බයිලා තවදුරටත්………! Kumara mahaththayaa addresses the nation (of course via Skype) from Havana!


මගේ කලින් බයිලා සටහන අතරමග නිම කරන්න උනේ, මගේ ප්‍රවේශය පමණට වඩා දික් උන නිසා.

මා ලියන්න ගත්තේ පසුගියදා කුමාර මහත්තයා සිඩ්නි නුවර සිට, ලංකාව සමග පැවැත්වූ කතාබහේදී පැවසුව දෙයක් ගැන මට සිතුන දෙයක්. කුමාර මහතා කිව්වා, ලංකාවේ සමාජවාදය ඇති කිරීමට තව දුරටත් කැප වෙන බව. ඔහුට මෙහෙම කියන්න උනේ පියෝන්යන්ග් හෝ හවානා නගරයේ සිට නොවීම ගැන ලංකාවේ මේක අහපු කට්ටිය කල්පනා කලාද කියන්න මා දන්නේ නැහැ. මා මතක් කරපු අර “Colombo Telegraph” වෙබ් අඩවියේ කොමෙන්ටුවෙත් මීට සමාන අදහසක් මතු කරලා තිබුනා.

කුමාර මහත්තයාගේ කතාව අහන කොට මගේ සිතට නැගුනේ, 1917 න් පසු බිහිවුන සියලුම සමාජවාදී රටවල් අර “Reverse නලපාන ජාතකය” වගේ. ඒ රටවල් වලින් මේ පැත්තට පනින්න බලාගෙන ඉන්න මිනිසුන් මිසක් ඒ රටවල් ඇතුලට රිංගන්න කව්රුවත් හොයා ගන්න නොහැකි වීම ගැන කුමාර මහත්තයා කල්පනා කලාද දන්නේ නැහැ.

කුමාරලා අද සිඩ්නි වල ඉඳන් කියන කතා 89/90 ජවිපෙ දේශපාලනය කළ බොහෝ දෙනෙකුට අහන්න බැරි පරලොවට ස්කයිප් නොතිබෙන්න පුළුවන් නිසාම නොවේ, ඔවුන්ගේ මග පෙන්වීම හරහා අනාථ වූ ලංකාවේ දැනට ඉන්න අයටත්, මේ පහසුකම් නැති නිසා. මේ විප්ලවයෙන් ඉතිරි වුණ බොහෝ දෙනාගේත් ජිවිත යලි ගොඩනගන්න අමාරු තත්වයට විනාශ උනා. මේ විප්ලවයෙන් දිවි ගලවාගත් හා පිට රට පැනගත් අයත් දැනට ජිවත් වෙන්නේ, ඔවුන් ගොඩ නැගීමට බලාපොරොත්තු වුණ උතුරු කොරියාව හෝ කියුබාව වැනි සමාජවාදී රටවල් වල නොවීම, දෛවයේ සරදමක්ද?

ඇත්තටම මොවුන් කියන මේ “සමාජවාදය” මානව ශිෂ්ටාචාරයේ මීළඟ පියවරනම් මේ රටවල් මෙතරම් අමාරුවෙන් පවත්වාගෙන යන්න වෙලා තියෙන්නේ මොකද? මා කලින් සටහනේ ලියුවා වගේ, එක තැන පල්වෙන, කිහිප දෙනෙකුන් විසින් අප කෑ යුත්තේ කොහොමද, මොනවාද කියවන්න ඕනේ, මොනවගේ දේවල් ද නිපදවන්නේ, මිලදී ගන්නේ කියල තීරණය කරණ, අතෘප්තිකර සමාජ ක්‍රමයක් දැනට බොහෝ රටවල් අත්හදා බලා තියනවා. ඕස්ට්‍රේලියානු කුමාරලාටත් මේ ගැන හිතන්න අද හොඳ අවකාශයක් තියනවා “සුදු වෑන්” වලින් තොර.

Advertisements

5 Comments

Filed under Politics

5 responses to “බයිලා තවදුරටත්………! Kumara mahaththayaa addresses the nation (of course via Skype) from Havana!

