බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, බණත් අහන්නැති ඒ කාලේ! We don’t even notice it.


අක්මල් සැලෙයි කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න හිටිවන විහිළු කතා කාරයෙක්. හිටිවන විහිළු ක්ෂේත්‍රයේ රැඳී ඉන්න හැමෝටම බැහැ. හොඳ හැකියාවක් තියෙන්න ඕනේ. අර ඇනස්ලි බර්ටි සැමුවෙල්ලගේ විහිළු එක්ක සසඳන කොට අද ලංකාවේ කෙරෙන විහිළු වැඩසටහන් මට නම් බලන්න බැහැ.

කොහොම හරි අක්මල් මෙහෙ ඉපදුන කෙනෙක් නොවේ. ඊජිප්තුවේ ඉඳන් අක්මාල්ගේ අම්මයි තාත්තයි ඕස්ට්‍රේලියාවට එනකොට පොරට වයස අවුරුදු  11 යි. මිනිහගේ පොඩි සම්මුඛ සාකච්ඡාවක් සඟරාවක දැක්කා. විහිළු කාරයෙක් උනත් කියල තිබුන දෙයක් ගැන මටත් ලියන්න හිතුනා.

අක්මාල්ගේ දෙමාපියන් හොඳ සැදැහැවත් කොප්ටික් ක්‍රිස්තියානි ඇදහිලිකරුවන්. පත්තරකාරය අහනවා ඇයි ඔබ ආගමෙන් දැන් ඈත් වෙලා කියල. අක්මාල් කියන්නේ, ආගමෙන් කියන, ආදරයයි, සමාව දීමයි කියන පණිවිඩය හා මේ ආගම් ක්‍රියාත්මක වෙන පල්ලි හා පාදිලි වරුන්ගේ ක්‍රියාකාරිත්වයයි අතර තියන විශාල හිඩැස. ඊජිප්තුවේ මුබාරක්ගේ පාලන කාලේදී මේ ඔප්ටික් පාදිලිවරුන් විතරක් නොවේ මුස්ලින් ආගමික නායකයන් පවා, මුබාරක්ගේ දූෂිත පාලනයට හා ඔහුගේ වධ හිංසා වලට අනුකුල තාවය දැක්වූ හැටි අක්මාල් කියනවා.

මේක ඔහුගේ ආගමට විතරක් නොවේ අනික් ආගම් වල ප්‍රධානීන්ට විතරක් නොවේ, බදා ගෙන ආගම් අදහන සාමාන්‍ය මිනිසුන්ටත් පොදුයි කියලයි මා හිතන්නේ. බොහෝ දෙනා ආගම් අදහන්නේ ඒවායේ උගන්වන මුලික දේවල් අමතක කරලා, නිකම් වත් පිළිවෙත් වලට මුලිකත්වය දෙමින්.

ආගම මගේ ජිවිතයේ ප්‍රධාන කොටසක් උනේ නැහැ කවදාවත්. නමුත් පන්සලට කලාතුරකින් හෝ යන එක, දානයක් දෙන එක ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. වඩාත්ම මෙවැනි දේවල් වල තියන සමාජයීය වටිනාකම නිසා. ඒත් පින් බලාගෙන දානේ දෙන අයත්, පන්සල් හදන අයත් මටත් වඩා බුදු හාමුදුරුවන් කියන දේ තේරුම් අරන් නැති බව මා පහත කියන සිද්දි දෙකෙන් ඔබට තේරුම් යාවි.

ඕස්ට්‍රේලියාව වගේ රටක පන්සලක් හදන එකට සෑහෙන කැප කිරීමක් තියෙන්න ඕනේ. ශ්‍රි ලාංකික බෞද්ධ  පිරිස වැඩි වන තරමට පන්සල් හැදෙන ප්‍රමාණයත් ඉහල යන්නේ ප්‍රජාවගේ අවශ්‍යතා සපුරා ගැනීමට. පන්සලක් හැදීමට මා නම් දායක වෙලා නැත්තේ මා සැදැහැවත් කෙනෙකු නොවන නිසාම පමණක් නොවේ. ඉස්සර මා ඉඳලා හිටලා “අනුන් හැදුව” පන්සලකට ගොඩ වැදීමට අමතක කළේ නැහැ. එහෙම පන්සල් ගිය එක දිනෙක, අප පසෙක සිටියදීම පන්සලට ආපු “ප්‍රධාන” දායකයෙක් හාමුදුරුවන් සමග කීවේ “බලන්න හාමුදුරුවනේ, පන්සල හදන්න නම් කව්රුවත් නැහැ, ඒත් හැදුවහම නම් කව්රුත් එනවා වඳින්න”.

