දොවාපු කිරි කලයට පයින් ගැසීම! The “Milky” way!


අපේ ආතාට පොඩි හරක් පට්ටියක් තිබුන බව මට මතක් වෙන්නේ හීනෙන් වගේ. ඒ කාලේ මා පාසල් යන වයසටත් වඩා පොඩියි. කොහොමහරි මේක පවත්වාගෙන යන එක එන්න එන්නම අමාරු උනේ හරක් හොරු නිසයි. අන්තිමට ආතා වැස්සියෝ ටික විකුනලා දාලා අතපිහ දා ගත්තා. මට මතකයක් නැති උනත් අපේ අම්මා ඒ දවස්වල කියුවේ මා පොඩි කාලේ කිරිපිටි වලින් හදපු කිරි මට දෙන්න උනේ නැහැ කියලා. මොකද අලුත් එළකිරි නිතරම ගෙදර තිබුන නිසා.

මට අවුරුදු තුන හතරක් වෙන කොට දැකපු ආතාගේ හරක් මඩුව තිබුන තැන තාමත් මගේ හිතේ ඇඳෙනවා. ඊට පසු කාලෙක අප කිරි මිලදී ගත්තේ නිවසට කිට්ටු වැසියෙකුගෙන්. ඔහුට වැස්සියෙක් හිටියා. උදේට අපගෙන් කව්රු හරි යනවා කිරි ගෙන්න. හරි කම්මැලි ගමනක් කියලා මට මතකයි. පස්සේ පස්සේ කව්රුත් බිව්වේ පිටිකිරි. මා අපෝස උපේ කරන විටත් ගමේ මී හරක් පට්ටි දෙකතුනක් තිබුනා. ඒවා බොහෝ විට මුදවපු කිරි සඳහා.

ඉන්පසු රුසියාවේදී මා බිව්වේ පැස්චරිකෘත අලුත් එළකිරි. ආපහු ලංකාවට ගියහම බිව්වේ හයිලන්ඩ් පිටිකිරි. හයිලන්ඩ්ම ගත්තේ දේශීය නිෂ්පාදනයක් නිසා.හැබැයි ඒ දවස්වල අපේ ආදායමේ හැටියට සුපර් මාර්කට් වල තිබුන අලුත් කිරි බොන්න වත් කමක් අපට තිබුනේ නැහැ. ඕස්ට්‍රේලියාවට ආවහම ආපසු අලුත් එළකිරි වලට බහින්න අවස්තාව ලැබුනා. කොහොමහරි මා දැන් පිටිකිරි බොන්නේ නොබී බැරි විටකදී. මොකද අලුත් කිරි වලට මගේ දිව හුරුවී තියන නිසා.

ලඟකදී අපේ ගෙදර ආපු බිරිඳගේ මවට අලුත් කිරි දාලා හදන කිරි තේ එක බොන්න පහසු උනේ නැහැ. මොකද ඇයගේ දිව හුරුවී තියෙන්නේ පිටි කිරි වලට. ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳ සැලක බඩු ගන්න හැමෝගෙම බඩු කුඩයේ නොවැරදීම තියන දෙයක් තමා කිරි බෝතලයක් හෝ දෙකක්. තමන්ගේ ආදායමේ හැටියට තෝරා ගන්න නා නානාප්‍රකාර කිරි වර්ග තියනවා. යොදය/මේදය සහිත, රහිත, බාගෙට තියන ඒවා වශයෙන්. කොහොම උනත් අඩු ආදායම් ලබන කෙනෙකුට උවත් ගන්න පුළුවන් විදිහට මේවායේ මිල වෙනස් වෙනවා.

මිට අමතරව පිටිකළ කිරි පැකට්ටුද තියනවා. මේවායින් හදන්න පුළුවන් ලීටර ප්‍රමාණය අනුව, ඒවා ලාබයි. ලාබ උනත් මේවායේ ලොකු අලෙවියක් නැහැ. වෙළඳපොලේ අලුත් පැස්චරිකෘත කිරි වල මිල අව්රුදු පතා ඉහල ගියත් ඕස්ට්‍රේලියානු ගොවියාට ලැබෙන මිලෙහි වෙනසක් වෙලා නැහැ කියලා ඔවුන් නිතරම චෝදනා කරනවා. නමුත් ඔවුන්ට කළ හැකි යමක් නැහැ. මොකද වෙළඳ පොලෙන් 75% ක් විතර පාලනය කරන්නේ සමාගම් දෙකක් විසින්. මේවා කොහොම උනත් ඕස්ට්‍රේලියාවේ කිරි 100% ක් ම පාහේ දේශීය නිෂ්පාදන.

මා දන්නා සමහර ලාංකික-ඕස්ට්‍රේලියානුවන් සමහර දෙනෙක් බොන්නේ කිරිපිටි. ඒකට හේතුව ඒවා මිලෙන් අඩුවීමද නැත්නම් ඔවුනගේ දිව ඒවාට හුරුවී තිබීමද කියලා මා දන්නේ නැහැ (ඒවගේ දෙයක් අහන්න බැහැනේ). මා කලින් ලියුවා වගේ කෙනෙකුගේ ආහාර පුරුදු එක රැයකින් වෙනස් කරන්න අමාරුයි. අනික් අතට කිරි නිෂ්පාදනය වගේ දෙයක් එක දවසකින් දියුණු කරන්න බැහැ.