  1. ASD

    ල0කාව වගේ රටවක් සමාජවාදිරටවල් ද?ඈයි අපේරටේ වගේ රටවල්වල අතිබහුතරය රට පනින්නම ට්‍රයි කරන්නේ??????
    ලෝකේ වෑඩියෙන්ම පනින්න ට්‍රයි කරන් දේශසීමාව සමාජවාදී රටක් හා දනවාදී රටක් අතරනම් නෙවෙයි තියෙන්නේ!!!දනවාදී ඈමරිකාව හා ඔවුන්ගේ හොදම ගෝලයෙක් වන දනවාදී මෙක්සිකෝව අතරයි.මොකක්ද මෙතන අව්ල???????

    • ඒ එස් ඩී, ඔබ කියන ලංකාවේ අති බහුතරය රට පනින්න ඉන්නවා කියල මා හිතන්නේ නැහැ. නමුත් ඔබගේ සංසන්දනයේ නම් පොඩි අවුලක් තියනවා. ලෝකේ “දියුණු” රටවල් තියනවා, “සංවර්ධනය වෙමින් පවතින” රටවල් තියනවා. මේ එක පැත්තකින් අනෙක් පැත්තට පනින්න බලාගෙන ඉන්න එක පිලිබඳ ලොකු පැහැදිලි කිරීමක් කරන්න මා බලාපොරොත්තු වෙන්නේ නැහැ.

      මා කියන්නේ මෙක්සිකෝවේ හෝ ඊට කුඩා වෙනත් දකුණු ඇමෙරිකානු රටක ඉඳලා කියුබාවට පනින්න කව්රුත් නැති එකයි. කියුබාවේ ඉඳන් මෙක්සිකෝ පනින්න කට්ටිය ඔබට හොයා ගන්න එතරම් අමාරු වෙන එකක් නැහැ. ඒ වගේම ඉස්සර තිබුන ජර්මන් රාජ්‍ය දෙකෙන් කොයි පැත්තටද මිනිසුන් පැන්නේ? ඒ රටවල් දෙක අතර මා කියන අර “දියුණු -සංවර්ධනය වෙමින් පවතින” කියන පරතරය තියෙන්න විදිහක් නැහැනේ හරිනම්. නැගෙනහිර යුරෝපය-යුරෝපය ගත්තත් මෙහෙමයි. උතුරු හා දකුණු කොරියා දිහා බලන්න.

      මේක පැහැදිලිව අපටත් අත්දකින්න තිබුනා ලංකාවේ කුමාරලගේ “විප්ලවය” සාර්ථක වුණා නම්. එහෙනම් “දියුණු වෙමින් පවතින සමාජවාදී” ලංකාවේ ඉඳන් “දියුණු වෙමින් පවතින” ඉන්දියාවට යන බෝට්ටු ගාණ බොරැල්ලේ ඉඳල පිටකොටු යන බස් වගේ වෙන්න තිබුනා. සමාජවාදය, ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, ගජමිතුරු පාලනය, යහපාලනය වැනි මේ සියල්ල අප කලවම් කරගෙන ඉන්නේ.

      (අද කියවන විට වැරදි ගොඩයි. ඒවා හැදුවා 3/01/15 10.08pm)

  2. ASD

    ඔය ස0වර්දනය වෙමින් පවතින කියන සූට්ඵක බටහිරින්(හුදු බටහිර විරෝදය නෙවෙයි හොදේ )අපිට කපලා මහාලා ඈදගන්න කියලාදීපු සූට්ඵකක් කියලා තමයි අපිට ඔප්පුවෙන්නේ.මොකද අපේ සීයලාගේ කාලෙත් තාත්තලාගේ කාලෙත් දෑන් අපේ කාලෙත් ඔය කියන 3වන ලෝකේ හූරන්කෑමට ලක්වෙන අපේ වගේ රටවල් පොකුර ස0වර්දනය වෙමින් පවතින …. ම තමයි
    .ඔයකියන ස0වර්දනය වෙමින් පෑවතීමයි අරකියන ආස්චර්යයි අතර වෙනසක් තියනවාද??????????????????????????????????
    මේසිස්ටම් ඵක ඈතුලේ තවතවත් දියුනු දනේශ්වර රටවල් විසින්,නව යටත්විජිතවාදී උපක්‍රම වලින් යටත්කරගත් අපිව තවතවත් හූරනවා මිසක් ස0වර්දනය කරනවා කියන මිත්‍යාව තවත් පිලිගන්නවාද????
    මොකද 1930ගනන්වල මිනිරන් ටිකේ ඉදන් ඊයේපෙරේදා මතුවුනු තෙල්ටික දක්වා ඔයකියන සාමාකාමී ප්‍රජාතන්ත්‍රවාදී ඈමරිකන් ඉන්දියන් මහත්තුරු දුන්න ගේම්ටික අමුතුවෙන් කියන්න ඔන නෑනේ.කොටින්ම් අපේ කොතල හිබුටුවලට විතරක් නෙවෙයි ලන්කාවේ කටුස්සො ටිකත් උන්ගේ වෑඩවලටනේ.
    ඉති ඔයකියන විදියට බලනකොට දියුන දනවාදී රටවලුත් හිරවෙල තියන් මේ කාලේ ,අපිවගේ දනවාදය අනුගමනය කරන රටවල් දියුනුවේවි කියලා හිතන්න පුලුවන්ද????

