රට පාලනේට ක්‍රිකට් ආදර්ශෙට ගනිමුද? At least we have one thing in common!


අද සිකුරාදා. වැඩ කරන තැනින් කලින්ම පැන්නේ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය නරඹන අදහසින්. මේ තරඟාවලිය පුරා අපේ කොල්ලෝ ටික දක්වපු දස්කම් අනුව, ඔවුන් අවසාන මහා තරඟයට නොතේරීම දයිවයේ සරදමක්. නමුත් මගේ මතය උනේ, ඔවුන් අද තරඟය දිනුවේ නැත්නම් අප අවසාන මහා තරඟයට සුදුසු නොවේ කියලා.කොහොම හරි දැන් අප තමයි ඔස්ට්‍රේලියාව සමඟ අවසන් තරඟයට මුහුණ දෙන්නේ. මා මේ සටහනින් කියන්න බලා පොරොතුවන්නේ මේ කිසි දෙයක් නොවේ.

ගොඩක් වෙලාවට මා දැකල තියනවා මේ බ්ලොග් කොමෙන්ටු වලදී, පිටරට ඉන්න අයෙක් මොනවා හරි ලියුවහම, අනික් අය කියන දෙයක් තමා ” උඹලට ඔය තරං රට ගැන කැකකුමක් තියනවා නම්” මොකද ලංකාවට එන්නේ නැත්තේ කියලා.අද තිබුන තරඟයේ හිටපු ප්‍රේක්ෂකයන්ගෙන් 60% ක් ලංකාවේ කට්ටිය කියලා තමයි, තරඟය විස්තර විචාරය කරපු කට්ටිය කියුවේ. ලංකා ප්‍රේක්ෂකයන් ඉන්දියානු හෝ ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන්ට වඩා වෙනස් කියා තව කව්දෝ විස්තර විචාරකයෙක් කියුවා. මේ බොහෝ දෙනෙක් ඕස්ට්‍රේලියානු ඉස්තිර පදිංචි කරුවන්.

අප බොහෝ දෙනෙක් මව්බිම හැර දමා පිට රට වල ජිවත් උනත්, තවමත් “ශ්‍රී ලාංකිකයෝ”. මට මෙහෙදී හමු වෙලා තියනවා පනස් හැට ගණන් වලින් මෙහෙට එංගලන්තෙන් ආපු සුද්දෝ, තවමත් එංගලන්තේ එක්ක ඔස්ට්‍රේලියාව තරඟ වදින කොට එංගලන්තෙට හුරේ දාන.

ඒ අය (විස්තර විචාරකයන්) කියපු තව දෙයක් තමා, ලංකා  කණ්ඩායම දක්වපු දක්ෂතා අනුව, හරි නම් මේ වන විටත් ලංකාවේ කණ්ඩායම අවසාන මහා තරඟයේ සිටිය යුතුයි කියන එක. තරඟය යන අතර තුර මහේල ගැන එක විස්තර විචාරක්කයෙක් කියුව කරුණක් තමා ” ඔහු අද්විතීය මනුස්ස පරානයක්” බව.

ඇත්තට එය හරියට හරි. ඔහු ක්‍රීඩා කලේ කලින් නායකයා සමග ක්‍රීඩා කළ පිරිස සමග උනත් ප්‍රතිඵලය සහමුලින්ම වෙනස්. මේකම අපේ රටේ දියුණුව සඳහා යොදා ගන්න බැරිද? වැඩේ තියෙන්නේ තෝරන්න අපේ අතට චන්ද ලයිස්තුවේ (ජනාධිපතිවරණ)  “හරි” කෙනාගේ නම නැති එක විතරයි. මේ “හරි” අය වෙනුවට වැරදි අය ප්‍රාදේශීය මට්ටමේ සිටම “ප්‍රමෝට්” කරන්නේ ජනතාවමයි.

(මෙම සටහන පසුව ටිකක් සංස්කරණය කළ බව සලකන්න).

Advertisements

2 Comments

Filed under Politics, Social

2 responses to “රට පාලනේට ක්‍රිකට් ආදර්ශෙට ගනිමුද? At least we have one thing in common!

  1. Anonymous

    Dear Sir My hats off for you
    All the time our friends ques is if you love your country why don’t you cow home.
    Today who cheer the Sri Lankan lion not them who are in front of TV. The guys who are away from the loved ones and and always love to show their identity to whole world even away from their beloved home soil
    Saman

    • Hello Saman! Thanks for your comment. I can’t disagree with you. Some people leave their country of birth and choose to live elsewhere for different reasons. However, there is one thing in common for most of them which is their affection for the mother country.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s