ගස් වලින් කඩන යෝගර්ට් and world’s hottest chilli!


මේ සතියේ ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය වල පළ වුනා ජාතික සමීක්ෂණයක ප්‍රතිඵල. ඉන් කියවුනේ ඕස්ට්‍රේලියානු ප්‍රාථමික ස්කෝලවල අවසන් වසරේ ඉගෙනුම ලබන දරුවන්ගෙන් හතරෙන් තුනක් හිතන්නේ කපු මේස් හදන්නේ සතුන්ගෙන්, හතරෙන් එකක් හිතන්නේ යෝගර්ට් ගන්නේ ගස් වලින් කියල.

ආහාර හා අනික් කෘෂි නිෂ්පාදන වල ප්‍රභවයන් ගැන ළමුන්ගේ ඇති නොදැනුම මේ තුලින් කතා බහට ලක් උනා. පුදුම වන්න දෙයකුත් නැහැ. මොකද කෘෂි නිෂ්පාදන කෙරෙන්නේ මහා පරිමානව. මේවා වැවෙන හැටි හෝ කඩා ගන්නා හැටි බොහෝ ළමුනට දකින්න ලැබෙන්නේ නැහැ. මේ සමීක්ෂණ ප්‍රතිපල ලැබෙන්න කලින් පවා මා මේ වගේ දෙයක් ගැන කල්පනා කළා. මෙවර වත්තේ එළවලු ටිකක් වැව්වේ දරුවන් දෙදෙනාට පෙන්වන අදහසින්. බඩ ඉරිඟු, බෝංචි,කැරට්, රාබු, කොළ ලූනු, ලීක්ස්, අමු මිරිස් හා ස්ට්‍රෝ බේරී පැල කීපයක්ද ඒ අතර උනා. අනික්වා කෙසේ වෙතත් අමු මිරිස් මේ ග්‍රීෂ්ම සෘතුවේ කඩෙන් ගන්න උවමනා උනේ නැහැ. අමු මිරිස් කිලෝවක් ඕස්ට්‍රේලියානු ඩොලර් 15-20 ත් අතර ගානකට තමා අලෙවි වන්නේ. මගේ මිරිස් වලට අමතරව මට වැඩ කරන තැන සුද්දෙකු කොච්චි ගහක් දීපු කතාව  හා ඔහුගේ කනගාටු දායක ඉරණම  මා මිට කලින් ලියා ඇති. මේ සුද්ද මිරිස් ජාති ගණනාවක් වගා කරපු කෙනෙක්.

ඔහුගේ අවමගුල දා ඔහුගේ හොඳම සරසවි මිතුරා ඔහුගේ කතාවේ එක අවස්ථාවකදී හඬමින් කියුවේ දවසක් ඔහුට මෙයාගේ ගෙදරදී දීපු ඉතා සැර පොඩි මිරිස් කරලක් ගැනයි. අර කොච්චි ගහට කලින් ඔහු මට අතු කෑලි වලින් බෝ කර ගත් කුඩා මිරිස් පැල දෙකක් දුන්න. ශීත සෘතුවේ මේවායේ පන ගේ ඇතුලේ තියාගෙන යන්තම් රැකගත් මා, ටිකක් රත් වී ගෙන එනකොට වත්තේ හිටෙව්වා. මේවා දුන්න මගේ මිත්‍රයා කියුවේ මේ ලෝකේ සැරම මිරිස් කියලා. නොයෙක් මිරිස් ජාති කාල තියන මා ඔහුගේ කතාව එතරම් ගානකට ගත්තේ නැහැ.

මේ පාර ග්‍රීෂ්ම සෘතුව එතරම් රත් උනේ නැති නිසා අර පොඩි මිරිස් පැල ලොකු උනේ සෙමින්. මේ සතියේ තමා යන්තම් කහ වී ගෙන එන කරලක් කඩා ගත්තේ. මගේ මිතුරා කියපු කතාවේ සත්‍යය දැන ගන්න පුළුවන් උනේ අර මිරිස් කරල කපන කොට. දිගැති කුඩා තක්කාලි ගෙඩියක හැඩයක් තියෙන මේ කරල කපන විටම නහය කඩාගෙන යන සැරක් දැනුනා. වවපු නිසා හතරට පලපු කෑල්ලකින් බාගයක් බත් සමග කෑවට පස්සේ තමයි මෝඩ කම තේරුනේ. බඩේ දැවිල්ලට “අර ගස් වලින් ගන්න” යෝගර්ට් සෑහෙන ප්‍රමාණයක් කන්න සිදු උනා. පසුව මා සොයා බලන විට දැන ගන්න ලැබුනේ ලෝකේ සැරම මිරිස් හදල තියෙන්නේ ඕස්ට්‍රේලියානු ජාතිකයන්. මෙහෙම සැර මිරිස් ජාතියක්  මා මීට කලින් කාල නැහැ. කසිප්පු වඩියකට නම් හොඳ ඇති කියල හිතෙනවා.

Advertisements

5 Comments

Filed under Food, Social

5 responses to “ගස් වලින් කඩන යෝගර්ට් and world’s hottest chilli!

  1. Is That Jala Peno

    • Raigama

      Hi Saman, thanks for reading! It seems like that you haven’t clicked the last link in my post. Here are some extracts “The fiery Trinidad Scorpion Butch T registers 1,463,700 Scoville heat units, placing it ahead of the previous world’recod-holder recognised by Guinness World Records, the Naga Viper, which comes in at 1,382,118. Jalapenos measure about 2500-5000 and the hottest Tabasco is 30,000”. If you have time, please go back and have a look.

  2. Jalapeno’s served in Subway burgers are not that hot.

    The hottest chilli I tasted was in Canberra as well. That was during the Floriade. There was a chilli stall and I tasted the chilli past in hot scale 7 – with a piece of corn chip assuming it is in an Ausee scale. It was was too late after the first bite and it took a whole bottle of water to get over the burn.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s