ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දින වල ඕස්ට්‍රේලියාවේ! Déjà vu!


මේවගේ පිට රටක ජිවත් වෙනකොට, මොනයම් දේකින් හෝ අපේ ලාංකියන් වැඩක් පෙන්වනකොට හිතට හරි සන්තෝෂයි. හැබැයි අර ඇමති මෙල්බර්න් නුවර  හෝටලේ තුන්වෙනි තත්ටුවෙන් වැටිලා කකුල් කඩා ගන්නකොට නම් හිතට කිසිම කනගාටුවක් දැනුනේ නැහැ. ඇත්තම කියනවා නම් හිතුනේ වෙන දෙයක් (ලියන්න තරම් හොඳ නැහැ).

ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ඇඟ උණුසුම් කර ගන්න පිළියෙළ කරලා තිබුණු තරඟය පවත්වන්න තිබුනේ කැන්බරා  නගරයේ. කවදාවත් දවසෙම වහින්නේ නැති මෙහෙ එදා දවසෙම වැස්සා. කොහොමහරි ඊට පසුව ඉන්දියාවත් සමඟ තිබුණු තරඟයෙන් අප පරාද උනා.

මා ලියන්නේ ඊයේ “වැකා ක්‍රීඩාංගනයේ”  (WACA ground) ඔස්ට්‍රේලියාව හා තිබුණු තරඟය ගැන. මුළු තරඟය ගැන විස්තර සමාලෝචන වෙන අය ලියාවි. මට නම් හිතුනේ, මේ තරඟය අර 2010 වසරේ මෙල්බර්න් නුවර MCG  ක්‍රීඩාංගනයේ තිබුණු තරඟයේ නැවත විකාශයක් කියලා. කුමාර්ගේ අනවශ්‍ය දැවීම, වැරදි කඩුලු මුවා කිරීමේ තීන්දුව ආදී සේරම පැත්තකින් තිබ්බත්, මැතිව්ස් ගේ ඉනිම තමා ඉනිම. අන්තිම ඕවරයේ, ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක්ගේ මුහුණ නාලු වෙලා යනකොට මට අප්‍රමාන සතුටක් දැනුනේ ඇයි කියා මගෙන් අහන්න එපා.

ඔස්ට්‍රේලියාව මගේ දෙවන මව් බිම. වෙන හැම කරුණකදීම, මා ඕස්ට්‍රේලියාවේ උන්නතියට මට ගන්න පුළුවන් හැම පියවරක්ම ගන්නවා. තේ හා කිතුල් පැණි හැරුණු විට අප පරිබෝජනය කරන අනික් අහාර ගන්න විට ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදන වලට තමා මුල් තැන දෙන්නේ (ගාණ වැඩි උනත් ගන්නවා). අනික් බඩු උනත් එහෙමයි. ඒත් ක්‍රිකට් වලට ආවහම, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්ග්‍රහණයට සතුටු උන දවසක් මට මතක නැත්තේ ඇයි? මැතිව්ස්! ඔබගේ ආගම ඔබගේ ක්‍රිකට් අනාගතයට අවහිරයක් නොවේවා (ඔබ ක්‍රීඩා කරන්නේ ලංකාවට නිසා ලියුවේ!).

Advertisements

4 Comments

Filed under Social

4 responses to “ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දින වල ඕස්ට්‍රේලියාවේ! Déjà vu!

  1. සුදුස්සාට සුදුසු තැන ලැබේවා!

    • මාත් එයම ප්‍රාර්ථනා කරනවා සාබිත්! ඔබගේ පාසල් නායක කතාව මා කියෙව්වා. මා විශ්වාස කරන්නේ ප්‍රජාතන්ත්‍ර වාදය. බහුතර කැමැත්තට ඉහලින් පක්ෂයක් හෝ කන්ඩායමක් හෝ කටයුතු කරන කොට එතන ප්‍රජාතන්ත්‍ර වාදේ මුලික ලක්ෂණයම අවලංගුයි. අර ජවිපෙ චන්ද අපේක්ෂක ලැයිස්තු වල වැඩිම ජනතා මනාප ගත් අය අයින් කරලා, පක්ෂය “දක්ෂ” යයි තෝරන කට්ටිය පාර්ලිමේන්තු යවන කොට ඔවුන් ඒ ක්‍රමයේ තියෙන හොඳම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය බල්ලාට දානවා. මේ ගැනත් මා වෙනම සටහනක් ලියන්න ඉන්නේ. මේ බ්ලොග් වල කොමෙන්ටු වලින් පට්ට ගහන අර කැළණි ඇමති හා විමල් ඇමති ලාට මනාප දීම නොදීම විතරක් නෙවේ, ඔවුන්ව ලැයිස්තු වලට දාන පක්ෂ වලට කතිරය නොගැහීමේ අයිතිය ජනතාව සතුයි නේද?

  2. Inoka

    ” ඔබගේ ආගම ඔබගේ ක්‍රිකට් අනාගතයට අවහිරයක් නොවේවා” …

    I never thought Sri Lanka would come to a position like Pakistan.. Where they forced conversion of Yousuf Youhana, a Christian to become a Muslim.. What people say about him converting on his own decision is not true, as Pakistan is a country where a non-muslim can never gain any significant position in the country…

    • Thanks Inoka! Appreciate your comment. However, that idea was not mine. I got that impression by glancing at a recent blog where the writer speculated some kind of conspiracy theory behind Dilshan’s removal from the captaincy. As a rule, I do not waste time on reading that kind of blogs or articles, so I do not know what that theory was. I intend to write a separate note on discriminations that based on religion, race, colour etc (which we encounter both in the West and the East).

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s