    අනික ඔය උතුරුකොරියාව හා දකුනු කොරියාව අතර වෙනස ගත්තොත් ඵ්ක මාර ජෝක් ඵකක්.මොකද 1970ගනන් වෙනකොට දකුනු කොරියාව අමු මුඩුක්කුවක්.ඵ්වෙනකොට ද.කොරියාව ඈමරිකවේ හුදු උපක්‍රමික නෑවතුම් පොලක්.මේ තත්වයට විරුද්දව ස්වාදීනත්වය අගයකරන ද.කොරියනු ජනතාව නෑගීසිටියා කියන ඵකත් ඵවකට ද. කොරියානු පාලක ඈමරිකන් රූකඩය වූ ‘ජෙනරාල් පාර්ක්’ දහස් ගනනක් ජන ස0හාරයකින් මතින් බලය පවත්වාගෙන ගිය බවත් ඔබ දන්නවාද.දනවාදී රටවල වෙඩිල්ල පඩය කර ඔවුනට යටත් නොවූ ස්වාදීන රටවල පඩය වෙඩිල්ල කරන දනවාදී මාද්‍ය(අපේ මාද්‍ය වගේමයි )මේවා අපෙන් සගවා තෑබුවත් ටිකක් මහන්සිවුනොත් නෙට්ඵකෙන්ම ඔය විස්තර හොයාගන්න පුලුව වෙයි.
    ඊටපස්සෙ මොකද වුනේ.වියට්නාමේ ස්වාදීන සමාජවාදී රජයට විරුද්දව යුද්දකරන්න ගිහින් පස්ස බිම ඈනගෙන තිබ්බ ඈමරිකාව මේපාර දුන්නේ රියල් ගේමකි.
    ඔවුන් අපේ රට වහේ ආසියාතික රටවල්,.මුලු අප්‍රිකාවම පාහේ, ලතින් ඈමරිකාව හූරන්කාලා ගන්න සල්ලිවලින් සුලුකොටසක් පොම්පකරලා හෑදුවා ද .කොරියාව මෑලේසියාව හා සින්ගපූරුව වගේ ආදර්ශ රටවල් දෙකතුනක්.
    උපක්‍රමයක් විදියටම අපේවහේ රටවල්වල හොරකම දුරාචාරය බෝකරන ඈමරිකාව ඵ් රටවල නීතියේ ආදිපත්‍ය ක්‍රියාත්මක කරමින් අපේ සල්ලිවලින් උන්ව ස0වර්දනය කරා.
    ඊටපස්සේ අපිට පෙන්නුවා අන්න බලපල්ලා අර රටවල් අපේ පුක පස්සේ ඈවිත් දියුනුවෙලා තියන හෑටි !!!!!!!!.
    ඉතින් මේක නොදත් අපේ ජහමනයෝත් ඵ්ලුවගේ අහවල්ඵක වෑටෙනකන් පස්සෙන් ගිය නරියා ව්ගේ ල0කව සින්ගප්පූරුවක් වෙනකන්ය කියකියා ඈමරිකාව හා උන්ගේ රූකඩ වෙච්ච හොඅර දේශප්‍රේමියෝ පස්සෙ යනවා.
    ඵ් අතරේ අපේ තෙල් ටිකට ඛණිජටිකට ඵ්කී මෙකී න්කී හෑමදේටම ගේම දෙනවා.
    ඉතින් ඔකතමයි යාලුවා අපෙන් සෑගවූ මාද්‍යෙන් පල නොවන ස0වර්දන මිත්‍යාව.

