පැරදුනත් දිනපු ලංකා කණ්ඩායම! Sri Lanka Cricket-Winning while losing!


කොමන්වෙල්ත් බැංකු කුසලාන තරඟාවලියේ ජය ග්‍රහණය ලබාගන්න බැරි උනත් ලංකා කණ්ඩායම මේ තරඟාවලියෙන් ලබා ගත්ත දේ වැඩියි නැති කර ගත්තු දේට වඩා. පරාජයේ අසතුට පහව යන්න අවසාන තරඟය බලන්න ආපු ක්‍රීඩා ඇමති ලොකු බඩකුත් සමග තිරයේ දිස් වීම හේතු උනා. දිනුවත් මෙයාලව ජනතාව පත් කර ගන්න තාක් කල් ක්‍රිකට් වලට වත් රටට වත් සෙතක් වෙන්නේ නැහැ. කුසලානේ දිනුව නම් කරගහගෙන යන්න වෙන්න ඇති ඇවිල්ල තිබුනේ. ඒ කේන්තියට පරාජයේ දොම්නස් පහව ගියා.

මගෙත් එක්ක ක්‍රිකට් කතා කරන සුද්දෝ ලංකා කණ්ඩායම ගැන ගොඩක් හොඳ කිව්වා. ග්‍රීෂ්ම සෘතුවේ ඉන්දීය කණ්ඩායමත් සමඟ තිබුන “ඒක පාර්ශවිය ඕස්ට්‍රේලියානු” ක්‍රිකට් වලට නව ජීවයක් දුන්නේ ලංකා කණ්ඩායම. සතියේ දිනවල තිබුන නිසා අන්තිම තරඟ දෙකම බලන්න වැඩිපුර සෙනග හිටියේ නැහැ. තිබුනෙත් ඇඩිලේඩ් නගරයේනේ. අන්තෝනි ග්‍රෙග් නම් කිව්වේ මේ දවස් දෙකේ ලංකාවේ නම් කන්තෝරු වල කිසිම වැඩක් කෙරෙන්න නැතුව ඇති කියලා. අඟහරුවාදා තිබුන දෙවෙනි අවසන් තරඟය ලංකාව දිනාගෙන එනකොට ටෝනි කිව්වේ ඊළඟ තරඟයට මෙල්බර්න් වල ඉන්න ලංකාවේ කට්ටියට දවසක නිවාඩුවක් දාල තරඟය බලන්න එන්න කියල. කොහොම උනත් පුටු සේරම පිරිලා තියන තරඟයක් විස්තර විචාරය කරන එකට ඒ අය වඩාත් කැමතියි.

මා දැක්ක එක කෙනෙකුගේ බ්ලොගයක තියනවා, ලංකාවේ එක්තරා ජන කොට්ඨාශයක් විදේශ රටක කණ්ඩායමකට රතිඥ්යා පත්තු කරන එකත් ඕස්ට්‍රේලියාවේ වාසය කරන ලාංකිකයන්, ලංකාවට හුරේ දාන එකයි සමාන කරලා. සමහර බ්ලොග් වල කරනවා වගේ ආගමක හෝ ජාතියක ටික දෙනෙකු කරන දෙයකට සේරම පටලවන්න මට කැමැත්තක් නැති නිසයි නම් රටවල් නොලීවේ. නමුත් තමන්ගේ ජිවිත කාලයෙන් බාගයකට කිට්ටු කාලයක් ගත කරපු උපන් රටට තියන බැඳීමයි, කෙනෙක් කිසි දවසක පය ගහලවත් නැති, අඩු ගානේ ඉන්න මිනිස්සු කොයි වගේද දන්නෙත් නැති, ඒ රටේ බාෂාව වත් දන්නේ නැතුව (ආගම එකක් වීම පමණක් නිසාම) වෙන රටකට හුරේ දාන එකයි සමාන කරන එකත් (අර හුරේ දාන කට්ටිය කරන එක වගේම) ඔලොමොට්ටල වැඩක්. ඇමෙරිකානු කළු ජනතාව තමන් පැවත එන ඇෆ්රිකානු රටවල් වලට වත් හුරේ දාන්නේ නැහැ.