එදා තමයි මා තේරුම් ගත්තේ මේ පන්සල් හදාගෙන තියෙන්නේ, තම තමන්ට වැඳ ගැනීමට මිසක් පොදු යහපත පිණිස නොවේ කියල.

ඒ කාලයේම අප දානයක් දීමට දිනයක් වෙන්කරගෙන තිබුනා. දානෙට සේරම ලක ලැහැස්ති කරලා තියෙන කොට දවස් තුනකට කලින් හාමුදුරුවන් කතා කරලා කියාපි “මහත්තයෝ, අනිත්දට දානේ ගන්න විදිහක් නෑනේ, අර ….. මහත්තය එදාට දානේ දෙන්න ඕනේ කියල ඉල්ලා ගත්තා”. අප දානේ දවස වෙන් කර ගත්තේ මාස තුනකට විතර කලින්.

මේ වගේ සිද්දි නිසා කලාතුරකින් හෝ පන්සල් යන එක දැන් මා ආසාවකින් කරන්නේ නැහැ.  තරඟයට දාන දීමට මගේ කැමැත්තක් නැති නිසා එයත් දැන් කරන්නේ නැහැ.

Advertisements

8 Comments

Filed under Social

8 responses to “බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, බණත් අහන්නැති ඒ කාලේ! We don’t even notice it.

  1. සජීව ධනුද්ධර

    //එහෙම පන්සල් ගිය එක දිනෙක, අප පසෙක සිටියදීම පන්සලට ආපු “ප්‍රධාන” දායකයෙක් හාමුදුරුවන් සමග කීවේ “බලන්න හාමුදුරුවනේ, පන්සල හදන්න නම් කව්රුවත් නැහැ, ඒත් හැදුවහම නම් කව්රුත් එනවා වඳින්න”//
    මෙහෙම උදවියට බෞද්ධයෝ කියලා කියන්න පුළුවන්ද? ඒ කියන විදියට ඒ පන්සල කියන්නේ එක්තරා කල්ලියක බූදලයක්.

    • මේක පන්සල් වලට විතරක් සීමා උන දෙයක් නොවේ සජීව. අපේ වැඩ කරන තැන සේවය කරන දෙමල කෙනෙක් කීවේ එයාලගේ කෝවිලත් මෙහෙමයි කියල. මිතුරන් අතරේ පමණයි හෝ හදපු අයට සිමාවේ කියල ගේට්ටු වේ ප්‍රදර්ශනය කලොත් අප වගේ කට්ටිය අමාරුවේ වැටෙන්නේ නැහැ.

  2. kathandarakaraya

    යන්න කෝ අල්ලපු ගමේ පන්සලට!

    • කකා, අල්ලපු ගමට කිලෝමීටර 300 ක් තියනවා. ලංකාවේ ඉන්නකොට අල්ලපු වත්තේ තිබුන පන්සලට නොගිය මා, එච්චර දුර තියන පන්සලකට යාවිද? කොහොමත් කකා, පන්සල් යාම මගේ ප්‍රියතම දෙයක් නොවේ ඒ කාලේ ඉඳන්ම.මෙයාල මගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා.

  3. ඔයා කතා කරන්නේ මෙල්බර්න් පන්සල් ගැනද? 🙂

  4. hasithag

    පන්සල්වලට අයිතිකාරයෝඅ ඉන්නවානේ 😛

    මිනිසුන් තමන්ගේ ආගම වෙනුවෙන් කතා කරති, වාද කරති, සටන් කරති, ජීවිතය පුදති. එහෙත් නොකරන්නේ ආගමට අනුව ජීවත් වීම පමණි කියලා කවුදෝ මන්දා කියලා තියෙන්නේ මේ නිසා තමා

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s