    කියුබාව ගෑන ගත්තොත් ලෝකෙ ඩෙන්ගු මර්දනය කරපු ඵකම රට.
    ලන්කවෙ ආස්චර්යෙන් පිරුනු දනවාදයක් තියෙනව ඵත් ඩෙන්ගු වලින්ම අවෘද්දකට 200ක් පෑනලා වෑලිගම්පිටි යනවා.
    නමුත් කන්න බොන්න නෑ කියන කියුබවේ ඩුන්ගු මර්දනය කරාලා.මේරටවල් දෙකේම තියෙන්නෙ ඩෙගු මදුරුවාට උචිත පරිසරය.
    ඵ්ක දොස්තර කෙනෙකුට වෑසියන් 500කගෙ විතර අනුපාතයක්.ල0කවෙ ඵ් අනුපාතය 2500කට වෑඩියි.ඉස්පිරිතාලවල බෙහෙත් නෑ.ඔන්න ස0වර්දනය වෙමින් පවතින.සුපිරි පාපන්දු තරුව මෑරඩෝන පවා මතින් මිදෙන බෙහෙත ගත්ත රට.!!!!!!!!!!!!!

    ඔන්න ඕඅකයි මාද්ය ත්‍රස්තවාදීන් අපිව අන්දන හෑටි.
    ටිකක් කොටුවෙන් පිට හිතපල්ලා ඵ්තකොට ඈස් ඈරේවී.බුද්දිමත් ජනතාව කියකිය අපේ රටේ පොඩිඵ්කාගෙ ඉදන්ම ගොන් හරක් කරවන මාද්ය මෙවවා අපෙන් සගවා තෑබුවත් ඈත්ත මේකයි මචන්.

    • මචං, මා නම් ලෝක ඉතිහාසය කියවපු කාලේ ඔය “දැල්” තිබුනේ නැහැ. නමුත් සමහරවිට ඔය දැල් බලන කට්ටියට වඩා දේවල් මාත් කියවල තියනවා. නමුත් මා සටහන් ලියන්නේ කියවපු ඒවා ආශ්‍රයෙන්ම නොවේ. මා අහපු දැකපු, කතා කරපු දේවල් හා ජීවත් වුණ රටවලින් ගත්ත අත්දැකීම් ආශ්‍රයෙන්.

      මේ දියුණු වෙන කියන ඒවා අපිම ඇඳපු ඒවා මිසක් කවුරුවත් අන්දපු ඒවා නොවේ. මා උදෘත පාඨ යටතේ දැම්මේ ඒ නිසා. “මේ දියුණු රටවල්” දියුණු වෙලා තියෙන්නේ ඔබ කියන සූරා කෑම නිසාමද කියල බලන්න නම් ඔබ මෙවැනි රටක ජීවත් වෙලා බලන්න ඕනේ. ඔබ මෙවැනි රටක දැනටමත් ජීවත් වෙනවා නම් තව ටිකක් දුර කල්පනා කරලා බලන්න.

      දකුණු කොරියාවේ කලින් තිබුන මුඩුක්කු ගැන කතා කරන්න කලින්, ඔබ මොකද උතුරු කොරියාවේ දැනුත් තියන සාගතය ගැන කතා නැත්තේ? උඹ වගේ යමක් තේරුම් ගන්න පුළුවන් එකෙක්, කියුබාවේ ඩෙංගු මර්ධනය සමාජවාදයේ ජයග්‍රහණයක් හැටියටත්, ලංකාවේ දෙපාර්තමේන්තු වල නොහැකියාව ධනවාදයේ නොහැකියාව හැටියටත් අර්ථ දක්වන එක මට හිතා ගන්න අමාරුයි. මචං, මාධ්‍ය ධනවාදී හෝ සමාජවාදී වෙන්නේ නැහැ. පක්ෂග්‍රාහී මාධ්‍ය තියනවා. වැඩියෙන්ම ඔය ඔබ කියන සමාජවාදී රටවල.

      ඒ අතින් බලනකොට මේ දැල (Internet) තමා වඩාත්ම “ධනවාදී” මාධ්‍යය. මේ කොයි “ධනපති” මාධ්‍ය ආයතන වලත් “මිනිසුන්” වැඩ කරනවා. මේවා ඉදිරිපත් කරන අය නොවේ වැරදි, මේවා හරියට තේරුම් නොගන්නා අය. චීනයේ (තවදුරටත් “සමාජවාදී” නොවුනත්) හෝ උතුරු කොරියාවේ හෝ වගේ රටක හිටියොත් උඹට ඕනේ ආකාරයට දැල බලලාත් හමාරයි. ඒකත් කරන්නේ වෙන්නේ ආණ්ඩුව කියන ආකාරයට (ලංකාවත් උත්සහ කරන්නේ ඒ පාරේ යන්න).

