ඔබත් කැමතිද දොස්තර කෙනෙක් වෙන්න? What do u want 2b?


ඔබ පුංචි කාලේ කව්රු වෙන්නද බලාපොරොත්තු උනේ? දොස්තර කෙනෙක්? ඉංජිනේරුවෙක්? පයිලට් කෙනෙක්? මා නම් පොඩිම පොඩි කාලේ ආස කලේ ගොවියෙක් වෙන්න. නමුත් ටික ටික ලොකු වෙනකොට (දැනුම් තේරුම් යනකොට) ලැජ්ජාව නිසා එහෙම කියන එක අත්හැර දැම්ම. පසුකාලීනව කියවීමට හා ලිවීමට තිබිණු ආසාව නිසා, අපේ තාත්තා හිතුවේ මා පත්තර කාරයෙක් වේවි කියලා.ලංකාව වගේ තමයි, මෙහෙ ඔස්ට්‍රේලියාවත් දෙමව්පියෝ, තමන්ගේ දරුවෝ තමන්ට ඕනේ කෙනා කරන්න තමා උත්සහ ගන්නේ (හැමෝම නොවේ).

මා දන්නා එක  විද්‍යාඥයකු කීවේ, ඔහුගේ තාත්තට ඕනේ උනේ එයාගේ ගොවිපොළ බලාගෙන ඔහුගේ පුතා (ඔහු) ඉඳීවි කියලා. අද ඔහු (පුතා) ශාඛ ජාන අංශයේ ලෝකෙම පිළිගත්ත සොයාගැනීම් දෙක තුනක් කළ අයෙක්. නමුත් ඔහු, තාත්තගේ බලාපොරොත්තු කඩ කළා. මෙයාගේ  (විද්‍යාඥයගේ ) ලොකු පුතා ගිය වසරේ උසස් පෙළ ඉවර කළා. තාත්ත බලාගෙන හිටියේ ඔහු තමන්ගේ අඩි පාරේ යාවි කියලා. නමුත් එම ලොකු පුතාට වැඩිදුර ඉගෙන ගන්න ආසාවක් හෝ මොන වගේ කෙනෙක්ද වෙන්නේ කියලා හැඟීමක් හෝ නැති බව අර තාත්තා මා සමග කීවේ අප ක්රෙශ්ත්‍ර චාරිකාවක ගිහින් ආපසු එන ගමන්. මගේ පිළිතුරෙන් ඔහු  ටික වෙලාවකට බිරන්තට්ටු උනා. මා කියුවේ ” උඹ උඹේ තාත්තා බලාපොරොත්තු උන විදිහට ගොවිපොළ බලාගෙන නොහිටිය නම්, උඹ මොකද පුතාගෙන් විද්ඥායනයකු බලාපොරොත්තු  වන්නේ”. ඔහු සිනාසී කිව්වේ ‘ ඒකත් ඇත්ත තමයි” කියලා.  මේක දෙමව්පිය – දරුවන් අතර සනාතන අරගලයක්.

මගේ තාත්තා බලාපොරොත්තු උනේ මා දොස්තර කෙනෙක් වේවිය කියලා. මගේ බිරිඳගේ තාත්තගෙත් හිතේ තිබිලා තියෙන්නේ ඒකමයි. ඇය උසස්පෙළට ගණිතය තේරුවහම, ඇයගේ තාත්තා පාසලට ගිහින් ජීව විද්‍යාවට එය මාරු කර තියෙන්නේ ඇයගේ බලවත් විරෝධය මැද්දේ. ලෙඩුන්ගේ හොඳ වෙලාවට අප දෙන්නටම දොස්තරලා වෙන්න බැරි උනා.

