එප්පාවෙල ඇපටයිට් An everlasting struggle with a finite resource


රටක ස්වභාවික සම්පතක් කුණුකොල්ලයට විකුණන එකද, ප්‍රයෝජනයක් ගන්නේ නැතුව තියා ගන්න එකද වඩා හොඳ කියල කව්රුහරි මගෙන් ඇහුවොත්, මගේ උත්තරය රට අනුව වෙනස් වෙනවා. රටේ ජනගහනයෙන් වැඩිපුර ගානක් දුප්පත් නම් එවැනි සම්පතක් ප්‍රයෝජනයට ගන්නේ නැතුව තියා ගන්න එක කුණු කොල්ලෙට පිටට විකුණන එක තරම්ම අපරාධයක්. නමුත් අප හැම කෙනාම එහෙම හිතන්නේ නැති බවට හොඳම උදාහරණය එප්පාවල ෆොස්පේට් නිධිය. මා මාස කීපයකට කලින් එප්පාවල ඇපටයිට් නිධියේ නිෂ්පාදන ගැන හොයන කොට දැන ගන්න තිබුනේ (වෙබ් අඩවිවලින්) එහි සුපිරි ෆොස්පේට් පොහොර නිපදවනවා කියලා. නමුත් ඒක සත්‍යයෙන් තොර බව ජනවාරි දහ වෙනිදා (2012) අයිලන්ඩ් පත්තරේ තිබුන මහාචාර්ය ඉලේපෙරුම ගේ ලිපියකින් හෙළිදරව් උනා. මට මතකයට ආවේ මිට වසර දහයකට පමණ පෙර සිවුරු හා සරම් කැහපට ගහගෙන කෑ ගහපු හාමුදුරුවොයි,  අනික් මිනිසුනුයි.

ෆොස්පේට් කියන්නේ පොහොර අතුරින් ඉතාම අකාර්යක්ෂම පොහොරක්. පසට  දාන ෆොස්පේට් වලින් 50-80% ක් දක්වා ප්‍රමාණයක් බොහෝ වෙලාවට පසේ ඉතුරු වෙනවා.ඕස්ට්‍රේලියාවේ දත්ත ගත්තොත් පසට දාන සුපිරි ෆොස්පේට් වලින් 10-20% ක ප්‍රමාණයක් තමා මුල් වසරේදී බෝග වලට උරා ගන්නේ.කාලයත් එක්ක මේ ප්‍රමාණය 50% ක් දක්වා ඉහල යන්න පුළුවන්. ඒ කියන්නේ පසට එකතු කරන  ෆොස්පේට් වලින් සියයට 50 ක් ම පසේ ඉතුරු වෙනවා හෝ අනිත් මාර්ග වලින් නැතුව යනවා කියන එක. තව කරුණක් තමා, දැනට දන්නා තොරතුරු අනුව ලෝකේ ඉහල තත්වයේ ෆොස්පේට් නිධි ඉදිරි වසර 80-100 ක  කාලය තුල අවසන් වෙනවා. ෆොස්පේට් හදන්න වෙන ක්‍රමයක් නැහැ.  ලෝකයේ ගොඩක් ගොවි බිම් වල ෆොස්පේට් තමයි එක ප්‍රධාන සීමාකාරී සාධකයක් වෙලා තියෙන්නේ අස්වැන්න ඉහල නැංවීමට.  මේ නිසා තමයි අද ෆොස්පේට් පොහොර වල කාර්යක්ෂම තාවය ඉහල නංවන්න නොයෙක් පර්යේෂණ කෙරෙන්නේ.

හැබැයි ලංකාවේ ෆොස්පේට් නිධියෙන් 1972 වසරේ සිට මේ දක්වා නිපදවන්නේ (නිපදනවා නෙමෙයි කනිනවා විතරයි) රොක් ෆොස්පේට් පමණයි. ඒ කියන්නේ කණින නිධිය පස් වලට දානවා.අර මා කලින් කියුවේ සුපිරි ෆොස්පේට ගැනයි. රොක් ෆොස්පේට් කියන්නේ වඩාත් අකාර්යක්ෂම පොහොරක්. මේකේ ෆොස්පේට් ශාක වලට උරා ගන්න තත්වයේ නැහැ. මේවා බොහෝ විට භාවිතා කරන්නේ දීර්ඝ කාලින වැවිලි වලට. හැබැයි දාන පොහොරෙන් සීමිත ප්‍රමාණයක් තමා ඇත්තටම බෝග වලට උරා ගන්නේ.

මහාචාර්ය ඉලේපෙරුම කියන්න වගේ මෙම පොහොර නිධිය සඳහා ආයෝජකයෙකු සොයාගන්නවට විරුද්ධ උන පිරිස් තාමත් එම නිධියෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ නැති එක ගැන කිසිම කතාවක් නැහැ. රටේ විශාල මිනිසුන් ප්‍රමාණයක් දරිද්‍ර තාවයෙන් බැට කනවා (විශේෂයෙන් අනුරාධපුර පැත්තේ). අනික් අතට ණය ගන්න සල්ලි වලින් විශාල ප්‍රමාණයක් වැය කරනවා පොහොර ආනයනට. ඒ පොහොර ගොවීන්ට දෙන්නෙත් සහනාධාරේට. ලෝකේ තියන සීමිත සම්පතක් නිකම් කුඩු කරලා පසට දැමීමෙන් අප කරන්නේ සම්පත් නාස්තියක් කියලා අර සරම් කැහපට ගහගත්තු මිනිසුන් තේරුම් ගන්නේ නැහැ. අනික ලංකාවට ද්‍රාව්‍ය ෆොස්පේට් නිපදවන්න අවශ්‍ය තාක්ෂණය හෝ ඒ සඳහා මුදල්ද නැහැ. මේකට තියන එකම විසඳුම නම් විදේශ ආයෝජකයෙකු සොයා ගැනීම. එතකොට අපට අයෙත් සරම් හා සිවුරු කැහ පොට ගහ ගත්ත නාටකයේ තවත් ජවනිකාවක් බලන්න පුළුවන්.

Advertisements

Leave a comment

Filed under Agriculture, Politics, Social

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s