පාසල් වල දාමරික ක්‍රියා පිටු දැකීමේ දිනය Anti-bullying day in Australian schools


ගිය දාසය වන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ පාසල් වල “කරදර කිරීම්” පිටුදැකීමේ දිනය ලෙස වෙන් කර තිබුනා. දාමරික කම් හා කරදර කිරීම් පාසල් වලටම සීමා උන දෙයක් නොවේ. අපේ වැඩ කරන තැන වලත් ඕනේ තරම් දකින්න පුළුවන්. මාත් පාසල් සිසුවෙකු ලෙස ඉන්න කාලේ මේ වගේ කරදර කිරීම් වලට මුහුණ දී තිබෙනවා. පාසලේදී පමණක් නොවේ ගෙදරදී පවා කරදර කිරීම් වලට ලක් වී තියනවා. අද මා ඒ සිදුවීම් දිහා බලන්නේ උපේක්ෂා සහගතව. මේවා ගැන අපේ දෙමාපියන්ට පවා එතරම් හැඟීමක් තිබුනේ නැහැ. සිකුරාදා මේ දිනය දා නිව් සව්ත් වේල්ස ප්‍රාන්ත රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2008 වසරේ මෙවැනි කරදර කිරීම් නිසා 2008 වසරේ දිවි නසාගත් 14 හැවිරිදි පාසල් සිසුවෙකුගේ පව්ලේ අයට ඩොලර් මිලියනයක් වන්දි වශයෙන් ලබා දුන්නේ කරදර ක්‍රියා නතර කිරීමට ප්‍රමාණවත් අයුරින් ක්‍රියාත්මක නොවීමේ වගකීම පවරා ගනිමින්. ප්‍රවුර්තිය යනකොට මගේ බිරිඳ කීවේ මොනවා දුන්නත් ළමයා ආපහු ගන්න බෑනේ කියලා. මෙවන් සිදුවීම් නිතරම නොවුනත් අහන්න ලැබෙනවා. මීට වඩා කුඩා සිදුවීම් දිනපතාම පාසල් වල සිදු වෙනවා. මෙවැනි සිදුවීම් වලදී ආරම්භයේ දීම ක්‍රියාමාර්ග ගැනීමට දෙමාපියන්ද වග බලා ගැනීම වැදගත්. එවැනි දේවල් ගැන ගෙදර ඇවිත් කතා කරන්න දරුවන් උනන්දු කළ යුතුයි. පාසල් 100% ක් මෙවැනි සිද්දි වලදී ක්‍රියාත්මක වෙයි කියල උපකල්පනය කරන්න නරකයි. බටහිර රටවල් වල ළමුන්ගේ පාසල් කාලය තුලදී 30% ක් දෙනා පමණ මෙවැනි කරදර කිරීම් වලට මුහුණ දෙනවා කියනවා. නමුත් මෙයින් 25-50% ක අතර පිරිසක් ඒවා ගැන දෙමාපියන්ට කියන්න යන්නේ නැහැ. ලංකාවේ පාසල් වල තත්වය මා දැන් නොදන්නා නිසා ලියන්නේ නැහැ. හැබැයි මෙහේ නම් දෙමාපියන් උනන්දුවෙලා මෙවැනි දේවල් ගැන පාසල් දැනුවත් කරනවා නම්, ඔවුන්ට ඒ සඳහා පියවරක් ගැනීමට සිදුවෙනවා. එහෙම දැනුවත් කරලත් පියවරයන් නොගත්ත අවස්ථාවලදී තමයි ඉහත කියපු ආකාරයේ ඉතාම කනගාටුදායක සිදුවීම් වාර්තා වන්නේ. විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් ළමා කාලේදී මෙවැනි කරදර වලට අසුවී තියන බව පසු කාල වලදී කියා තියනවා. අර “බ්‍රිටෙයින් ගොට් ටැලන්ට්” වැඩසටහනේ 2009 වසරේ දිනුව දැන් ලක්ෂපති ගායිකාවක් වන සුසන් බොයිල් ද මෙවැනි කරදර වලට ලක්වුවෙක්. ඔවුනගේ විවුර්ත කතා බහ නිසා මෙවැනි සිදුවීම් නතර කිරීමට වෙනදාට වඩා අවධානය යොමු වෙලා තියනවා.

ඕස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යාපනයේ පරිපාලන හා විෂය නිර්දේශ ගැන වගකීම තියෙන්නේ ප්‍රාන්ත රජයට. ලංකාවේ පළාත් සභා වගේ නොවේ ප්‍රාන්ත ආණ්ඩු නියම වශයෙන් ක්‍රියාත්මක වන රටක් තමා ඕස්ට්‍රේලියාව. පාසල් වලට අමතරව, පොලිස්, ඉඩම්, සෞක්‍ය වැනි ක්රෙශ්ත්‍ර ගණනාවක බලතල ප්‍රාන්ත රජයන් වෙත තියනවා. ප්‍රදාන පක්ෂ දෙක තමා ප්‍රාන්ත ආණ්ඩු වලත් ඉන්නේ. නමුත් ඔවුන් පෙඩරල් පක්ෂයෙන් වෙන්වයි කටයුතු කරන්නේ. සමහර වෙලාවට පෙඩරල් පක්ෂයේ මහා ආණ්ඩුවේ තීරණ වලට විරුද්ධ වෙන එම පක්ෂයේ ප්‍රාන්ත ආණ්ඩු තියනවා.  ගජමිතුරු ප්‍රජාතන්ත්‍ර වාදය යටතේ මෙවැනි ප්‍රාන්ත ආණ්ඩු ක්‍රමයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

Advertisements

Comments Off on පාසල් වල දාමරික ක්‍රියා පිටු දැකීමේ දිනය Anti-bullying day in Australian schools

Filed under Education

Comments are closed.