දින තුනේ සති අන්තයක් ! A three day weekend-not a bad idea!


අද මහසිකුරාදා, ඕස්ට්‍රේලියාවෙත් නිවාඩු දවසක්. පාස්කු වලට ලබන සඳුදාත් නිවාඩු. මේක තමයි, ලබන නත්තල වෙනකම් තියන දිගම නිවාඩුව. මන් බ්‍රහස්පතින්දාත් නිවාඩුවක් දැම්මා. ලොක්ක ඇහුවේ ඇයි උඹ නිවාඩු ගන්නේ, මන් හිතුවේ උඹ මේ සති ටිකේ පැය විසිහතරම වැඩ කරාවි කියලා. පොර දන්නවා මගේ නැන්දම්මා ටික දවසකට මෙහෙ ඇවිත් ඉන්න බව.

පසුගිය සතියේ ප්‍රවුර්තියක තිබුනා, ලංකා සේවාදායකයන්ගේ පෙඩරෙෂණයේ (the Employer’s Federation of Ceylon (EFC)) අධ්‍යක්ෂක ජනරාල් වරයා කියලා තිබුනා කියා , ඔවුන් ලංකා ආණ්ඩුවෙන් දවස් පහේ වැඩකරන සතියක් ලබා ගැනීමට දිගටම ඉල්ලුම් කරන බව. ඔහු කියලා තිබුනේ ලංකාවේ සතියකට වැඩ කරන පැය 45 හ දවස් පහක් හා සෙනසුරාදා වරුවක් වැඩ කරන්නේ නැතිව, දවස් පහකට සමව බෙදා දවස් පහේ සතියක් ක්‍රියාත්මක කලයුතු බව. මේ අනුව දවසට අමතර පැයක්, වැඩිපුර ගෙවීමක් නැතුව වැඩ කිරීමේ මාස තුනක අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී තිබෙනවා. ඔහුගේ අදහස අනුව මේ නියාමක ව්‍යාපෘතියේ ප්‍රතිඵල අනුව සේවා යෝජකයාගේ හා සේවානියුක්තියන්ගේ අභිමතය පරිදි වැඩ කරන වේලාවන් තීරණය කිරීමේ අයිතිය ඔවුන්ට ලබා දිය යුතුයි කියා. තව දුරටත් ඔහු කියා තිබුනේ, ලංකාවේ කම්කරු නීති වල තියෙන අනම්‍යශීලි බව ඵලදායිතාවය ඉහල නැංවීමට භාධාවක් කියා. ජාත්‍යන්තර වෙළඳපොලේ තරඟකාරිව රැඳී සිටින්න මෙය බාධාවක් කියා අධ්‍යක්ෂක ජනරාල් වරයා කියා තිබුනා. මෙය ඇත්තටම දෙපැත්ත කැපෙන ආයුධයක්.

ඕස්ට්‍රේලියාවේ පැය 38 ක වැඩ කරන සතියක් අඳුන්වා දී තිබෙන්නේ 1981 කේ දී. පසුව මේ පැය ගණන 37 දක්වා අඩු උනා. නමුත් කෙනෙක් වැඩ කරන වේලාවන් සේවය කරන තැන හා කරන වැඩේ අනුව වෙනස් වෙනවා.නමුත් අර පැය ගානට වැඩිය වැඩ කරනවා නම්, අතිකාල දීමනා දෙන්න ඕනේ. හැබැයි හැමෝටම නොවේ. නිත්‍ය මාසික වැටුපක් තියන බොහෝ දෙනා සතියකට පැය 37 කට වඩා වැඩ කරනවා. උදාහරණයකට ගත්තොත් මා හරි නම් උදේ 8.30 ඉඳලා සවස 4.59 වනතුරු වැඩ කරන්න ඕනේ. එහෙම උනොත් මා දවසට පැය 7.35 කට ගෙවීම් ලබනවා. නමුත් මගේ වැඩ කරන පැය ගාණ නම්ය ශිලියි. මා කවදාවත් උදේ 8.30 ට වැඩට යන්නේ නැහැ. ළමයි දෙන්නව පාසල් දෙකකට දාල යනකොට උදේ 9.30 විතර වෙනවා. උදේ අඩුවෙන පැය ගණන මා හවස අල්ලනවා. නමුත් වෙලාව ලකුණු කිරීම, කාඩ් ගැහිලි නැහැ. සේරම රඳා පවතින්නේ මගේ අවංක භාවය උඩ. මෙවැනි නම්‍යශීලි භාවයක් හැමතැනම නැහැ. මා රජයේ සේවකයෙක්. හැම රජයේ සේවකයෙකුටමත් මෙවැනි නම්‍යශීලි බවක් නැහැ.

