Monthly Archives: April 2012

රු 2500 න් ජීවත් වෙන ගමන්, අපොස සාපෙ ගණිතය පාස් වෙන්න බැරි හැඩයි! Do it in Ernest Hemingway’s way!


තරුණ ගායකයෙකුගේ මරණය ගැන ලියවුන පත්තර සටහනක ප්‍රතිචාර වලට ගොඩක් දෙනෙක් ලියල තිබුනේ අපරාදේ මත්පැන් නිසා ජිවිතයක් අකාලේ නැති උනා කියලා. එම ගායකයා මරණයට පත් වුනේ බෙහෙවින්ම වෙනස් හේතුවක් නිසා කියලා අර පත්තර සටහන ලියුව කෙනා නොදැන ඉන්න හේතුවක් නැහැ. ඒ විතරක් නොවේ මේ ප්‍රතිචාර අනුමත කරන එකාත් නොදැන සිටින්නට හේතුවක් නැහැ. මොවුන් මේ ප්‍රතිචාර අනුමත කිරීම ඇත්තටම අර මනුස්සයට කරන නිගරුවක් විතරක් නොවේ, ඔහුගේ කිට්ටුවන්තයන්ට වේදනා ගෙන දෙන්නක්. මොවුන් (පත්තර හා විකල්ප මාධ්‍ය) ගොඩක් වෙලාවට කුණු රසය දෙන ඕනෑම ප්‍රතිචාරයක් අනුමත කලත්, ඔවුනගේ වරදක් හෝ ඔවුනගේ අදහසට විරුද්ධ දෙයක් ප්‍රතිචාරයක් වශයෙන් යැව්වොත් ඒවා කුණු බක්කියට දානවා.

කොහොම උනත්, බටහිර ලෝකයේත් කලාකරුවන් අකාලේ මිය පරලොව යන්නේ බොහෝ විට මත්පැන්, මත ද්‍රව්‍ය, වෛද්‍ය වරයකු විසින් අනුමත කරන ලද බෙහෙත් වැඩිපුර පාවිච්චි කිරීමෙන්. මත් පැන් හා කලාව බොහෝවිට එකට බැඳී තියෙන්නේ මොන හේතුවක්ද කියලා මා දන්නේ නැහැ. ලංකාවෙත් පරසිදු කළා කරුවන් (ගායකයන්, නළුවන්, ගීත රචකයන්, පුවත්පත් කලාවේදීන්, නවකතා කරුවන්, අධ්‍යක්ෂක වරුන් ආදී වශයෙන්) මත්පැන් වලට ආසාවක් දක්වන්නන් කියලා ප්‍රසිද්ධයි. මත්පැන් හා දුම්පානය ශරීරයට අහිතකර බවට වෛද්‍ය විද්‍යාව කියනවා. ඕනෙම දෙයක් පමණට වඩා ගත්තොත් යහපතක් වන්නේ නැහැ. සමබර ආහාර වේලවල් පහක් හයක් දවසට කෑමට ගත්තොත් ඒවා තව දුරටත් සරීර සෞක්‍යයට “සමබර” වෙන්නේ නැහැ. මත්පැන් පානය දුරාචාරයක් කියලා පිළිගන්න බහුතරයක් ඉන්න ලංකාවේ බොහෝ දෙනා මත්පැන් බොනවා. නමුත් බොන්නේ බොහෝ වෙලාවට හොරෙන්. මංගල්යකදී උවත් බොන පිරිමි කට්ටිය ගෙදරක් තිර දාපු කාමරයක් ඇතුලේ බොන්නේ. බොන එකත් පට ගාලා උගුරට හලා ගන්නේ කව්රුත් දකීවි යයි සැකයෙන්. හැබැයි කටිටිය වෙරි වෙන්නේ එළිපිට. එතකොට අර හොරෙන් බීපු එක අමතකයි! පෝය දිනවල මත්පැන් වෙළඳාම් නොකෙරුනත්, ඊට කලින් දින එදාටත් හරියන්න බෝතල් විකිනෙනවා. ඕනෙම දෙයකට ඇබ්බැහි වීම අනතුරු දායකයි. කෑමට ඇබ්බැහි වීම නිසා ජීවිතය විනාශ කරගන්නා අය වගේම නොකෑමට ඇබ්බැහි වීම නිසා ජීවිතය අවුල් කර ගන්න කට්ටිය බටහිර ලෝකේ ඉන්නවා. ඉතින් මත්පැන් ගැන කවර කතාද?

