ජවිපෙ අනුගමනය කිරීමට ගොස් ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය අමාරුවේ වැටේ! Kevin Rudd wants his job back!


ජවිපෙට කතිරේ ගහපු අයත් නොගහපු අයත් දන්නවනේ ලයිස්තුවේ වැඩිම මනාප ගත්තත් පක්ෂයේ මතය අනුව “දක්ෂයා”  නොවේ නම් එයා පාර්ලිමේන්තුවට යන්නේ නැති බව. මනාප ඉල්ලුවේ නැති උනත් මිනිසුන් යම් කෙනෙකුට මනාප දෙනවා කියන්නේ, එම අපේක්ෂකයා තුල ජනකාන්ත බවක් තියනවා මොනයම් හේතුවක් නිසා. පබාට, කරුට වඩා මනාප ලැබෙන්නේ එම නිසයි (දෙන්නගෙම වෙනසක් නැති එක වෙනම කරුණක්- දෙන්නම දෑත ශක්තිමත් කරන්න උපන් හපන්නුනේ!).

ඒ අතින් බලන විට ජවිපෙ ස්ථාවරයේ ඇත්තක් තියනවා. නමුත්, මහජන චන්දෙකට ආයිත් යන්න බලාපොරොත්තු වෙනවනම් ඔය තර්ක වලංගු නැහැ. ජවිපෙ වැනි පක්ෂයකට මිනිසුන් චන්දය දෙන්නේ යම් හේතුවක් නිසා. එමෙන්ම, ඔවුන් කැමති පුද්ගලයා තෝරා ගන්නෙත් යම් හේතුවක් නිසා. එහෙම කරලත්, වැඩිම මනාප ගත්තත්, අරයව කපලා වෙන “දක්ෂයෙක්ව” පාර්ලිමේන්තු යවනවා නම්, ඒ චන්ද දුන් මිනිස්සු ආයිත් ඒ පක්ෂයට නිකමටවත් කතිරය ගහයි කියලා හිතන්න අමාරුයි. ජවිපෙ අද ඉන්න තත්වයයට මේකත් හේතු නූණා  කියල කියන්න බැහැ.

දේශපාලනේ කියන්නේ ජරා ගේම් එකක්. ලෝකේ කොහේ ගියත් මේක තමයි ඇත්ත. ජෝන් හාවර්ඩ් ඕස්ට්‍රේලියානු අගමැති ලෙස වසර එකොළහක් සේවය කළා. ලංකාවේ ජේ ආර් ප්‍රේමදාස යුගය වගේ “දුර්දාන්ත” පාලන ක්‍රමයක් ඇති කරන්න බටහිර රටක බැරි, ඒ සඳහා යාන්ත්‍රණයක් තියන නිසා. හාවර්ඩ් යුගය ඕස්ට්‍රේලියාවේ”සමුර්දිමත්”යුගයක්. ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ සිදු වුනා. හාවර්ඩ් අයියා අන්තිමට පරාද වෙනකොට, ඕස්ට්‍රේලියාවේ අය-වැයේ අතිරික්තයක් ඉතුරු කරලා ගියේ. මොනවා කලත්, 2007 ඕස්ට්‍රේලියානු මහා මැතිවරණයදී හාවර්ඩ් අයියට තමන්ගේ ආසනයවත් රැක ගන්න බැරි උනා.

හාවර්ඩ් අයියා පරාද කරලා බලයට ආවේ ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය. කම්කරු පක්ෂේ මෙහෙයව්වේ කෙවින් රඩ්. කෙවින් අයියට කලින් කම්කරු පක්ෂේ (හාවර්ඩ් යුගය තුල) නායකයන් ගණනාවක් හිටියා. ඔවුන් එක්කෙනෙකුට වත් හාවර්ඩ් අයියට අභියෝගයක් වෙන්න බැරි උන නිසා නායකත්වයෙන් විසි කරන්න පක්ෂයට සිදු උනා. මෙහෙ ඕස්ට්‍රේලියාවේ මැතිවරණ 15-20 ක් තියා එක මැති වරණයක් පරාද වෙන ප්‍රධාන පක්ෂ දෙකේ නායකයෙකුට, නායකත්වයේ රැඳී ඉන්න අවස්තාවක් හම්බ වෙන්නේ නැහැ (මැති වරණයක් ඕනේ නැහැ, ජනමත විමසුම් වලින් දිගින් දිගටම අසාර්ථක නම් වැඩේ ඉවරයි). හාවර්ඩ් අයියා පරාද කරන්න එයාගෙම වැරදි හා ඔහුගේ 11ස් වසරක පාලනය ජනතාවට එපාවීම වගේම, රඩ්ගේ ජනකාන්ත බවත් හේතු උනා.

