ඔබේද රෝඩ් රූල්ස්? Obey the road rules!


මට පසුගිය දිනෙක එකවර මතක් උනේ අපේ නවවන පන්තියේ සෞක්‍ය ගුරු වරයා පන්තියේදී කියුව දෙයක්. ඔහුගේ නමවත් මට දැන් මතක් වෙන්නේ නැහැ. නමුත් ඔහුට තිබුනා හොඳ පපුවක්. ඒ කියුවේ හොඳ ටූ පැක් (two pack) එකක්. ජාතික ඇඳුම ඇන්ද ඔහුගේ පපුව හොඳට මතුවෙලා පෙනුනා. හරි දේහ ධාරි මනුස්සයා. ඔහු සිංගප්පුරුවේ හෝ බටහිර රටක ඥාතියෙක් බලන්න ගිහින් ඇවිත් අපට විස්තර කියුවා. ඔහුගේ එක නිරීක්ෂණයක් උනේ පාරේ මහ රෑ, වෙන එකම වාහනයක් වත් පාරේ නොවුනත්, ආලෝක සන්ඥ්යා මිනිසුන් පිළිපදින ආකාරයයි. අපේ ඉස්කෝලේ ඉස්සරහ කහ ඉරි වලට වත් වාහන නවත්තන්නේ නැති කොට මේ කතාව අප අහගෙන හිටියේ විස්මයෙන්. ඒක මට අදටත් මතක තියෙන්නේ ඒ විස්මය නිසා. නමුත් අද මා රෑ දෙගොඩහ යාමයේ වාහනය රතු එලියට නවත්වන විට, අමුතු දෙයක් කරනවා කියලා හිතට එන්නේ නැහැ. අද මට විස්මයක් දැනුනොත්, ඒ තමා කොහේ හරි යන මෝඩ, බීපු එකෙක් රතු එලිය ගණන් නොගෙන වාහනය පදවාගෙන ගියොත්.මෙහෙම එවුනුත් කලාතුරකින් නැතුවා නොවේ. මීට අවුරුදු එකහමාරකට විතර කලින් පැයට කිලෝමීටර අසූව පාරේ මේ වගේ ආපු එකෙක්, කොළ එලියට අතුරු මාර්ගයකින් ආපු වාහනයක හිටපු තරුණ ජෝඩුවක් හා ඔවුනගේ අත දරුවා පරලොව යැවුවා. නමුත් එහෙම කතා අපට අහන්න ලැබෙන්නේ ඉඳ හිට. ලංකාවේ කතාව මීට වෙනස්නේ. පාරේ මියයන මිනිසුන්ගේ ගණන, පාරේ දුවන වාහන ගාණ ඉහල යාමත් සමග වැඩි වෙනවා. අදත් පුවත් පතක තිබුනේ පාසල් යන දරුවෙක් යටකර ගෙන ගිය වෑන් රථයක් ගැනයි. පුවත් පත් වල පළ වන්නේ වෙන අනතුරු වලින් අතලොස්සනේ. මා පාසල් ගිය කාලෙටත් වැඩිය, ලංකාවේ පාරවල් අනතුරු දායක වී තියෙන්නේ රියදුරන්ගේ ඔලමොට්ටල කම නිසා. අද ලංකාවේ පාරවල් දියුණු වෙලා, වාහන වැඩිවෙලා තිබුනත්, එලවන මිනිස්සුන්ගේ ඔලොමොට්ටල කම එදාටත් වැඩිය ඉහල ගිහින්. සුදු වෑන් වලින් මිනිසුන් අතුරුදහන් වන රටක රියදුරු විනය ගැන කතා කිරීම වැඩක් නැති දෙයක් වෙන්න පුළුවන්. නමුත් නවීන ලෝකේ දියුණුම යයි සැලකෙන රටක කලක් ජීවත් වී, රස්සා කරලා, පුරවැසියන් වෙලා, ලංකාවේ රජයේ ලොකු තානාන්තරයක් දරන කෙනෙක් ඉන්නවා නම්, මේ රටවල තියන දේවල් වලින් දශමයක් හෝ අපේ රටට ආදේශ කර ගනීවි යයි මා හිතනවා. පාරේ යාම පුරුදු කළ යුත්තේ රියදුරන්ට පමණක් නොවේ, පදිකයන්ටද මේක කියා දිය යුතු වෙනවා. සමහර මිනිසුන්ට අවබෝධයක් නැහැ, රථයක වේගය හා නවත්වා ගැනීමට යන කාලය ගැන. පාරේ වන අනතුරු අඩුකර ගැනීමේ පස් අවුරුදු සැලැස්මක් වගේ දෙයක් ක්‍රියාවට නැංවිය යුතුයි. පාසල්  අධ්‍යාපනයටද මාර්ග නීති, විනය ගැන එක් කළ යුත්තේ පාරේ යන මගීන් වාහන ගැනත්, රියදුරන් මගීන් හා අනිකුත් වාහන ගැනත් කිසිම තැකීමක් නැති නිසයි.  රටේ පොදු නීතිය ක්‍රියාත්මක කිරීමත්, පොලිසියේ දේශපාලන ඇඟිලි ගැසීම නැවතීමත් මේකටම සම්බන්ද නිසා මේක සිහිනයක් පමණයි. හැබැයි මෙහෙම දෙයක් නොකර හැම නගරයක්ම යා වන පරිදි අධි වේගී මාර්ග හැදුවත්, ඒවායින් ආර්ථික හෝ සමාජමය සංවර්ධනයක් බලා පොරොත්තු විය නොහැකියි.