      උඹත් ටිකක් මහන්සිවෙලා බලන්න කියල අනුන්ට කියන, දැලත් “සමාජවාදී” නිෂ්පාදනයක් නොවී “ධනවාදී” එකක් වීමත්, ඔබත් ඇතුළුව කව්රුත් “දැනුම” හොයන ගූගල් ආයතනය “ධනපති පෞද්ගලික” එකක් වීමත් දෛවයේ සරදමක්ද?

      උඹ මචං, සමාජවාදයේ නාමයෙන් ස්ටාලින්, මාඕ හා පොල් පොට් අයියලා කරපු දේවල් මතක් නොකරන්නේ කියන්න යන කතාවට පටහැනි නිසා. මේවා සමාජවාදය නොවේ, ඒකාධිපති පැසිස්ට් නිලධාරිවාදයයි. මා ප්‍රිය නොකරන පුද්ගලයෙක් වුවත්, ගොර්බචෝව් අයියා සෝවියට් සංගමයේ “පෙරස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට්” පටන් ගන්න කොට කියුව කතාවක් තමා, අපේ රටේ තියනවට වඩා සමාජවාදයක් “ධනවාදී” ස්විස්ට්සර්ලන්තයේ වගේ රටවල තියනවා කියල. මචන් අද ඉතුරුවෙලා තියන, උඹ ආකර්ශනීය ලෙස කතා කරන “සමාජවාදී” රටවල් දෙකම පවත්වාගෙන යන්නේ පවුල් දෙකක් විසින් කියන එකමත් මේ “අත්හදා” බැලීමේ අසාර්ථක බවට සාධකයක් නොවේ කියල කියනවා නම් මා උඹ සමග වාදයකට පැටලෙන්නේ නැහැ.

      අපට මිහින් ලංකා පටන් අරගෙන බහිරව කටට මහජන මුදල් දාන්න කියුවේ ඇමෙරිකාවද? මචං අපට හම්බන්තොට නැව් එන්න බැරි වරායක් හදන්න කියුවේ ධනවාදී ඇමෙරිකාවද? අපට ටයර් සෑයවල් වල තරුණයන් දවන්න කියුවේ ඇමෙරිකාවද? මචං අපට සුදු වෑන් වලින් මිනිසුන් උස්සලා අතුරුදහන් කරන්න කියුවේ ඇමෙරිකාවද? මචං අපට කොන්දේසි වලට ණය අරගෙන යටිමඩි ගහලා පොළී ගෙවන්න බදු වැඩිකරන්න කියුවේ ඇමෙරිකාවද? පෞද්ගලික සමාගමක් ලාභ පිට පවත්වාගෙන යමින් තිබුන එයාර් ලංකා ආණ්ඩුවට අරන්, එක මගියාට රුපියල් 22,000.00 ගානේ පාඩු පිට පවත්වාගෙන යන්න කියුවේ ඇමෙරිකාවද? කවුරුත් හොඳටම දන්නා, ජරා, යටිමඩි ගහන, ගණිකා, මත්ද්‍රව්‍ය, හොර මත්පැන් වැනි ව්‍යාපාර පවත්වාගෙන යන, මැර කල්ලි තියාගෙන ඉන්නා දේශපාලුවන්ට, ලෝකෙට එකක් කියා, ඇමෙරිකන් ඇඳුම් අඳින, බටහිර නිෂ්පාදිත අව් කන්නාඩි දාන, ගරහමින් ඔබ කියන “දැල්” බලන, කලින් කොස් දෙල් කාපු, නමුත් දැන් හැම් බේකන් කන, කොන්ඩේ “බටහිර නිෂ්පාදිත” ජෙල් නොගා එලියට නොබහින, “බටහිර ධනවාදී” මොබයිල් දුරකථන පාවිච්චි නොකලොත් හරි අමාරු, “ධනවාදී පෞද්ගලික සමාගමක්” නිපදවූ බිස්කට් කා දිවි රැකගත් කට්ටියට ලක්ෂ ගණනින් මනාප දීල, ජනතා නියෝජිතයින් ලෙස පත් කර ගනිල්ලා කියුවේ ඇමෙරිකාවද?