හාවර්ඩ් අයියා භාණ්ඩාගාරයේ අතිරික්තයක් තියල ගියත් ඔහුගේ කාලයේ අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග හා පරිසර වැනි අංශ වලට වියදම් නොකිරීම හා කළ වියදම් කපා හැරීම  නිසා එම අංශ  වල කඩා වැටීමක් සිදු උනා. එම හේතු නිසාත්, රඩ් ගේ ජනකාන්ත බව නිසාත්, 2007 ඕස්ට්‍රේලියානු මහා මැතිවරණෙන් කම්කරු පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි උනා. මෙහෙ අගමැති මහජනයා කෙලින්ම තෝරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ බහුතර ආසන ගණනක් දිනා ගන්න පක්ෂයේ හෝ සන්ධානයේ නායකයාට තමයි අගමැති පදවිය හිමි වන්නේ.

කොහොම හරි අගමැති පදවියේ ඉන්න රඩ්ට ලැබුනේ අවුරුදු දෙකයි. තමන්ගේ පක්ෂයේ පිරිසක් විසින් පසුපසින් පිහියෙන් ඇනීම නිසා රඩ්ට අගමැති පදවිය නැති උනා. කතාව දික් ගැස්සෙනවා. කරන්න දෙයක් නැති කමට පක්ෂේ නායකත්වය රඩ්ට දුන්නට පක්ෂයේ හිටිය සමහර යටි උගුල් කාරයෝ (අර කුමාර මහත්තයා වගේ, උඩින් නැති නමුත් යටින් ලොකු බලයක් ඇති) රඩ්ව කපන්න තමා බලාගෙන හිටියේ. මේවා මහජනතාව අතරට ආවේ නැහැ. නමුත් එක රාත්‍රියක  සිදුවුන “කෘමන්ත්‍රනයක” ප්‍රතිපලයක් ලෙස කෙවින් රඩ්ට අගමැති පදවිය හැර යන්න සිදු උනා.

අගමැති ජනතාව තෝරන්නේ නැති උනත් පක්ෂයක (ප්‍රධාන පක්ෂ දෙකේ) නායකයා තමයි අගමැති වෙන්නේ. ඒ හින්ද පක්ෂයක නායකයා අනුවත් පක්ෂයකට ලැබෙන හා නොලැබෙන චන්ද ගාණ වෙනස් වෙනවා. හාවර්ඩ් ගේ අන්තිම කාලයේ ඔහුව පරාද කරන්න, කම්කරු පක්ෂයට බැරි උනේ හාවර්ඩ් ගේ දක්ෂ කමට වඩා, විපක්ෂයේ (කම්කරු) හරි හමන් ජනකාන්ත නායකයෙකු නොසිටි නිසයි. කොහොම හරි පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ අයිතිය තියෙන්නේ පක්ෂයක මන්ත්‍රී කණ්ඩායමට.

අර රාත්‍රියේ  කම්කරු පක්ෂේ රැස් වෙලා, රඩ්ව නායක කමෙන් ඉවත් කරලා, උප නායිකාව සිටිය ජුලියා ගිලාර්ඩ්  නායක කමට පත් කර ගත්තා. එමගින් ඇය අගමැතිනිය උනා. මෙහෙ මැතිවරණ පැවැත්වෙන්නේ වසර තුනකට වරක්. වරක් පත් වෙන රජයක්, මුල් වාරයෙන් පසුව පරදින්නේ නැහැ. මොකද වසර තුනක් ඇතුලතදී පත් කර  ගත්  රජයක් එපා වෙන්නේ නැතුවා විතරක් නෙමේ, කලින් රජය පන්නපු හේතු අමතක වෙන්නෙත් නැති නිසා.