පළමු කොටම, ඕනෙම භාණ්ඩයක් විකුණා ගන්න නම් එහි මිල ගන්න කෙනාට දරාගන්න පුළුවන් තරමක තියෙන්න ඕනේ. අප ලංකාවේ ඉන්න කොට අලුත් එළකිරි වල මිල අපට දරා ගන්න පුළුවන් මට්ටමේ තිබුනේ නැති නිසා ඒවා මිලදී ගන්න ගියේ නැහැ. නමුත් අර කඩවල ඒවා විකුනන්න තියෙන්නේ ගන්න කට්ටිය ඉන්න නිසානේ. මේ කට්ටිය කුඩා වගේම, නිෂ්පාදනයත් කුඩායි. හැබැයි නිෂ්පාදනය වැඩි කරලා අර මිලටම විකුනන්න දැම්මට ගන්න පුළුවන් කට්ටිය වැඩි වන්නේ නැහැ.

නිෂ්පාදනය වැඩි කරන අතරේ නිෂ්පාදන වියදම අඩු කර ගන්න විධි ගැනත් හොයා ගන්න ඕනේ. රජයේ පර්යේෂණ ආයතන, දෙපාර්තමේන්තු තියෙන්නේ මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට. පිට රටින් ගෙන දේවල් වලට බදු වැඩි කරලා පමණක් මේ වැඩේ කරන්න බැරි බව මිට කලින් ඔප්පු වෙලා තියෙන්නේ ලංකාවේ විතරක් නොවේ.

Advertisements

8 Comments

Filed under Social

8 responses to “දොවාපු කිරි කලයට පයින් ගැසීම! The “Milky” way!

  1. Kenji. Japan.

    Lankawenam dan KIRI para dige dore gala yanawalu.

    • කෙන්ජි ඔබ මගේ සටහන් නිතර කියවීම ගැන ඉස්තුතියි. ගොවියන් මුහුණ දෙන ප්‍රශ්න ලෝකේ හැම තැනම එක සමාන නොවුනත්, ඔවුනගේ නිෂ්පාදන විකුණා ගත නොහැකි වීම හැම රටකම නොයෙක් කාල වල දැක ගන්න පුළුවන්. ලංකාවේ ගජ මිතුරු පාලන ක්‍රමය මේ වගේ ප්‍රශ්න එන්න එන්නම අවුල් කරනවා. සතුන්ගේ පැටවුනට බොන්න තිබුන කිරි පාරේ හැලීම ගැන අර ගොවියන්ට දඬුවම් කරන්න ඕනේ කියලා බොහෝ දෙනා කියල තිබුනා. මට මෙහෙ ඉන්න යාලුවෙකුත් කිවේ ඒකමයි. ඒ සමහර කට්ටිය මේ වගේ ප්‍රශ්නයක් දිහා බලන විදිහ. පසුගිය කන්නයේ ඕස්ට්‍රේලියානු බිට් ගොවියන්ට, වගා කරපු බිට් විකුනන්න බැරුව පොලවට යටකර දැම්මා කියලා පුවත් පත් වල තිබුනා. සමහර දොඩම් ගොවියන්, දොඩම් විකුණා ගන්න බැරුව ගස් යට වැටෙන්න ඇරියා කියලා තිබුනා.

      දියර කිරි වෙළඳාමට බලපාන ගොඩක් හේතු තියනවා, මේවා ප්‍රමිතියකට සකස් කරන්න (process) ඕනේ, එතකොට ප්‍රවාහනය, ගබඩාව වගේ දේවල්. පාරිභෝගිකයාගේ කැමැත්ත හෝ අකමැත්තත් තව හේතුවක්. මිල තමා ගොඩක් දෙනාට වඩාත්ම බලපාන කරුණ. අනික සමාජයේ 100%කට ශීතකරණ නැහැනේ. කොතරම් දේවල් තියනවද? මේ සේරම දේවල් විශ්ලේෂණය කරන්න කුඩා කිරි ගොවියෙකුට බැහැ. වෙන රටවල කෘෂිකර්ම දෙපාර්තමේන්තු පිහිටුවා තියෙන්නේ මේ හිඩැස පිරවීමටත් එක්ක.