මීට වසර කීපයකට කලින් මට හමු වුනා මෙහෙ හැදුන වැඩුන ශ්‍රී ලාංකික-ඕස්ට්‍රේලියානු සරසවි සිසුවෙක්. ඔහු කරමින් සිටියේ කෘෂිකාර්මික පාඨ මාලාවක්. ඔහුගේ තාත්තා ලංකාවෙන් මෙහි ඇවිත්, කෘෂිකර්ම ක්රෙශ්ත්‍ර යට සම්බන්දව ලොකු රැකියාවක් කරලා විශ්‍රාම ගිය අයෙක්. පුතාගේ ආසාව කාර්මික වැඩකට. ඒ කියන්නේ ප්ලන්බර් කෙනෙක් හෝ වඩුවෙක් වීමට. නමුත් තාත්තගේ බලාපොරොත්තු කඩ කරන්න බැරි කම නිසා තමන් ආසා නොකරන පාඨ මාලාවක් කරන බව ඔහු මාත් එක්ක කීවේ කනගාටුවෙන්.

අපේ ශ්‍රී ලාංකික දරුවෙක් එහෙම කලත් මෙහෙ හැදෙන අනික් දරුවන් තමන්ට ආස නොකරන දෙයක් කරාවි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. සමහරු සරසවි පාඨමාලාව නිම කලාට පස්සේ තමා තේරෙන්නේ මේක තමන් ආස කරන ක්ෂේත්‍රය නොවේ කියල. කලක් මා සේවය කරපු තැන “ව්‍යාපාර කළමනාකරු” දොස්තර කෙනෙක්. ආචාර්ය නොවේ වෙදකම් කරන දොස්තර කෙනෙක්.

ඕස්ට්‍රේලියාවේ අපොස සාමාන්‍ය පෙළ ඉවර කරන කොට සිසුන්ව මාර්ග දෙකකට වෙන් කරනවා. කට්ටියක් විශ්ව විද්‍යාල අද්‍යාපනය හදාරන්න හැකියාවක් තියන අය ඒ සඳහා යොමු කරනවා. අනික් පිරිස කාර්මික ක්රෙශ්ත්රයේ රැකියාවල් සඳහා යොමු කරනවා. මේ මොනවා කලත් විදුලි කාර්මික, පෙදරේරු, පයිප්ප රෙපරේරු, මෝටර කාර්මික ආදී ක්රෙශ්ත්‍ර වල රැකියා සඳහා ලොකු ඉල්ලුමක් තියෙන්නේ පුහුණු ශිල්පීන්ගේ හිඟය නිසා. මේවට යොමු වෙන පිරිස අඩුයි. හදිසියේ ඔබට වැඩක් කරගන්න තියනවා නම් මේ කෙනෙක් හොයා ගන්න එක ලෙහෙසි නැහැ. සොයා ගත්තත් ඉල්ලන ගාණත් ලෙහෙසි නැහැ.

ඕස්ට්‍රේලියාවේ වඩුවා කියන්නේ අර ලංකාවේ අප දන්නා “වඩුවා” නොවේ. ගොඩක් වෙලාවට මේ කට්ටිය හොඳ දේහ ධාරි අය. ගොඩක් දේවල් කරන්න යන්තර උපකරණ තිබුනත් ඔවුන් බොහෝවිට ශක්තිමත්. තනියෙම හැම වැඩක්ම කරගන්න පුළුවන්. හවසට වැඩ ඇරිලා “වැඩ කරපු ඇඳුම පිටින්ම” ජිම් එකටත් ගොඩ වෙලා යන්නේ. මගේ පුත්‍රයෙක් මේවගේ අංශයකට යොමු වෙන්න ඇහුවොත් මා හෝ මගේ බිරිඳ සතුටු වෙන එකක් නැහැ. හැබැයි මා නම් ඔහුගේ කැමැත්ත වෙනස් කරන්න උත්සහ ගන්නේ නැහැ (උත්සහ ගත්තත් වැඩක් වෙන එකකුත් නැහැ).

Advertisements

Leave a comment

Filed under Education, Social

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s