කෙවින්ව පන්නපු ජුලියා, මහමැති වරණයට ඉදිරිපත් වෙනවා 2010 දී. කලින් කියපු හැටියට ඇයට බහුතර ආසන ගානක් දිනා ගන්න හම්බ නොවෙන්නේ, ඉතිහාසයට අලුත් කතාවක් එකතු කරමින්. මිනිසුන් චන්දෙ දීලා පත් කරගත් රඩ්ව පන්නපු එකත් මේකට ගොඩක් හේතු උනා. හැබැයි ස්වාධින අයියලා දෙන්නෙකුයි, හරිත පක්ෂයේ එක අයෙකුයි ගැට ගහගෙන ජුලියා ආණ්ඩුවක් පිහිටුවනවා. දැන් යන්නේ එම ආණ්ඩුවේ දෙවෙනි අවුරුද්ද. මේ ආණ්ඩුවට ජනතාවගේ ආකර්ෂණයක් තිබුනේ නැහැ. ජුලියා මුහුණේ ලේ නැති, ජනාකර්ශනයක් නැති කාන්තාවක්. විපක්ෂ නායකයාත් ජරා කතා කියන වැඩි ජනාකර්ෂණයක් නැති අයෙක් උනත්, මේ අක්කා හා සසඳන විට වැඩිපුර ජනකාන්තයි.

මේ යන විදිහට, ලබන වසරේ මහ මැතිවරනෙන් කම්කරු පක්ෂේ අන්ත පරාජයක් අත්කර ගන්න බව ජන මත විමසුම් කියා පානවා. කම්කරු පක්ෂෙට චන්දෙ දෙන මිනිසුන්ගෙන් වැඩිපුර දෙනා කැමති රඩ්ට. රඩ්ව පන්නපු කම්කරු පක්ෂේ අයියලා අද ගලේ පහරපු බළල්ලු වගේ. ජනමතයට පයින් ගහලා තමන්ගේ අරමුණු ඉස්ට කර ගන්න ගිහින් තිබුන දේත් නැති කර ගත්තා. (කතාව කෙටි කර ගැනීමට රඩ්ව පැන්නීමට කලින් උන සමහර සිදුවීම් විස්තර කරන්න බැරි උනා. නමුත් රඩ් ව පැන්නීමට හේතු උනේ ඇයි කියලා කම්කරු පක්ෂේ ජනතාවට කරුණු කිව්වේ නැහැ. එමෙන්ම ජුලියා අක්ක කියුවේ මේක එක රැයකින් උනා, කලින් සැලසුම් කළේ නැහැ කියලා. මේ සතියේ එලි උනා, ඇයගේ අගමැති ලෙස කරපු පළමු කතාව සකස් කර තියෙන්නේ, රඩ් ව පැන්නීමට සති දෙකකට කලින්).

ප ලි
රඩ් ජුලියා යටතේ විදේශ ඇමති හැටියට කටයුතු කරනවා. ඔහු නැවත කම්කරු පක්ෂයේ නායක කමට තරඟ කිරීම නොවැලැක්විය හැකි කරුණක් කියල තමයි දේශපාලන විචාරකයන් කියන්නේ.

 

 

Advertisements

2 Comments

Filed under Politics

2 responses to “ජවිපෙ අනුගමනය කිරීමට ගොස් ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය අමාරුවේ වැටේ! Kevin Rudd wants his job back!

  1. Funny that no one has commented on this post so far.

    I think what really happened was that Premakumar tried to follow ALP rather than ALP following the JVP in outsting the leadership.

    • Rasika, although, I got some readers, my posts do not attract many comments (which is understandable).
      I think your point of view is also interesting. Yet there is a fundamental difference between those two “coups”. Kevin Rudd was a leader of a country who was elected by people. Somawansha is a party leader and keeping or ousting him is a matter for the party.

      My other point is that the JVP always did not care about people’s preference when they selected their MPs for the parliament.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s