බිලි පූජා හා බලි පූජා! Animal sacrifices and human sacrifices!


මෑතදී සත්ත්ව බිලි පූජාවක්, එක්තරා මැරවර දේශපාලකයෙක් විසින් නැවැත්වීම නිසා, එම තැනැත්තා වෙත දෙවියන්ගේ උදහස ලැබී තියන බව අදාළ බිලි පූජා චක්‍රවර්ති විසින් ප්‍රධාන පුවත් පතකට පවසා තිබුනා. අප අතර නොයෙකුත් ඇදහිලි විශ්වාශ තියනවා. සත්ත්ව බිලි පූජා මගින් නොයෙක් විස්ම කර්ම කර ගැනීමද එවැන්නක්.
කෙනෙකුට නොයෙක් දේ ගැන විශ්වාස කිරීමට ඇති අයිතියට ගරු කල යුතු උවත්, එමගින් අනිකුත් කෙනෙකුට හිරිහැරයක් (සතුන් ද ඇතුළුව) වනවා නම්, එවැනි විශ්වාස වලට එරෙහි වීමේ අයිතිය සමාජය සතුයි. මසට සතෙකුව මැරීමේදී පවා, එය ප්‍රසිද්ධ  ස්ථානයක  හෝ හන්දියක කිරීම අද සමාජය අනුමත කරන දෙයක් නොවේ. වධයට ලක් නොකර සතුන් මැරීම සඳහා ක්‍රම අද භාවිතා වෙනවා. මෙයට කියන්නේ “මානුෂික ලෙස ඝාතනය” කියලා.
මොනම ඝාතනයක්  හෝ මානුෂික වෙනවයි කියන්න බැරි උනත්, අද ඉන්න ලෝක ජනගහනයේ ප්‍රෝටීන අවශ්‍යතා සපුරා ගන්න නිර්මාංශ ආහාර ප්‍රමාණවත් නැහැ. අනික නිර්මාංශ ආහාර වලින් යැපීම, මාංශ හා නිර්මාංශ කලවම් ආහාර වලින් යැපෙනවාට වඩා වියදම්. බතුයි සම්බෝලයි කන මිනිහට ඉඳහිට හෝ කරවල කෑල්ලක් හෝ හාල් මැස්සෝ හොද්දක් කෑම නිසා තමයි, ප්‍රෝටීන ටිකක් ලැබෙන්නේ ( අර අපිට උනන්නපු හැටියට මස්,මාළු කිරි බිත්තර, (හැම් බේකන් චීස් බටර්-හැම් බේකන් චීස් බටර් තුබුණේ වරහන් ඇතුලේ) කන්න බැරි උනත්).
කොහොම උනත් අර සත්ත්ව බිලි පූජාව, නතර කලෙත් සමාජයෙන් ආපු බලවත් විරෝධයක් නිසා නොවෙයි. මැරවර දේශපාලනයේ තවත් මැරවර ක්‍රියාවක් ලෙසයි. මේකේ අපූරු වැඩක් උනේ, මේ හාදයාම, සතුන් මරණ මිනිසුන්ගේ අත කපලා දානවා කීමයි. මෙවැනි බිලි පූජා පැවැත්වීම නීතියෙන් තහනම් කළ යුතුයි. නීති සම්මත කරන අයටත් අර දේව උදහසට ලක්වීමට ඇති හැකියාවක් තිබුනත්, එය අද පවතින ශිෂ්ට සමාජයට වඩාත් අනුකූලයි. බිලි පූජා නතර කිරීම මෙච්චර දේව උදහසට කාරියක් නම්, මේ කරන මිනිස් ඝාතන නතර (කව්රුන් හෝ) කළොත්, එයාව කොච්චර දේව උදහසකට ලක් වේවිද?
Advertisements

Leave a comment

Filed under Social

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s