Advertisements

6 Comments

Filed under Social

6 responses to “ඔබේද රෝඩ් රූල්ස්? Obey the road rules!

  1. දැන් නම් තත්ත්වය ටිකක් හොඳයි වගේ කොලඹ පැත්තේ එහෙම කැමරා වලට පිංසිද්ද වෙන්න!

    • raigama

      කැමරා විතරක් නෙමේ සාබිත්, දඩ කොළ දෙන ක්‍රමයත් වෙනස් වෙන්න ඕනේ. වාහනය අයිති කාරයාට දඩ කොලය ලැබෙන විදිහට මේක වෙනස් කරන්න ඕනේ (පදවන එක්කෙනා කව්රු උනත්). එහෙම ස්වයංක්‍රීය ක්‍රමයක් හැදුවහම හැඳුනුම් කම් මත දඩ කොළ වෙනස් කිරීමේ අවස්තාව මග හැරෙනවා. රියදුරාගේ බලපත්‍රය අරන් ආපසු ඒක ගන්න පොලිසි ගානේ මිනිසුන් රස්තියාදු කිරීම කාලකන්නි ක්‍රමයක්!

  2. Charitha

    ලංකාවට තවමත් ආනයනය කරන්නේ වාහන පමණය. යම්කිසි කලෙක රියදුරන් හෝ රියදුරන් නොමැතිව ධාවනය වන වාහන හෝ ආනයනය කළහොත් ඔබ ඔය කියනා මාර්ග විනය අපටද අත්කර ගතහැකි වනු ඇත. ලෝකයේ බොහෝ 3 වන ලෝකයේ රටවලද මාර්ග විනය මීට වඩා බොහෝ සෙයින් දියුණුය ( උදා :- සිම්බාබ්වේ, මොරොක්කෝව, ෆිජි)

    Obey the road rules ශ්‍රී ලාංකීය රියදුරෙක්ට පැවසුවහොත් 98% ක්ම කියනු ඇත්තේ “නෑ රෝඩ් රූල්ස් උන්ගේ, ඒ වුනාට අපි යන්නේ අපිට ඕනේ විදියට” කියාය

    I just found this on web http://www.infolanka.com/org/diary/254.html

    • raigama

      ඔබේද රෝඩ් රූල්ස් කියන එක ප්‍රස්නාර්ථයෙන් මා දැම්මේ චරිත ඔබ කියන කාරනාව සමඟ එකඟ නිසා. රියදුරන් නොමැති ස්වයංක්‍රියව ධාවනය වන වාහන ගෙනාවත් වැඩක් නැහැ, පාර මාරුවෙන මිනිසුන් නිසා. පොලිසියේ ක්‍රියාකාරිත්වය නිසා මාර්ග නීති තවත් බිඳ වැටෙනවා. කොහොම උනත් සමහර දේවල් නීති වලින් හදන්න බැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත්, ප්‍රධාන මාර්ගයකට අතුරු පාරකින් වාහනයක් දැමීම. ආලෝක සංඥ්යා නොමැති තැනක, අතුරු පාරෙන් දාන කෙනා බලා ඉන්න ඕනේ ප්‍රධාන මාර්ගය නිදහස් වෙනකම්. හොඳයි කාර්ය බහුල වෙලාවක ප්‍රධාන මාර්ගයේ වැල නොකැඩි වාහන එනකොට, අතුරු මාර්ගයෙන් මහ පාරට දාන්න ඉන්න කෙනෙකුට ලංකාවේ අවස්තාවක් දෙන්නේ එහෙමත් කෙනෙක්. මට ටික දවසක් ගියා අර ඔලුව ටික ටික දාල, පාරට දාගන්න ක්‍රමයට අනුගත වෙන්න. මෙහෙ මෙවැනි අවස්තාවක, ප්‍රධාන මාර්ගයෙන් එන එක් එක් රියදුරන්, එක වාහනයකට තමන් ඉස්සරහින් දාගන්න ඉඩ දෙනවා. ඉතින් කාටවත් වැඩි අවාසියක් වන්නේ නැහැ. මේක නීතියක් නෙමේ, රීතියක් විතරයි. ඔබගේ ඇමුණුමට තුති!

      • Charitha

        ඔය කාටවත් ඉඩ දෙන්නේ නැති එකත් ලෝකෙන් ලොකුම එක, දිගම එක, ප්‍රථම එක වගේ ඒවගේම extension එකක් 🙂 සමහර විට මේක මානසික රෝගී තත්වයක් වෙන්නත් පුළුවන්.
        ලංකාවේ ප්‍රධාන පාරකට දාන්න ගියහම වෙන ලොකුම විහිළුව තමා ප්‍රධාන පාරේ එන සමහරුන් (සමහරුන් කිව්වට සමහරුන්ම නෙමෙයි හැමෝම) පාරේ ඉස්සරහ යන්න බෑ කියලා පෙනී පෙනීම අස්සට රිංගලා අතුරු පාරේ එන වාහනය බ්ලොක් කරනවා.

        • මානසික රෝගී තත්ත්වයක් නම් වෙන්න බැහැ. මේක අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් මතුවන ලක්ෂණයක් කියලා හිතන්නත් පුළුවන්. හෝඩියේ ඉඳලා අපට පුරුදු කරන්නේ අනුන් පරයා පළමු වැනියා වෙයන් කියලනේ. මේ පුරුද්ද තමා පාරේදීත් අපේ හිතට නොදනිම ආරුඩ වෙන්නේ. අපේ රියදුරන් හරි දුෂ්ටයි!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s