සැකයේ වාසිය පැමිණිලි කරුට (චුදිතයා දේශපාලකයෙක් නම්)! Guilty until proven innocent!


අර අමිතගේ විකට විටේ මෙහෙම කාටුනයක් තිබුනා. ඔන්න පොරක් පඩි දවසේ බීලා ගෙදර එනවා. නෝනා අහනවා “ඕයි තමුසේ අදත් බිලනේ” කියලා. “බලන්නකෝ ලුෂියෝ, අද අහිංසක මනුප්පයෙකුට පාරේ බැහැලා යන්න බැහැනේ. මම වැඩ ඇරිලා එනකොට දෙන්නෙක් පැනලා මාව අල්ලාගෙන, හොඳටම පෙව්වානේ” කියලා. මේ කාටුනයට හරිම සමාන කාටුනයක් පසුගිය සති අන්තයේ ඕස්ට්‍රේලියානු ජාතික පුවත් පතක තිබුනා. ඒකෙ නිධාන කතාවත් අමිතගේ එකට දෙවැනි නැහැ.

ක්‍රෙග් තොම්ප්සන් කියන්නේ ඕස්ට්‍රේලියානු රජය කරන කම්කරු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රී කෙනෙක්. මෙයා මන්ත්‍රී කමට ඉල්ලන්න කලින් ඕස්ට්‍රේලියානු සෞඛ්‍යය සේවා වෘත්තීය සමිතියේ නිලධාරියෙක්. ඒ කාලේ එම වෘත්තීය සමිතියේ මුදල් යටිමඩි ගැහුවා කියලා මෙයාට චෝදනා තියෙන්නේ දැනට අවුරුදු දෙක තුනක ඉඳලා.

නමුත් අර රදලියගොඩගේ වරෙන්තුව වගේ තමා. මේකේ පරීක්ෂණ ඇදුනේ බොහොම හෙමින්. රජය නම් කියන්නේ ඒකට ඒ ගොල්ලන්ගේ බලපෑමක් නැහැ කියලා. කොහොම උනත් කම්කරු රජය දුවන්නේ වැඩි එක චන්දයකින් බව නම් ජනතාව දන්නවා. තොම්ප්සන් ගැන පරීක්ෂණ කරපු “Fair Work Australia” කියන ස්වාධින ආයතනය පහුගිය දිනෙක ඔවුන්ගේ වාර්තාව එලි දැක්වුවා. ඒකෙන් කියන්නේ අර සෞඛ්‍යය සේවා වෘත්තීය සමිතියේ ඩොලර් ලක්ෂ පහක් විතර අයතා අන්දමින් වියදම් කරලා තියනවා කියලා.

දැන් මේක මත ඕස්ට්‍රේලියානු පෙඩරල් පොලිසියද පරීක්ෂණයක් කරනවා. දැන ගන්නට තිබෙන අන්දමට, මොනවටද දන්නවද වැඩියෙන් වියදම් කරලා තියෙන්නේ. අභිසරු ලියන්ට. ගෙවලා තියෙන්නේ තොම්සන්ගේ නමට තිබුන වෘත්තීය සමිති ක්‍රෙඩිට් කාර්ඩ් පතෙන් (ගොනෙක්, මොකටද ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙව්වේ!).

නමුත් වැඩේ තියෙන්නේ, තොම්ප්සන් අයියා නම් කියන්නේ ඔහුගේ අනාගත දේශපාලන ගමනට වල කපන්න 2004 වසරේදී ඔහුට විරුද්ධ වෘත්තීය සමිති නිලධාරින් තර්ජනය කළා කියලා. මේ ගණිකා මඩම් වල කරක් ගහපුවා ඇත්තටම ඔහුව වලේ දාන්න සෙට් කරපුවා කියලා (චාග්! අපිට මෙහෙම තර්ජනය කරන්න කව්රුවත් නැහැනේ!).