හැබැයි මා කලින් ලියුවා වගේ  වෙන රටක උපදිලා සංක්‍රමණය වන සියලු දෙනාම පාහේ තමන් උපන් රටට තියන බැඳීම අත්හරින්නේ නැහැ. නොවක් ජෝකොවිච් මෙහෙ ටෙනිස් සෙල්ලම් කරන කොට සර්බියානු-ඕස්ට්‍රේලියානු ජනතාව ඔහුට හුරේ දානවා. මෙය එක අතකට අප ජිවත් වෙන රටට කරන ද්රෝහී කමක් ලෙස අර්ථකථනය කරන්න පුළුවන් උනත්, මෙහෙ ඉන්න “ස්වදේශිකයන්” ලොකු ප්‍රශ්නයක් ලෙස දකින්නේ නැහැ. සමහර වෙලාවට අර ජනතා අවධානය ගන්න ඕනෙම දෙයක් කරන පත්තර කාරයොත් රේඩියෝ කාරයොත් මේ වගේ දේවල් අල්ල ගන්න උත්සහ කරනවා තමයි. ටෝනි ග්‍රෙග් විතරක් නොවේ ඕස්ට්‍රේලියානු විස්තර විචාරකයනුත් ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ සහබාගිත්වය අගය කළා මිසක් ද්රෝහී ලේබලය ඇලෙව්වේ නැහැ.

ගිය අඟහරුවාදා  තරඟය ගැන ගුවන් විදුලියෙන් සවන් දෙන කොට එක නිවේදකයෙක් කතාවක් කිව්වා. ඔහු කිව්වේ මේ දවස් වල මයිකල් ක්ලාර්ක්ව අල්ල ගන්න තියන අමාරුව ගැන. ඊට පස්සේ කියුවා ඔහු පසුගිය දිනෙක ලංකා කණ්ඩායමේ මාධ්‍ය බාර එක්කෙනාට කතා කළා, කණ්ඩායම ගැන විස්තරයක් ගන්න. ඔහු කීව “මා නම් බිසී” ඕනේ නම් මහේලගේ මොබයිල් නොම්මරේ ඕනේ නම් දෙන්නම් කියලා. අනෙක් විස්තර විචාරකය කිව්වේ “ගෝල්ඩ්” නේ කියලා. මහේලගේ නිහතමානිත්වය දෙන්නම අගේ කළා.

නමුත් හවස ගෙදර යන කොට අර ඇඟිල්ල උරුක් කරන සිද්දිය ගැන නම් මේ දෙන්නාම අප්‍රසාදය පළ කෙරුවා. ලංකාවේ හැදුන වැඩුන කෙනෙකුට නොපෙනෙන පැත්තකුත් මේ ඇඟිල්ල උරුක් කරන එකේ තියනවා. තරඟයක උච්ච අවස්තාවක අර වගේ වාද කිරීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් බටහිර ඇඟිල්ල දික් (උරුක්) කරලා කතා කරනවා කියන්නේ තර්ජනය කරන එකයි. මහේල වාද කරන වෙලාවේ අත්දෙක පහත තිබුන නම් කතාව ටිකක් වෙනස්.

මගේ මතකයට ආවේ ලංකාවේ ඉහල රාජ්‍ය නිලධාරියෙක් බටහිර ජනමාධ්‍ය සමග පවත්වන සම්මුඛ සකච්චා. ඔහු ඇඟිල්ල උරුක් කරන හැටියට මෙහෙ ප්‍රේක්ෂකයන් හිතන්නේ ඔහු අර ජනමාධ්‍ය වේදියාට තර්ජනය කරනවා කියලයි. අප පුරුදු වෙලා තියන හැටියට මේක නිකම් එදිනෙදා සාමාන්‍ය කතාබහෙදිත් කරන දෙයක්. හැබැයි මේ වගේ දේවල් ගැන අර රාජ්‍ය නිලධාරියා කෙසේ වෙතත් ලංකා කණ්ඩායමේ නායකයා දැනුවත් වී තිබීම ඔහුගේ ප්‍රතිරූපයට හොඳ දෙයක්.