කොහොම උනත් මෙහෙ වැඩ කරන වේලාවන් කරන රැකියාවට අනුව වෙනස් වෙනවා. මේක තව දුරටත් නම්‍ය කරන්න ගිහින් තමා ජෝන් හාවර්ඩ්  දේශපාලනයෙන් අතුගෑවිලා ගියේ. ඒ ගැන විස්තරයක් පසුව ලියන්නම්. මගේ නෝනා නම් නිතර කන් කෙඳිරි ගාන්නේ දවස් තුනක සති අන්තයක් තියනවා නම් හොඳයි කියලා. එතකොට සෙනසුරාදා ළමයින්ගේ වැඩ කරලා, ඉරිදා ගෙදර දොර අස්පස් කරලා, සඳුදා විවේකියව ඉන්න. වැඩ කරන තැන ඉන්න තරුණ සුද්දීයෙකුට මා මේ කතාව කියුවේ, ඇය මේ සතිය කෙටි එකක්නේ කියලා මා සමග කියන විට. ඇයත් කියුවේ, ඔව් එකනම් හොඳ අදහසක්, මොකද එතකොට සිකුරාදා හොඳට බීලා, සෙනසුරාදා දවසම නිදාගෙන, ඉරිදා නාලා, සඳුදා පොඩි විවේකයක් අරගෙන අඟහරුවාදා වැඩට යන්න පුළුවන් නේ කියලා. මට මතක් උනේ මගේ පරණ කල්කිරියාව. ඒකත් නරක අදහසක් නොවේ. නමුත් අප ප්‍රමාද වුවා වැඩියි. මගේ පෞද්ගලික  අදහස අනුව නම්, වැඩ කරන අයෙකුට අඩුම ගානේ දින දෙකක් වත් සතියකට නිවාඩුවක් තියෙන්න ඕනේ. සෙනසුරාදා දවස් භාගයක් වැඩ කරනවා කියන්නේ දවසම වැඩ කළා වගේ තමයි.

ඕස්ට්‍රේලියාවේ රජයේ නිවාඩු දින ගණන අව්රුද්දකට 12 ක් 13 ක් පමණ තමා තියෙන්නේ. මේ දින හා ඒවායේ නම් එක එක ප්‍රාන්තයේ ටික ටික වෙනස් වෙනවා. ඔබට පොඩි අදහසක් ගන්න මා ඉන්න ප්‍රාන්තයේ, මේ අවුරුද්දේ  රජයේ නිවාඩු දින ගාණ මෙහි දානවා.
Sunday 1 January 2012 New Years Day
*Additional public holiday
Monday 2 January 2012 New Years Day Public Holiday *Substitute for Sunday 1 January
Thursday 26 January 2012 Australia Day
Monday 12 March 2012 Canberra Day
Friday 6 April 2012 Good Friday
Saturday 7 April 2012 Easter Saturday
Monday 9 April 2012 Easter Monday
Wednesday 25 April 2012 Anzac Day
Monday 11 June 2012 Queen’s Birthday
Monday 1 October 2012 Labour Day
Monday 8 October 2012 Family & Community Day
Tuesday 25 December 2012 Christmas Day
Wednesday 26 December 2012 Boxing Day

Advertisements

2 Comments

Filed under Social

2 responses to “දින තුනේ සති අන්තයක් ! A three day weekend-not a bad idea!

  1. kathandarakaraya

    නරකද සතියකට දවස් හතරක් වැඩ කරන 0.8 ජොබකට ගියොත්. එතකොට දිග සති අන්ත 52 ක්.

    කැන්බරා අයට නම් සති අන්තය පටන් ගන්නේ සඳුදා බවත්, එය සිකුාරදා දක්වා තිබෙන බවත්, ඬැඩ කරන සතිය සෙනසුදාරා පටන් ගෙන ඉරිදා අවසන්වෙන බවත් තමයි මට ආරංචි.

    • ඔව් දැන් කරන එකත් 0.8 කට මාරු කර ගන්න පුළුවන්. පොඩි පරහකට තියෙන්නේ, එතකොට ගෙවන්නේ 0.8 ට විතරයි.
      අර දෙවෙනි එක නම්, බොරු කතා! කව්ද කිව්වේ!!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s