පත්තර කාරයන් විතරක් නොවේ, සාමාන්‍ය චන්දදායකයා පවා මේ කුණු නාටකය දිහා බලා ඉන්නේ පිළිකුලෙන්. මා හිතන්නේ නැහැ තොම්ප්සන් ගේ නොනා වත් අර කතාව විශ්වාස කරනවා කියලා. කොහොම උනත් ලබන මැතිවරණය වෙනකම් මේ පරීක්ෂණය ඇදගෙන යාවි. මේ වාරයේ තොම්ප්සන්ගේ චන්දය තියාගෙන ආණ්ඩුව ගෙනිච්චත්, මේ වැඩේ කම්කරු පක්ෂයට ලොකු හානියක් කියල ඒ අය නොදැන ඉන්න හේතුවක් නැහැ.

නමුත් එක වැඩිපුර චන්දෙන් කරගෙන යන ආණ්ඩුවක් තියන නිසා තමයි තොම්ප්සන් ගොයියා මෙතරම් කලක් මන්ත්‍රී කමේ ඉන්නේ. බහුතර ආණ්ඩුවක් තිබුනා නම් ඔහුට යන්න කියන්නේ කම්කරු පක්ෂයමයි. මේ වෙනකොට තොම්ප්සන් අයියව කම්කරු පක්ෂයෙන් ඉවත් කරලා. නමුත් පාර්ලිමේන්තුවේ චන්දය දෙන්නේ ආණ්ඩුවට.

විපක්ෂය (ලිබරල්) පක්ෂය කියන්නේ, පක්ෂයේ තියාගන්න නොවටිනා එකෙකුගේ චන්දය හොඳ වෙන්නේ කොහොමද කියලා. නමුත් එයාලා මේ අවස්තාවට මුහුණ දුන්නා නම්, ගන්න තීරණය මීට වෙනස් වෙය කියලා හිතන්න අමාරුයි. පෙරේදා පත්තර කාරයෙක් ඇහුවා තොම්ප්සන් අයියා ගේ චන්දය, ආණ්ඩුවට විරුද්ධව ගෙනෙන (කල්පිත) විශ්වාශ භංග යෝජනාවකට පක්ෂව දුන්නොත් විපක්ෂය එය භාර ගන්නවද කියල. විපක්ෂයේ විකල්ප කැබිනෙට්ටුවේ භාණ්ඩාගාර ඇමති කියුවේ “එය භාර නොගෙන ඉඳීම හරිම අමාරු වේවි” කියලා. ඔන්න බලන්න ඒකෙත් හැටි.

ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය හෝ රැකෙන්නේ, මේ තේරී පත්වන මිනිසුන් (පාර්ලිමේන්තුව) නිසාම නොවේ. ඔවුනගේ ක්‍රියාවන් පාලනය කරන ආයතන වල ක්‍රියාකාරිත්වය නිසයි. මේ ආයතන වන්නේ සිවිල් සමාජය (මහජනතාව), මාධ්‍ය, අධිකරණය, පොලිසිය යනාදියයි. එක තැනෙක යම් වරදක් උනත්, පනින්න තව කඩුලු කිහිපයක් තියන කොට, වරදක් කලත් බේරී ඉන්න ලැබෙන්නේ නැහැ.

පැරණි සෝවියට් රුසියාව වගේ රටවල “සමාජවාදය” අසාර්ථක වීමට එක හේතුවක් උනෙත් අර කියන ආයතන එම සමාජයේ ක්‍රියාත්මක උනේ නැහැ. ඒකාධිපති ක්‍රමයක් තුල “නිතිය” තාවකාලිකව පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් එහි තියන “හැදියාව” අවසරයක් ලද විට විසිරිලා යන්නේ පුස්ස බින්දා වගේ. මොකද අර හැදියාව සමාජයේ අවශ්‍යතාවය නිසා මතුවුණ එකක් නොවේ. කුඩා කණ්ඩායමක් කෘතිමව ඇති කළ එකක් නිසා.