මිට කලකට කලින් සයිමන් නවගත්තේගම දිවයිනේ “මත්පැන් හා දුම් පානය සමගින්” ලියුව ලිපියකට අමද්‍යප කෙනෙක් ලියා තිබුනේ, මත්පැන් නිසා මොලයේ ශයිල විනාශ වෙනවා, දුම්පානය නිසා තව දේවල් වෙනවා, ඉතින් ඔය කියන සිතිවිලි පහල වීම ගොන් අදහසක් පමණයි කියලා. ඉන්පසු මේ ගැන ටිකක් දුර වාදයක් ගියා. කෙනෙකුගේ නිර්මාණාත්මක සිතිවිලි පහල වෙන්නේ කොහොමද කියලා කියන්න “අමද්‍යප” වියාපාරයක සභාපති කෙනෙක් තීරණය කරන්නේ කොහොමදැයි මා දන්නේ නැහැ. නමුත් සයිමන් නවගත්තේගම ප්‍රතිභාපුර්ණ කළා කාරයෙක් කියලා නම් මා දන්නවා. සයිමන් විතරක් නොවේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ පවා අමද්‍යප නොවේ.

මේ සියල්ල ලියුවේ මත්පැන් වල ගුණය වර්ණනා කරන්න නොවේ. අද කියවපු ලිපියක තිබුන දෙයක් නිසා. New Scientist (vol 213, issue 2856, p 14) සඟරාවේ මෙහෙම තිබුනා. අර කතාවක් තියනවානේ මත්පැන් වීදුරුවෙන් ප්‍රශ්න වලට විසදුම් සොයන්න බැහැ කියලා.හැබැයි “පොඩි අඩියක්” විසදුම් සොයා ගන්න උදව්වක් වෙන්න පුළුවන්. චිකාගෝ නුවර ඉලිනොයිස් සරසවියේ පර්යේෂකයන් පිරිසක් 40 දෙනෙකු තෝරාගෙන, වොඩ්කා හෝ පලතුරු යුෂ දුන්නා ශරීරයේ බර අනුව. පසුව මේ කට්ටියට දුන්නා පොඩි සංකල්පමය ගැටළු ටිකක් විසඳන්න. අර “පොඩ්ඩක් ගත්” කට්ටිය විසඳුවා 38% කට වඩා වැඩියෙන් ගැටළු “සිහියෙන් හිටපු” කට්ටියට වඩා. අර කලින් කට්ටිය විසදුම් වලට වඩා ඉක්මනින් ලඟා උනා.මේ අය කියුවේ ඔවුන්ට පිළිතුරු වෙත ලඟා වෙන්න “ක්ෂණික ඥානයක්” පහල උනා කියලා. පර්යේෂකයන් කියන්නේ මේ ක්ෂණික ඥානය පහල වෙන්නේ මත්පැන් නිසා එක දෙයක් ගැන මොලය නාභිගත කරන්න උදව් උන නිසා කියලා.මේ අනුව මත්පැන් මනස ඉබාගාතේ යන්න උදව් කරනවා විවිධ වෙනස් අදහස් එකතු කරමින්. හැබැයි කෙන්ටකි වල ලුවිස්විල් සරසවියේ මර්සි ඩිකරෝ කියන්නේ මේ එක අදහසකින් තව එකකට පන්නින්න පුළුවන් වෙන එක නම් හොඳයි, නමුත් මේකේ මේකේ ඇති වාසිය සීමා සහිතයි කියා. සමහරු පාසල් කාලයට වඩා සරසවියේදී දක්ෂ ලෙස ඉගෙන ගන්නේ ඇයි කියා ඔබ මොහොතකට හිතුවාද?

4 Comments

Filed under Education, Media, Social