ඒ තරඟය අන්තිමේදී මහේල කියපු දේ අර අන්තිම තරඟය බලන්න ආපු ක්‍රීඩා ඇමතිට විතරක් නෙමේ ලංකා ක්‍රිකට් සල්ලි කාබාසිනියා කරපු සේරටම ( Mr. 10%ලාට ) දුන්න කනේ පාරක්. මහේල කියුවේ මට 10% ක දඩයක් ගහල තියනවා, හැබැයි මට එක ගෙවන්න වෙන්නේ මට මගේ පඩිය ලැබුනොත් තමයි (ලංකා ක්‍රිකට් වලින්) කියලා.

Advertisements

4 Comments

Filed under Social

4 responses to “පැරදුනත් දිනපු ලංකා කණ්ඩායම! Sri Lanka Cricket-Winning while losing!

  1. ඇත්තටම මහේල ඇගිල්ල දික් කරපු එක වැරදියි වගේ තමයි. ඒත් ඉතින් ඒ අයත් ඒක සිරා ගන්න ඔද නෑ නේ…මෙහෙ උණත් ඕ විදියට කතා කරන එක චර්යා විද්‍යාත්මකව වැරදියි. පොඩි ලමයි ඉස්සරහ තාත්තල උනත් කතා කරද්දි ටිකක් ප්‍රෙව්සම් වෙන එක හොඳයි.
    ඒ වගේ ඇඟිල්ල උරුක් කරන බොස්ලට සාමාන්‍යන් මාක්ස් අඩු වෙනව අපේ කම්පැනියෙ…එයාල හැමතිස්සෙම වරද අනෙක් පසට දෙන්න හදන්නෙ..

    • Raigama

      මෙහෙමනේ ඉන්දික. පොතේ තියන චර්යා විද්‍යාවන්ට අනුව වැරදි උනත්, ඇඟිල්ල උරුක් කිරීම ලංකාවේ බොහෝ දෙනා එදිනෙදා කතා බහේදීත් කරනවා. දැන් බලන්න අර රාජ්‍ය නිලධාරියා බටහිර මාධ්‍ය වේදියාට මෙහෙම කියනවා “ඔබ කොහොමද කියන්නේ ලංකාවේ මාධ්‍ය නිදහස නෑ?” කියල. මේක ඇඟිල්ල උරුක් කරලා කියන කොට බටහිර ප්‍රේක්ෂකයාට තේරෙන්නේ “අඩෝ! එන්න එපා මගෙන් ප්‍රශ්න අහන්න” කියලා. අර රාජ්‍ය නිලධාරියාට ඇත්තටම කියන්න ඕනේ ඒකමද කියල මන් දන්නේ නැහැ. නමුත් මාධ්‍ය වේදියා ඉදිරිපත් කරන කතාව මේවගේ හැසිරීම් නිසා නිකම්ම සනාථ වෙන බව තමා මෙය බලන බටහිර ප්‍රේක්ෂකයා හිතන්නේ. ලංකාවේ සමහරු බස් නැවතුමේත් කරන එක අතක් මිට මොලාවන්, අනිත් අතේ අල්ලෙන් තට්ටු කිරීම රුසියාවේ කුනුහරුපයක්.

  2. This is a communication issue. I did not know about the issue of the middle finger until I come to Australia.

    I think that Premadasa statue in Colombo has the middle finger up, if I am not mistaken.

    • No Rasika. This is not the middle one. This is the pointy finger. They are two different gestures. No wonder if Premadasa statue in Colombo has the middle finger up, because that was what he really did (to the nation)when he was alive.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s