චිත්ත රූප හා ඇත්ත රූප are sometimes completely different?


ඔබ අහල තියනවද මර්වින් පෙරේරා සූරීන්ගේ එක් දිනක් සැන්දෑවක ගීතය. ප්‍රේමකීර්ති ද අල්විස් ලියල තියන මේකෙන් කියවෙන්නේ හිතවෙතෙකුට කතාකරන්න ගිහින් වැරදි අංකයක් කැරකීමෙන් යුවතියකට කතා කරලා, ඒ කට හඬට හිත ගිය පුවතක්. මේ කට හඬ නිසා අරයගෙ සිතේ රුවක් මැවෙන්න ඇති. මේ රුව ඒ ඇත්තම යුවතිය දැකගන්න ලැබුන නම්, ඔහුගේ හිතේ ඇඳුනු රුව හා කොතරම් සමීප වේවිද?

මේකට උත්තරේ අප දන්නේ නැත්තේ මේ කෙනා කොච්චර අංක ඇමතුවත් ආයිත් අර යුවතිය සොයා ගන්න බැරි උන නිසා. ප්‍රේමකිර්ති විතරක් නොවේ මර්විනුත් මගේ ප්‍රියතම කළා කාරයන් දෙන්නෙක්. එක් කෙනෙක් අකාලේ මෙලොවින් තුරන් කළා. මර්විනුත් මිය ගියේ වයසට ගිහිල්ලා නොවේ (අර ලංකා ඊ නිවුස් වලට අනුව නම් හොඳටම නාකි තමා). ප්‍රේමකිර්තියි තවත් ප්‍රතිභාපුර්ණ (ප්‍රබුද්ධ්යනට පීචන්) ගායකයෙක් වන ප්‍රියා සූරියසේන සමගත් මා ඉතා කැමති ගීත කිහිපයක් නිර්මාණය කරලා තියනවා.

ඔන්න ඉතින් මාර්ගයෙන් පිටතට පැන්නා. මා ලියන්න ගත්තේ සමහර වෙලාවට අපේ මනසේ ඇඳෙන චිත්ත රූප, එක පාරටම වෙනස් වෙන හැටි.

මා කෙටි කතාවක් හෝ නව කතාවක් කියවන විට ඒ චරිත හා ගම් නගර පිලිබඳ හිතේ රූප මැවෙනවා. මේක කාටත් වෙන දෙයක්නේ. මා කුඩා කාලේ කියවපු සමහර නව කතා වල, විශේෂයෙන් මාටින් වික්‍රමසිංහගේ නව කතා වල හිටපු අය, ලෙස්ටර්ගේ සිනිමා සිත්තම් වල නොසිටි නිසා මගේ බලාපොරොත්තු කඩ උනා. මෙහෙම නොවුන එක සිනිමා පටයක් තමා, තිස්ස අබේසේකරගේ විරාගය.

මා ලංකාව දාල එන්න කලින් බිරිඳගේ පුංචි අම්මගේ නිවසට ගියා. ඔවුන් ජීවත් වෙන්නේ කද්දුව. කද්දුව වෙල්යායක, දුමක් අදිමින් ඉන්න කොට මගේ මතකයට එකවර ආවේ ගුණදාස අමරසේකර අර රතු රෝස මල කෙටි කතා සංග්‍රහයේ හා වෙනත් පොත්වල විස්තර කරලා තිබුන යටලමත්ත ගම.

ඒක ඉතාම සුන්දර අත්දැකීමක් උනා. කොහොමත් පුංචි අම්මගේ සැමියා, බාප්පා මා එනවයි කියුවොත්, මොනවා හරි බොන්න දෙයකුත් ලැහැස්ති කරන නිසා මා හැමදාම කද්දුව යන්නේ ආසාවෙන්.

අද ඉරිදා උදේ මා ගමනක් යමින් ඉන්නකොට ලැබුන දුරකථන ඇමතුමක් නිසා, කෙනෙක් ගැන මා හිතේ ඇඳගෙන තිබුන චිත්ත රූපය, ඇත්ත පුද්ගලයට වඩා සම්පුර්ණයෙන් වෙනස් බව හැඟුනා. එකම දේ මෙවර මගේ බලාපොරොතු කඩවීමක් සිදු උනේ නැහැ. ටිකක් විස්මයක් පමණයි දැනුනේ.

මෙහෙම චිත්ත රූප අප මනසේ ඇඳෙන්නේ අපගේ අත්දැකීම් අනුවයි. අනික් අතට අප ඕනෑම දෙයක් ගැන හරි හෝ වැරදියට නිගමන වලට එළඹෙනවා. මා කතා නරඹන්නට වඩා, කියවන්න කැමති ඒ නිසයි. අපගේ කාල්පනික ලෝකයට සීමාවක් නැහැනේ. හැබැයි පුතාලගේ කියවීම උනන්දු කළත්, මා අද කියවන්නේ අඩුවෙන්.

Advertisements

6 Comments

Filed under Social

6 responses to “චිත්ත රූප හා ඇත්ත රූප are sometimes completely different?

  1. අපැහැදිලියි!
    දුරඛතන ඇමතුමකින් ඇත්ත රූපයක් මවා ගත්තේ කොහොමද? කටහඬින්ද? වීඩියෝ ෆෝන් එකක් භාවිතා කළාවත් ද?
    😉

    • මෙහෙමනේ කකා, කතා කරපු එක්කෙනාගේ චායාරූපයක් කලින් දැකල තිබුන නම්?

  2. සමහර චිත්ත රූප ඇඳෙන්නේ නම් අත්දැකීම අනුව තමයි.
    මටත් හිතයි කෝල් එකක් දීලා බලන්ට. 😀 😀 😀