Monthly Archives: March 2012

කප්ෂියා! The wish bird (My Food Experiences – 3)!


මා ගෙදර වැඳුම් පිදුම් කරනවා නම් කුකුලෙක්ගේ පින්තුරයකුත් අඩු ගානේ සිමෙන්ති පොලවට කිට්ටුවෙන් හරි එල්ලනවා. මොකද කුකුල්ලු/කිකිලියෝ එච්චරම ප්‍රයෝජනවත් ජාතියක්.කුකුල්ලුන්ගේ පිහිටෙන් වියාපාර හදපු Colonel Harland Sanders වගේ කට්ටිය මටත් වඩා කුකුලන්ට වන්දනා මාන කරන්න ඕනේ. මුන්ගේ අහක දාන්නේ මොනවාද. ඉපදෙන්න කලින්ම බිත්තරේ කනවා. ටිකක් ඉපදීගෙන එනකොට කළලේ කනවා. ඉපදිලා සතියෙන් දෙකෙන් කනවා. ටිකක් ලොකු මහත් කරල කනවා. කුකුල් වසුරු කාබනික පොහොරක් විදිහට බෝග වවන්න ගන්නවා. පිහාටු වලින් කොට්ට හදනවා. ශරීරයෙන් අයින් කරන්නේ ඔළුවයි දණහිස්සෙන් පහල කෑල්ලයි විතරයි. සමහරු එව්වත් අහක දාන්නේ නැහැ.

මා කියන්න යන්නේ එහෙම කතාවක්. රුසියාවේ ඉගෙන ගන්න ගියහම, අපේ කාමරේට අල්ලපු කාමරේක හිටිය කම්පුචියාවේ (කැම්බෝරියාවේ) කොල්ලෝ දෙතුන් දෙනෙක්. පොරවල් හරිම අහිංසකයි. අර පොල් පොට් කාරයා ඒවගේ රටක කොහොම හැදුනද මන්දා. ඌට ඔච්චර ජරා වැඩ කරන්න පුළුවන් වෙන්න ඇත්තේ සමහර විට ඒ මිනිසුන්ගේ අහිංසක කම හින්දම වෙන්න ඇති. කොහොම හරි මෙයාල අමුතු කෑමක් සමහර දාට හදනවා. පොලේ කුකුල්ලු මරණ තැනට ගිහින් කුකුලන්ගේ කකුල් (අප කන කලවා නොවේ, ඇඟිලි ටිකත් එක්ක කොටස) අරන් එනවා. මේවා අරන් එනවට මුන් සල්ලි ගෙව්වද, කසල අයින් කරන එකට මෙයාලට ගෙව්වද කියල නම් මට අහන්න බැරි උනා. ගෙනත් තෙලේ බදිනවා. හොඳට බැදුනම කර කර ගාල හපල කන්න පුළුවන්. හොඳ ඔව්ෂදිය ගුණයක් තියනවා කියලයි අර කට්ටිය නම් කිව්වේ. මා නම් කෑවේ නැහැ. නමුත් නරකම නැතිය කියල හිතෙනවා.

කප් රුක වගේ සියල්ල දෙන පක්ෂියා කප් ෂියා කියල කියන්න පුළුවන්.

4 Comments

Filed under Food