අනික් අතට, මොන ආයතන/කඩුලු තිබුනත් වැඩක් නැහැ බහුතර ජනමතය වැරදි ක්‍රියාවල නිරත කට්ටියට පක්ෂ නම්. තොම්ප්සන් අයියගේ පරීක්ෂණ වල ප්‍රතිපල මොනවා උනත්, ඔහුගේ දේශපාලන ගමනේ අවසානය මෙයයි. ලංකාවේ තියන වැරැද්ද තමා මෙවැනි දේශපාලුවන්ට විරුද්ද බහුතර මහජන මතයක් නොතිබීම. මේවගේ කට්ටිය මහජන චන්දයෙන් නැවත නැවත පත් වෙනවා.

ඒක නිසා තමයි අදත් “මේ (වර්තමාන) දුෂිත පාලනය පන්නා දමා ප්‍රේමදාස මැතිතුමාගේ නැති බැරි අය, ඇති හැකි කළ යුගයකට නැවත යමු” කියලා උත්කර්ෂයෙන් කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ යුගයේ සංකේත හැටියට මට නම් මතක් වෙන්නේ, යහපාලනය නොවේ, ජනාධිපති මන්දිරේ බිත්තිවල එල්ලලා තිබුන පින්තූර වලිනුත් ගසාකාපු හැටි, ඇහෙන්නේ නැති බැරි අය ඇති හැකි අය බවට පත්වී නගන සෞභාග්‍යයේ සිනා හඬවල් නොවේ, රිචර්ඩ් ද සොයිසා ඇතුළු දහස් ගාණකගේ මර ලතෝනි, නාසයට දැනෙන්නේ මිනිස් කමේ ගුණ සුවඳ නොවේ, ටයර් මත දැවෙන මිනිසුන්ගේ පුළුටු ගඳ.

වරදක් උනා කියලා පිළිගන්නේ නැත්නම්, එතන නිවැරදි කරන්න දෙයකුත් නැහැ.

Advertisements

10 Comments

Filed under Politics

10 responses to “සැකයේ වාසිය පැමිණිලි කරුට (චුදිතයා දේශපාලකයෙක් නම්)! Guilty until proven innocent!

  1. kathandarakaraya

    තොම්සන් හිරේ වැටුනොත් ජහමනයා රටේ පෙලපායි යයිද? කළුකොඩි දමයිද?
    අන්තිමට රාජකීය ක්‍ෂමාවකුත් නොලැබේවිද?

    • එහෙම පෙළපාලි යන්න නම් කකා, පීඩිත පන්තියේ විඥ්යානයට ආමන්ත්‍රණය කරන්න පුළුවන් ප්‍රගතිශීලි බහුජන වියාපාරයක් ගොඩනගන්න අවශ්‍ය අත්තිවාරම දමන අතරේ, මනෝ මූල හා විෂය මූල කරුණු සැලකිල්ලට ගෙන, භව්මික අඛණ්ඩතාවයට අනතුරක් නොවන පරිදි, අධිරාජවාදීන්ගේ ක්රුමන්ත්‍රණ පරාජයට පත්කර,කම්කරු පන්තිය කුළු ගන්වන්න ඕනේ (මේ සියලු දේම කරන කොට උන්ඩුක පුච්චය හා ඩිම්භ කෝශයද බේරා ගැනීම වැදගත්!).

  2. Kenji. Japan.

    Thompsan karala thiyenne maha jara wadak, janathawage salli walin GON wada karala. Ape Sri Lankawe nam ehema wenne naha. Lankawe desapalakayo nam thamange [ kudu ] bussines walin saha eyalage wate inna aadara karuwo [konthrath karayo ] gen labena salli walin thama GON saha BALU wada serama karanne. Sama harak nam kiyanne Lankawe Premadasa yugayak navatha bihi karanawa kiyala, mama nam danne naha Lankawe janathawa kohoma kamathi weida kiyala. Lankawe desapalanayata deweni naha ehenam ohe desapalanayath neda Raigama ?