  2. මම නම් කිරි පාවිච්ය බොහොම අඩවෙන්. නමුත් ඔය වර්ග දෙකේම කිරි වල රසයට කැමතියි. ඊයෙ ආපු මිල වැඩිවීම ගැන ආණ්ඩුව කිව්වෙ ඒ බද්දෙන් ලැබෙන ආදායම කිරි නිෂ්පාදනය වැඩි කරන්න යොදවනව කියල. ඔය කතාවම කී සැරයක් කලින් කියල ඇද්ද? දේශීය නිෂ්පාදනය ගොඩදාන්න හරි විධියක සංවර්ධන සැලැස්මක් නැතිව කිරි ප්‍රශ්ණෙනුත් මිනිස්සුන්ට බරක් වැඩි කරන එක විතරයි මෙහෙ වෙන්නෙ

    • ඔබ මගේ සටහන් නිතර බැලීම ගැන සතුටුයි! ඔබ වගේ කෙනෙකුට පිටි කිරි හෝ දියර කිරි කියා විකුනන්න ප්‍රශ්නයක් නැහැ. අප වගේ අයට මුලිකව බලපාන්නේ මිල තමා. ඔව් හරේ (ෂ්) මේ බද්දයි, කිරි නිෂ්පාදනය වැඩි කිරීමයි අතර කිසි සම්බන්ධයක් නැහැ. මගේ මාතෘකාවෙන් කියන්න හැදුවෙත් මේ එක දිගට ගලාගෙන යන ප්‍රතිපත්තියක් නැති කම. යමක් පටන් අරගෙන ප්‍රතිඵල එන්න ගන්න හදනකොටම ඒක නවත්වලා තව එකක් පටන් ගැනීම සමහර රටවල දකින්නට ලැබෙනවා. මේ බද්ද වැඩි කිරීමෙන් දරුවන්ට දැනට ලබා දෙන්න පුළුවන් කිරි ටිකත් තව තනුක වෙනවා. අපේ රටේ (හා තවත් බොහෝ රටවල) එක දිගටම ගලාගෙන යන එකම “ප්‍රතිපත්තිය” තමා යටි මඩි ගැහීම. මේකට නම් ප්‍රධාන පක්ෂ දෙක අතරේම අපූරු එකඟතාවයක් දකින්න පුළුවන්. බලන්න අනික් ඕනෙම කරුණකට ප්‍රතිපත්තියක් හදලා අනික් පැත්තේ සහයෝගය ගන්න පුලුවන්ද කියලා. ඔස්ට්‍රේලියාව වගේ රටවල තියන ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනස තියෙන්නේ එතන. මෙහෙත් කෙරෙන දේවල් 100% කම ජනතාව අපේක්ෂා කරන දේවල් නොවුනත්, ජනතාවට අහිතකර දෙයක් ගෙනත් ක්‍රියාත්මක කරන්න තියන ඉඩ කඩ අඩුයි. දේශීය නිෂ්පාදන කෙරෙහි ජනතාවගේ විශ්වාසය ඇති කිරීමත්, ඒවා මිලදී ගන්න (දේශීය හා ආනයනය කරන ලද භාණ්ඩ අතර තෝරා ගැනීමක් කරන්න අවස්තාව තියනවා නම්) ජනතාව උනන්දු කිරීමත් රජයේ ප්‍රතිපත්ති වලට අයත් විය යුතුයි. අඩුපාඩු කම් මැද හෝ මේ සම්බන්ධයෙන් යම් උදාහරණයක් ගන්න පුළුවන් නම් ඒ 70-77 සමගි පෙරමුණු රජයෙන්.

  3. Kenji. Japan.

    Marenta pera ape Mau-bimata karanna hakiveda yamak?[pita rata inna apita?]

    • ඒකටනම් මට දෙන්න උතරයක් නැහැ කෙන්ජි!රටේ ඉඳන් හිඟා කන්නේ නැතිව, පිට රටක ඉඳන් හරි දෑතේ මහන්සියෙන් ජීවත් වෙනවා කියන්නෙත් හොඳ දෙයක්!

  4. කලකට ඉහතදී නම් පාසල් වල, දුම්රිය බස් නැවතුම් පලවල් ආශ්‍රිතව MILCO එකෙන් අලෙවි කුටි දාලා තිබුනා..ඒවා සෑහෙන්න දුරට සාර්ථකවන ආකාරයක් තමයි පේන්න තිබුනේ..ලංකාවේ තියන ගැටලුව ඕවාට ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම.ආණ්ඩුව කෙසේවෙතත් ඇමති තුමා/ප්‍රධානියා මාරු වෙද්දිත් ඒවායේ ප්‍රතිපත්ති වෙනස් වෙනවා!

    • Raigama

      ඔබ කියන්නා වගේ ජාතික ප්‍රතිපත්තියක් නැති එක එකක්.අනික තමා සාබිත් කුඩා පරිමානයේ දේවල් කෙරෙහි නොවේ බලාපොරොත්තු රඳවා ගන්නේ. ලෝකෙම ලොකුම වියාපෘති වලට තමයි කව්රුත් වහ වැටෙන්නේ. ගරාගන්න පුළුවන් එතකොටනේ. ඔබ සඳහන් කරන MILCO කුටි හොඳ අදහසක් කියලා බැලු බැල්මටම පේනවා. මට මතක් වෙන්නේ අර කොළ කැඳ ඇමතිගේ කොළ කැඳ වියාපෘතිය. කොළ කැඳ වලට කිසිම ඉල්ලුමක් නැතිව තියන අවධියක ඔහු කොළ කැඳ “ප්ලේන් ටී” එකක් මෙන් ජනප්‍රිය බීමක් කළා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s