය දෙන අන්දම ගැනයි. සිරියාවතී මියගොස් ලබන සතියට අව්ව්රුද්දක් පිරෙනවා. කාලය ගෙවී යන ඉක්මන, වක්කඩ ටිකක් පළල් කරන ගමන් හරමානිස් හිතුවා. ගිය කන්නයේ වී අස්වැන්න එතරම් හොඳ උනේ නැහැ. ගොයම  බන්ඩි කාලේ සැරට පායපු නිසා ගොඩක් කරල් බොල් උනා. ඒකට, මෙදා පාර හොඳටම වහිනවා. ස්වභාව ධර්මයටත් ගිය කලක්, හරමානිස් හිතුවා. එළවලු කොරටුවෙන් කියක් හරි අතට ලැබෙන හින්දා හොඳයි. ඒ මදිවට පුතාගේ වියදනුත් එන්න එන්න වැඩි වෙනවා. හරමානිස්ලට ඉන්නේ එකම පුතයි. එයා සරසවියක දෙවන වසරේ සිසුවෙක්. හරමානිස්ගේ බිරිඳ, සිරියාවතී නොදන්නා ලෙඩක් හැදිලා මියගියේ මිට වසරකට පමණ පෙර. දානයක් සඳහා දිනයක් පන්සලේ හාමුදුරුවන්ගෙන් ඉල්ල ගත්තේ මිට මාස කීපයකට කලින්. විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න පුතාට තමයි වැඩිපුර ඕනේ උනේ අම්මගේ අව්රුද්දෙ දානය ටිකක් සරුවට කරන්න. කොහොමටත් කොලුවා යාලුවෝ ටිකත් එක්ක එයි දානෙට දවස් දෙක තුනකටවත් කලින්.

හරමානිස් පව්ලේ බාලයා. අක්කා ආණ්ඩුවේ කන්තෝරුවක සේවය කරන්නේ. බැඳලා පදිංචිය බදුල්ලේ. එයාගේ සැමියා බදුල්ලේ දිසා ලේකම්. ඒ ගොල්ලොට වරදක් නැහැ. අය්යා විදුහල් පති වරයෙක්. දැන් ඉන්නේ කුරුණෑගල. අක්කගේ සැමියාට නිවාඩු ගන්න අමාරු නිසා, මාස ගානකට කලින් කියලා එයාට පහසු දිනයක් තමා දානෙට තෝර ගත්තේ. අය්යත් ඒ ගමන්ම නිවාඩුවක් දැම්ම කියල හරමානිස් ට කියල එව්වා. පව්ලේ බාලයා නිසාත්, අය්යා හා අක්කා දේපොළ බලාපොරොත්තු නොවුන නිසාත්, දෙමව්පියන්ගේ මහා ගෙදර, කුඹුරු කෑලි ටික හා කොරටුව හරමානිස්ට හිමි උනා. දහවෙනි පන්තිය දක්වා ඉගෙන ගත්ත උනත්, හරමානිස් ගොවිතැන් කළේ, අනික් අයට වෙනස්ව. ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවෙන් දෙන උපදෙස් හරමානිස් අකුරට පිළිපැද්දා. හැමවිටම අලුත් අත්හදා බැලීම් කළා. අලුත් බීජ වර්ග වැපුරුවා. සමහර කන්න වලදී හරි ගියා. තවත් සමහර කන්න වලදී වැරදුනා. නමුත් හරමානිස්ගේ අත්හදා බැලීම් වලින් අනික් අයත් වැඩක් නොගත්ත කියල කියන්න අමාරුයි. සිරියාවතිත් හරමානිස්ටම ගැලපුන බිරිඳක්. ඇයත් හැමවිටම මහන්සියක් බලන්නේ නැතුව වැඩ කළා. ඇයගේ මරණින් පස්සේ හරමානිස් ජිවත් උනේ පුතා හින්දා. කොලුවා ඉගෙන ගන්න දක්ෂය.

කුඹුරේ වැඩ ඉවර කරලා, හන්දියේ මුදලාලිගේ කඩේට හරමානිස් ගොඩවැදුනේ, දානයට අවශ්‍ය කළමනා ටිකත් ගන්න බලාපොරොත්තුවෙන්. “ආ හරමානිස්, අන්න පන්සලේ හාමුදුරුවෝ උඹව දැක්කොත් එන්න කියන්න කිව්වා” කඩේට ගොඩ වෙනත් කලින් මුදලාලි පැවසුවා. හාමුදුරුවන්ට දොළොස් නමක් දානයට හොයා ගන්න බැරිවෙලාවත්ද? පන්සලට යන ගමන් හරමානිස් හිතුවා. ” ආ, හරමානිස් උපාසක තැන, මගේ පණිවිඩේ හම්බ උනාද? අර පොඩි මහත්තයාගේ ලොකු දුව එංගලන්තෙන් නිවාඩුවට ඇවිත්. එයාලට ලබන සිකුරාදා දානයක් දෙන්න ඕනේ කියුවා. හරමානිස් ඉතින් ගමේනේ ඉන්නේ. අපි වෙන දවසකට දානය දාගම්මු. ලබන සිකුරාදා මම පොඩි මහත්තයාගේ දුවට දුන්නා”. හාමුදුරුවන්ගේ වචන වල අන්තිම ටික හරමානිස්ට හරියට ඇහුනේ නැහැ.

Advertisements

Leave a comment

Filed under Short story

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s