    • මෙහෙමයි කෙන්ජි, අර කේතුමතී රාජ්ජය තවම පහල වෙලා නැහැ. කොහෙත් දේශපාලකයන් අතරේ දුෂිත කට්ටිය හොයාගන්න අමාරු නැහැ. නමුත් තොම්ප්සන් ගොයියා නම් මේ යටි මඩි ගහලා තියෙන්නේ වෘත්තීය සමිති සාමාජිකයන්ගේ මුදල්. මේක වඩාත්ම බලපාන්නේ දැනටත් ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතින වෘත්තීය සමිති වියාපාරයට. මෙහෙ දේශපාලනය ලංකාව ඇතුළු බොහොමයක් රටවල පවතින ගජ මිතුරු පාලන ක්‍රමය හා සංසන්දනය කරන්න බැහැ. මේ දෙක ගින්දරයි වතුරයි වගේ.

  3. ඡන්දය කියන සංකල්පයේ තියන බැරෑරුම් කම අපේ මිනිස්සුන්ට වැටහෙන්නේ නෑ! 95%ක් සාක්ශරතාවය තියන උගත් ජාතියක් කිව්වට මොකද අපේ මිනිස්සුන්ගේ දේශපාලනික සාක්ශරතාවය/දැනුම/ඉව නම් සෑහෙන්න දුර්වලයි!අද රටේ තත්ත්වයට ප්‍රධානම හේතුවත් මේක තමයි! පත්වෙච්ච මිනිස්සු කෙලින පිස්සු ගැන උන්ට බනින්න කලින් පත් කරපු උන්ගෙන් ඒකට හේතු අහන්න ඕන!හැබැයි කවුරු කවුරුත් මතක තියා ගන්න ඕන දෙයක් තියනවා…කකුලුවා දඟලන්නේ හැලියේ වතුර රත්වෙනකම් පමනක් බව!

    • කතාව නම් ඇත්ත සාබිත්! හැබැයි අද “කකුළුවෝ” අනුවර්තනය වෙලා ඉන්නේ නටන වතුරට. මුන් මොන සෙල්ලම් දාල හරි ඉන්නවා.

  4. ඇයි මට මේක කියෙව්වාම කුරිරු සතුටක් හිතට දැනෙන්නේ? කලින් නම් ඔයවගෙ බුවාලා ගැන නිතර අහන්න තිබ්බේ අපි අවටම තියෙන දකුණු ආසියානු රටවලිනුයි, දකුණු අමෙරිකානු සහ අප්‍රිකානු රටවලින් විතරයි. හැබැයි ඉඳහිට ක්ලින්ටන් – මොනිකා වගේ කේසුත් තින්න්බ්බා නේ. නමුත් මේක නම් ලංකාවෙ කේස් එකක් වගේ!
    ඔහෙ වෑන් මොනපාටද මචං? 🙂

  5. ඔය වගේ උත්තමයන්ට වරදින්නෙ නෑ‍නෙ ඉතිං. ඒක ලෝකෙ කොහෙත් එකයි. හැබැයි මේගොල්ල ලංකාවෙන් මෙව්වා ඉගෙනගත්තද කියලත් හිතෙනවා… 😉

    • ඔව් හරේ වරදින්නේ නැහැ. මෙයාට කලින් කර ගත්තු දෙයක් තමා. ඊළඟ පාර නාමයෝජනා ලැබෙන එකක් නැහැ. හෙන්රි කියනවා වගේ ක්ලින්ටන් අයියත් කළා නම් මටත් නරක නැහැයි කියල හිතෙන්න ඇති (සැ. යු. මෙතුමා උසාවියකින් වරද කරුවෙකු කර නොමැති බව සලකන්න!).

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s