පින් ඇති සරසවි වරමක් දෙන්නේ! Back to the future (part 1)!


මේ දිනවල ඕස්ට්‍රේලියානු සරසවි වලට සිසුන් ඇතුලත් කර ගන්නවා. ලංකාවේ වගේම තමයි. පාසලේ එකොළහ හා දොළහ වසර අවසානයේදී පවත්වන විභාගයෙන් ඉහල ලකුණු ගන්න අයට තමා අවස්තාව ලැබෙන්නේ. මා සේවය කරන තැන මිතුරියකගේ ලොකු පුතා විශ්ව විද්‍යාලයට තේරිලා ඇය හරිම සතුටින් ඉන්නේ. ඇයගේ පුතාට සියයට අනූ හතයි දශම ගණනක් තියනවා. හොඳ ලකුණු ගණනක්.  ඔහු තෝරාගෙන තියෙන්නේ විද්‍යා විෂයයන්. අදාළ පාඨමාලාව ගැන වැඩිපුර විස්තර මා අහන්න ගියේ නැහැ. නමුත් ඔහු තෝරාගෙන තියන පාඨමාලාව ජාතික ප්‍රමුඛතා ලයිස්තුවේ තියන එකක්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියානු රජය මගින් සිසුන්ට ඉගෙන ගැනීමට උනන්දු කරන එකක්.
කොහොම උනත් ඕස්ට්‍රේලියාවේ විද්‍යා හා ගණිත විෂයයන් ඉගෙන ගන්න සිසුන් විශාල ලෙස හීන වෙමින් තිබීම ජාතික ප්‍රශ්නයක්. ඉගෙන ගැනීමට අධික මුදලක් වියදම් වීමත් මෙයට හේතුවක්. ඒ නිසා තෝරා ගත් සමහර පාඨමාලා සඳහා වට්ටම් දී තියෙනවා. අර තරුණයා තෝරාගත් පාඨ මාලාවටත් වට්ටම් හිමි වෙනවා. කොහොම උනත් පාඨ මාලා ගාස්තුව ලෙස වසරකට ඩොලර් නව දහසක් පමණ අවශ්‍ය වන බව ඇය කීවා. ගෙදර ඉඳන් යන්න පුළුවන් කැන්බරා නුවර තියන සරසවිය තෝරා නොගත් ඔහුගේ පුතා යන්නේ සිඩ්නි නුවර සරසවියකට. ගෙදරින් පිට ගිහින් ස්වාධින වෙන්න ඕනේ නිසයි ඔහු තරමක් ඈතට යන්න තීරණය කරලා තියෙන්නේ. ඒ නිසා නවාතැන් හා කෑම සඳහාත් තව ඩොලර් පහළොස් දහසක් පමණ වැය වෙතියි මගේ මිතුරිය පැවසුවා.
පළමු අවුරුද්ද සඳහා ඔවුන් පුත්‍රයා වෙනුවෙන් මුදල් බඳිනවා. ණය ගන්නේ නැතුව මුදල් ගෙවන විට මේ වසරේ සියයට විස්සක වට්ටමක් ලැබෙනව. කොහොම උනත් ඩොලර් විසිපන්දහසක් කියන්නේ සාමාන්‍ය වැඩකරන දෙමව්පියන්ට ලොකු ගානක්. නමුත් මේ මුළු මුදලම ඔවුන් වියදම් කරන්නේ නැහැ. පුතාට ශීත සෘතුවට ලැබෙන මාසයටයි ග්‍රීස්ම සෘතුවට ලැබෙන තුන් මාසේ නිවාඩුවටයි වැඩ කරලා තමයි මේ ගාණ සොයාගන්න වෙන්නේ.
ඇය අප වගේම සන්ක්රමනිකයෙක්. ඇවිත් තියෙන්න එංගලන්තයෙන්. ඇය උපාධිය කරන කාලේ එංගලන්තේ සරසවි වලට මුදල් අය කරලා නැහැ. ළමයින්ටත්, දෙමව්පියන්ගේ ආදායම් අනුව ඉදුම් හිටුම් සඳහා ගානක් දීල තියනවා. ඇයගේ පියා ඉහල ආදායම් ලැබුවෙක් නිසා, ඇයට ලැබිලා තියෙන්නේ අවම දෙන ගාණ. නමුත් පියා මදි පාඩුව පියවා තියනවා. දැන් එංගලන්තේ තියෙන්නෙත් ඕස්ට්‍රේලියාවේ වගේ ණය වෙලා ඉගෙන ගන්න ක්‍රමයක්. පසුගිය දෙසැම්බර් නිවාඩුවට ඇය ගියා මව් බිමේ නිවාඩුවකට. ආවේ ගිය සතියේ. ඇගේ ලේලියක් මේ වසරේ සරසවි තේරිලා තිබුනත්, පවුම් ලක්ෂයක් විතර ණය වෙන්න වෙන නිසා, සරසවි නොගොස් රස්සාවකට යන්න තීරණය කරලා.
Advertisements

2 Comments

Filed under Education

2 responses to “පින් ඇති සරසවි වරමක් දෙන්නේ! Back to the future (part 1)!

  1. sadam

    watina lipiyak

    • ඔබට තුති සදාම්. මේ වගේ කරුණු විකපිඩිය එකේ කරක් ගහල හොයා ගන්න බැරි නිසයි මා ලියන්න හිතුවේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s