      මචං මා කලින් ප්‍රතිචාරයේ කියුවා වගේ ධනවාදය, සමාජවාදය, නිලධාරිවාදය, යටිමඩි ගහන ගජමිතුරු ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය පටලවා ගන්න එපා. මා පෙනී ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. බහුතරයකගේ තීරණයට අප හිස නමනවා මෙන්ම, සමාජයට හිතකර දේවල් වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් පත්කර ගැනීමේ අයිතිය අප සතු විය යුතුයි.

      හැබැයි බහුතරය ජරා, සමාජ ද්‍රෝහී මිනිසුන් සඳහා මනාප දෙන සමාජයක වුවත්, සමාජයේ 5% ක් දෙනා “මානුෂිය” සමාජයක් හදන්න, බලෙන් බලය අල්ලාගෙන ලක්ෂ ගණනින් මිනිසුන් මරලා, මා කරන හැම දෙයක්ම කිහිප දෙනෙකු විසින් තීරණය කරන “යහපත්” සමාජයක ජීවත් වීමට මගේ කැමැත්තක් නැහැ!

      මචං, මාත් පාසල් යන කාලේ හිටියේ උඹ අවඥාවෙන් අනුන් ඉන්නවා කියුවත්, උඹත් ඔය ඉන්න ඔය “කොටුවේ” තමා. ජීවිතය පුරාම අප හැමෝම ඉන්නේ කොටුවල. හැබැයි මා කොටු කීපයක් පැනලා තමා අද ඉන්න “කොටුවට” ඇවිත් ඉන්නේ. උඹ මගේ මිට පෙර සටහන් කියෙව්වා නම් මා කියන දේ තේරුම් යාවි. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුල වඩාත් මානව හිතවාදී/සමාජවාදී සමාජයක් ගොඩ නගන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා.

      හැබැයි, කුමාර මහත්තයලා හා ටිල්වින් මහත්තයල තාමත් පොරකන්නේ සමාජයේ තමන්ට තියන අර 5% තියාගන්න මිසක් (දැන් මේ දෙගොල්ලන්ගේම “පරම හතුරා” ඔවුනගේ “අනික් කෑල්ල” මිසක් අර අනික් “ධනපති” පක්ෂ නොවේ), ඉන් ඉදිරියට යන්න නොවන්නේ ඔවුන් සේරමත් ඉන්නේ අර “කොටුවේ” නිසා.

  3. Reblogged this on raigamahandiya and commented:

    මා ඊයේ මතක් කරපු Back to the Future සිනමා ත්‍රිත්වයේ ප්‍රධාන චරිතය වන මාර්ටි ට, තමන්ගේ වර්තමානය “වෙනස්” කරන්න අතීතයටත්, ඒ වගේම අනාගතයටත් සංචාරය කරන්න වෙනවා . ප්‍රා මතක් කරපු “Doc Brown” තමා මේකට උදව් වන්නේ. ඩොක් බ්‍රවුන් එක මොහොතක කියපු දෙයක් තමා මා අර ප්‍රාට දුන්න පිළිතුරේ තියෙන්නේ. එනම්, උඹේ අනාගතය හෝ වෙන කිසිවෙකුගේ අනාගතය තවම ලියවිලා නැහැ, එය ලියා ගැනීමේ කාර්යය තියෙන්නේ උඹේ අතේ. ඉතිං හොඳ එකක් හදා ගනිං. මෙය එකවර ඇත්ත හා නැත්ත දෙකම තියන කියමනක්. මේ සිනමා පට ත්‍රිත්වයෙන් අපටා පෙන්වාදෙන කරුණ නම්, අපමයි අපේ අනාගතය හදා ගන්නේ කියන සංකීර්ණ කරුණ. නමුත් එය සම්පුර්ණම ඇත්ත නොවේ. මා එබවුට් රයිගම හන්දිය කියන පිටුවේ දමා තියන මාක්ස් ගේ මේ කියමන වඩා ඇත්තයි; People (Men) make their own history, but they do not make it as they please; they do not make it under self-selected circumstances, but under circumstances existing already, given and transmitted from the past. ඒ ගැනත් සිතේ තියා ගෙන මේ සටහනත් කියවන්න. මේ සටහන හා එහි තියන මගේ ප්‍රතිචාර මෙය අද මා ටයිම් ට්‍රැවල් කළොත් සංස්කරණය කරන්න ඉඩ තියෙන්නේ කොයි ආකාරයටද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s