සුභාරංචිය ගෙනා, මැවුම්කරුගේ පණිවුඩකරුවන්! Have you heard the “Good News” from the GOD?


පෙරේදා මා වැඩ ඇරිලා ගෙදර ආවිට තමා බිරිඳ කියුවේ ශීතකරණයේ පැස්චරිකෘත කිරි ඉවර වෙලා කියලා. මල්ලක් අරගෙන එලියට බහින්න හැදුවා විතරයි, දොරට තට්ටු කරන හඬක් ඇහුනා. දොර ඇරලා බලන කොට දැක්කේ “නාකි සුද්දන්” දෙන්නෙක්. මා දැන ගත්තා කාරණේ. මා ඔවුන්ට ඇහුම් කන් දුන්නේ විනීතව. සේරම අහගෙන හිටිය මා ඔවුන්ගෙන් ඇහුවේ, “මගේ ගෙදර කිරි ඉවරයි, මා දැන් කළ යුත්තේ කුමක්ද?” කියා. මා එන්නේ මොකාටද කියලා ඔවුන්ට නොතේරුනා වගෙයි. උත්තරයක් එන්න කලින් මා පැහැදිලි කළා. “ගෙදර කිරි ඉවර නම් මා කඩේට ගිහින් කිරි ගෙන්න ඕනෙනේ”. ඔවුන් ඔලුව වැනුවා. මොන කඩෙන්ද? නැහැ උත්තර. මා පැහැදිලි කළා. කොයි කඩෙන්ද කියා තීරණය කරන්නේ මායි. ගෙදර ළඟ තියන පොඩි “සුපර් මාර්කට්’ එකෙන්ද, නැත්නම් කිලෝමීටර දෙක තුනක් දුරින් තියන කඩපොලේන්ද කියා තීරණය කරන්නේ මායි. කව්රුවත් අපේ ගෙදරට කිරි අරන් එන්නේ නැහැනේ. ඔවුන් තව දුරටත් ඔලුව වැනුවා. මා තව දුරටත් පැහැදිලි කළා, අපේ ශීතකරණයේ කිරි ඉවර වෙලා, මා යන්නේ කිරි ගෙන්න, හැබැයි මගේ අධ්‍යාත්මය හිස් කියලා මා හිතන්නේ නැහැ. එහෙම හිස් කියලා තේරුන දවසක උනත් “මොන කඩෙන්ද කිරි ගන්නේ කියලා තීරණය කරන්න තරම් මා වැඩිහිටියෙක්” , ඔබේ සේවය මට ඕනේ නැහැ. ඔවුන් යන්න හැරුනා. ඔවුන්ගේ අතේ තිබුන පොත් මිටිය දුටු විට මගේ හිතට දුෂ්ට සිතිවිලි ගලා ගෙන ආවා. පොඩ්ඩක් ඉන්න. මා කැමතියි ඔබේ පොත් කියවන්න. ඔවුන් තියා ගිය පොත් ටික (සිංහල ද ඇතුළුව) කෙලින්ම ගියේ අපේ ප්‍රතිචක්‍රීය කුණු බඳුනට.

Advertisements

14 Comments

Filed under Social

14 responses to “සුභාරංචිය ගෙනා, මැවුම්කරුගේ පණිවුඩකරුවන්! Have you heard the “Good News” from the GOD?

  1. දවසක් අපේ ගෙදරට ආවා ඉටි කිරිස් කෑලි දෙකක් සුභාරංචි ගේන්න….
    මමත් ඕන මගුලක් කියලා ගෙට අරන් දොර වහගත්තා.. ලස්සන කෙල්ලො දෙන්නෙක්මනේ.
    පැටියා එහේ මෙහේ දුව පැන ඇවිදිනවා ගෙදර, ඇල්කෙමිච්චි බුදුන් වඳිනවා කාමරයෙ…
    මට ඒ අය පවුල් කන හැටි කියන්න ගත්තා…. මමත් ටිකක් වෙලා අහගෙන හිටියා…
    පස්සෙ මම ඒ දෙන්නට සිඟාලෝවාද සූත්‍රයම කියලා දීලයි යැවුවෙ…
    ඊට පස්සෙ නම් කවුරුවත් අපේ ගෙදරට ආවෙ නෑ….
    මොනවා වුනත් කෑලි දෙක නම් අපූරුයි… පවුලක් නොහිටියා නම් පවුල් කනවා දෙන්නම එක්ක. ඒ වෙලාවෙම…

    • මෙයා නම් මාර නරකයි. 😀

      • දැන් මොකද්ද නරක දේ ?
        අර ලස්සන ගෑණු ළමයි දෙන්නට පවුල් කෑම ගැන කියලා දීපු එක ද ? නැත්තං ඒ ළමයින්ට පවුල් කෑම ගැන උගන්නනවා කියපු එකද ?
        🙂

    • ඔන්න ඔය කතා ඇහුවම තමයි ඇල්කෙමියෝ, මටත් ඇමෙරිකාවේ පදිංචියට එන්න හිතෙන්නේ!

