ගිරවුන්ට මුඛවාඩම් දමාගෙන ආවේ ඇයි? Dangerous talking parrots!


පසුගියදා කටුනායක ගුවන්තොටුපොලෙන් පැරකිට් වර්ගයේ ගිරවුන් හතරදෙනෙකු ලංකාවට ගෙන ආ තැනැත්තා නැවත තායිලන්තෙට යැව්ව කතාව පසුගියදා වෙබ් අඩවි වල පළ උනා. ඔහු විසින් බැංකොක් නුවර “බැංකොක් පොස්ට්” පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්දී තිබෙනවා. එයට අනුව මෙම වර්ගයේ ගිරවුන් ලංකාවට ගෙන ඒම නීති විරෝධී කියා ඔහු දැනගෙන ඉඳලා නැහැ. ගිරවුන්ට මුඛවාඩම් දමාගෙන පැමිණ තිබෙන්නේ වෙන හේතුවක් නිසයි.

එම ගිරවුන් හතරදෙනා හැදී වැඩි තියෙන්නේ දැනට බැංකොක් නුවර වාසය කරන, දේශපාලන හේතුන් මත ලංකාව හැරගිය පත්‍ර කලාවෙදියෙකුගේ ගෙදර. මේ ගිරවුන් හතර දෙනාටම චතුර ලෙස සිංහල කතා කරන්න පුළුවන් බව මුන් ගෙනාව තැනැත්තා පුවත් පතට තව දුරටත් කියා තියෙනවා. වැඩේ තියෙන්නේ මේ ගිරවුන් නිතරම කතා කරන්නේ, මානව අයිතිවාසිකම්, ජනමාධ්‍ය නිදහස, උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීම ආදී දේවල්.

මුන් හතර දෙනා එකතු උන වෙලාවට කොළඹ ලිප්ටන් වට රවුම සිහි වෙනවා කියල අයිතිකාරයා බැංකොක් පොස්ට් පුවත්පතට කියනවා. ගුවන්තොටුපොළේ මුන් කතාකොරන්න ගත්තොත් බලධාරීන්ගේ උදහසට ලක්වේය කියල තමා ගෙදර ගෙනියනකන් වත් ගිරවුන්ට මුඛවාඩම් දමා තියෙන්නේ. ඔහු ගෙනාපු තාරාවන් කතා නොකරන නිසා උන්ට මුඛවාඩම් දමා නැහැ.

(නම් ගම් හා සමහර සිද්ධි පමණක් මනස්කල්පිතයි)
Advertisements

2 Comments

Filed under Politics, Social

2 responses to “ගිරවුන්ට මුඛවාඩම් දමාගෙන ආවේ ඇයි? Dangerous talking parrots!

  1. 😀 මෙහමත් ගිරව්

  2. මුන් “මනස්කපිත ගිරව්” නිකමෝ!