      • ඇයි ඔස්ට්‍රේලියාවේ කෙල්ලෝ ලස්සන මදිද? 🙂

        • මා යන්න හිතුවේ ආගම් අතර සන්හිදියාවට උදව් වෙන්න. (ඇමෙරිකන්කාරය ඕනෙම බඩුවක් විකුනන්න දන්නවා, දවටනය හොඳ නැත්නම් බඩුවක් උනත් ගන්න හිතෙන්නේ නැහැනේ ප්‍රවීනා!)

  2. මම නම් ගේ ඇතුලට ගන්නේ නෑ. දොර බාගෙට ඇරලා ‘මම බුද්ධාගමේ’ කියලා පොත් මිටියක් ඉල්ලගෙන දොර වහනවා. මොන තරම් හැන්ඩි කොල්ලෝ ආවත් මම නම් නෑ එයාලව ගෙට ගන්නේ. 🙂

    • ප්‍රවීනා, හැන්ඩි කොල්ලෝ ආවොත් නම් මන් ගේ ඇතුලට ගන්නවා. කොහෙද මුන් නාකි සුද්දෝනේ, අරන් මොනවා කරන්නද?

  3. Kenji. Japan.

    Oya kattiya godak enne Sundays walatamai,mamanam dakka gaman kathavata yanne naha athinma no, no go, go kiyana angachalanayenma case eka ivara karanava.Mama nam dakala thiyenne 25/60 athare lassana sudu kello.

    • මෙහේ කෙන්ජි දුරකථන, ගෑස් හා විදුලි සමාගම්වලින් එවන නියෝජිත වෙළෙන්දන් ආගම් ප්‍රචාරක වෙළෙන්දන් එන්නේ සතියේ දවස්වල හවස් වරුවේ මිනිසුන් වැඩ ඇරිලා ගෙදර එන වෙලාවට. මේ ආපු දෙන්නා නම් මේ සාවියේ ඉන්න විශ්‍රාමිකයන් දෙන්නෙක් වෙන්න ඕනේ. මේ ආගම් වෙළෙන්දන් ගොඩක් වෙලාවට තෝරලා ගෙවල් වලට තට්ටු කරන්නේ. ඔවුන් කලින්ම දන්නවා, “මිත්යාදෘෂ්ටිකයන්” ඉන්න ගෙවල්. වැඩේ තියෙන්නේ ඕස්ට්‍රේලියානු ජනතාව ගෙන් සුළු පිරිසක් තමා මොනවා හෝ ආගමක් අදහන්නේ. එංගලන්තේ වගේ ඉරිදාට ටයි කෝට් දාල පල්ලි යන්නේ එහෙමත් එකෙක්. මේ පල්ලි වලත් බැහැගෙන වැඩ කරන්නේ ගොඩක් වෙලාවට සංක්‍රමණික පිරිස්. පන්සල් හා මුස්ලිම් පල්ලිත් එහෙමයි. අර නාකි සුද්දෝ දෙන්න වගේ මේවා සේරගේම “බැහැලා වැඩ” කරන කට්ටිය ඔක්කොම එක වල්ලේ පොල්.

      • Hasitha

        ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ පන්සලකට වුනත් යන්නේ මේ මෑතකදි සංක්‍රමණය වෙච්ච සිංහල පවුල් විතරද? පරම්පරා ගානක ඉඳන් ඉන්න සිංහල බෞද්ධයන් යන්නේ නෑ කියන එකද?

        • හසිත, කොයි බන පොතේද තිබුනේ බෞද්ධයෙක් වෙන්න සිංහල වෙන්න ඕනේ කියලා? මා අදහස් කළේ සියලු ජනයා. ලංකාවේ සංක්‍රමණිකයන් කියන්නේ මේ සමාජයේ සුළු කොටසක්. විශේෂයෙන් චීන ජනතාවගෙන් බහුතරයක් බෞද්ධ. ඔවුන් මෙහි ජිවත් වෙන්නේ පරම්පරා ගානක ඉඳන්. අනික ඕස්ට්‍රේලියාවේ තියන විශාල පන්සල් සිංහල-බෞද්ධ පන්සල් නොවේ. මේ ටිකම කියන්න පුළුවන් අනික් ආගම් අදහන ජනතාව ගැනත්.

  4. එහෙම නෙවෙයිනෙ බොලේ කොරන්න තිබ්බෙ…

    ඔන්න උන්ට කියනවා.” අනේ ඔයාල ආපු එක කොච්චර හොඳද?…මමමේ සුබාරංචිය හොය හොයා හිටියෙ …ඒත් මේ පොඩි ප්‍රශ්නයක් තියනව…අපේ ගෙදර කිරි ඉවරයි, එක්කෙනෙක් ගිහිල්ල කිරි සික්ස් පැක් එකක් ගේනවද කරුණා කරල..එතකල් අනික් එක්කෙනාට පුලුවන්නෙ මට සුබාරංචිය ගැන කියන්න “

    • මෙහෙමයි රවිසඳු, ඔය කතා අහගෙන ඉන්නවට වඩා මමම ගිහින් කිරි ගේන එක දාහෙන් සම්පතයි!