මිනිස් ලොවේ සේපාටිකයන්! The Mabo case!


අර මල් කැකුළු අඩවියේ පසුගිය දවසක ලියලා තිබුනේ මසුපිලයන් (සේපාටිකයන්) ගැනයි. මල් කැකුළු ලියන පර්සි ජයමාන්න කියන්නේ අප පාසල් යන කාලෙත් පුවත් පත් වල නිතර දැකපු නමක්. සේපාටිකයන් එක අතකින් බිත්තරයේ ඉඳන් පුර්ණ ක්ෂීරපායි තෙක් උන පරිනාමයේ එක මැද පුරුකක් වගේ.

එහි විස්තර කරලා තිබුන එක සේපාටිකයකු පහුගිය මාසයේ ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත තුනක තර්ජනයට ලක්වූ සත්ත්ව ලැයිස්තුවට ඇතුල් කරනු ලැබුවා. ඌ තමා කොආලා (කෝලා). අපේ ගෙදරට කිලෝමීටර දහයකට විතර දුරින් තියන ස්වභාවික වනෝද්‍යානයේ මුන් හතර පස් දෙනෙක් ඉන්නවා. ඉන් එකෙකු මිනිසුන්ට බලන්න පුළුවන් වන විදිහට ගහක පොඩි අට්ටාලයක් හදපු තැනක ඉන්නවා. ඌ ඉන්න තැන තියන විස්තර ලියලා තියන පත්‍රිකාවක එක්දහස් නමසිය මුල ගණන් වල ලොරියක චායාරූපයක් තියනවා. මේ ලොරියේ පුරවල තියෙන්නේ කොඅලාගේ හම් වලින්. ඒ දවස් වල හම් ගන්න මුන් මරලා තියෙන්නේ දහස් ගණනින්.

හැම සතෙකුටම පාහේ තමන්ගේ පැවැත්මට ස්වභාව ධර්මයා විසින් අපූරු විසඳුම් හොයා දීල තියනවා. කොආලාට හොයා දීල තියන විසඳුම තමා, අන් කිසිම සතෙකුට කන්න බැරි ඉයුකලිප්ස්ටස් නැත්නම් “ගම්” කියා පොදුවේ හඳුන්වනු ලබන ගස්  වල කොල වලින් ඔවුන්ට යැපෙන්න පුළුවන් කම. මේ කොල වලට ඔවුන්ට කිසිම තරඟයක් නැහැ. මේ කොල පෝෂණීය බැවින් හින නිසා, මොවුන්ගේ පරිවුර්තිය ක්‍රියාවලිය බොහොම මන්දගාමී කරලා, අඩු ශක්තියකින් දිවි ගෙවන්න සලස්සලා තියෙන්නේ. දවසට පැය 18 ක් නිදා ගන්න එකට අමතරව, මුන් චලනය වන්නේත් බොහොම හිමින්. ඊට අමතරව, අම්මගේ කිරි වරලා, මුල් මාසයේ මුන් අම්මගේ අසුචි කන්නේ, අර කොල ජීර්ණය කරගන්න පුළුවන් බැක්ටීරියාවන් ආහාර මාර්ගයේ වර්ධනය කර ගන්න.

මෙච්චර දේවල් කරලත්, අද මුන් තර්ජනයට මුහුණ දීලා තියෙන්නේ වෙන කිසිවක් නිසා නොවේ. මිනිස් ක්‍රියාකාර කම් නිසා. අද ඔවුන්ගේ ජන්ම භුමි සීග්‍රයෙන් අඩුවී යනවා. ඉතින් කන්න තැන් සොයා යන්න වෙලා තියෙන්නේ බිම දිගේ ඇවිදගෙන ගිහින්. මහා මාර්ග දෙපස මැරී ඉන්න කොආලාවන් නිතර දකින්න පුළුවන්. ඊට අමතරව මෙහෙම මන්දගාමිව යන කොට මුන්ව නරින් වැනි මාංශ භක්ෂක සතුන්ගේ දඩයම් බවට පහසුවෙන් පත් වෙනවා. යුරෝපීයයන් මෙහෙට ආවාට පසු කලින් කියුවා වගේ මුන්ව දහස් ගණනින් මරලා තියනවා. ඕස්ට්‍රේලියාවේ විතරක් නොවේ, ලංකාවෙත් සුද්දෝ කැලෑ සත්තුන් මරලා තියෙන්නේ හිටු කියලා. මට මතක හැටියට “ලක් බිමේ සත් වසක්” (ප්‍රේමචන්ද්‍ර අල්විස් සිංහලට පරිවර්තනය කරපු) කියන පොතේ සුද්දෙකුම මේ ගැන හොඳට විස්තර කරලා තියනවා. අලි දෙතුන් සීය නිකම් වෙඩිතියලා දාල තියෙන්නේ විනෝදෙට.

සතුන් ගැන මොන කතාද? ලක්ෂ ගණනින් හිටිය ඇබෝරිජිනල්වරු එක්දහස් නමසිය තිස් ගණන් වෙනකොට දහස් ගානට බැස්සුවේ අර අයියලාම තමා. අපට (ලාංකිකයනයන්ට හෝ ඉන්දියානුවන්ට- රතු ඉන්දියානුවන් නොවේ අල්ලපු රටේ එවුන්ට) මේක කරන්න අමාරු උනේ කරුණු කීපයක් නිසයි. හැබැයි සුද්දන් පසුගිය කාල වකවානු වල සිදු කළ වැරදි ටික ටික හෝ පිළිගනිමින් ඉදිරියට යාම අද අර කොආලගේ සිද්දියෙන් පමණක් නොවේ වෙනත් දේ වලින්ද දකින්නට ලැබෙනවා.

අපේ සමහර දෙනා (“කළු සුද්දන්”) ඇමෙරිකාවේ කළු ජාතීන්ගේ සිවිල් සටන් උපහාසයට ලක් කරන විටත්, මෙහෙ ඇබෝරිජිනල් වරුන්ගේ ශෝකාන්තයන් විහිළුවට ගන්නා විටත්, මට දැනෙන්නේ කේන්තියක් නොවේ, පිළිකුලක්. අද බටහිර රටවල්වල ජිවත් වන සියලුම කළු, දුඹුරු හා අනෙකුත් ආසියානු හා ලතින් ඇමෙරිකානු මිනිසුන්ගේ ජීවිත වල වෙනසක් ඇති කිරීමට, වසර ගණනාවක් තිස්සේ කරන ලද හා අදටත් කෙරෙන කළු ජාතිකයන්ගේ පමණක් නොවේ සුදු ජාතිකයන්ගේත් සිවිල් අයිතිවාසිකම් සටන් නිසා හැකි වෙලා තියනවා .

මා මේ සියලු කරුණු සඳහන් කළේ හරියටම මිට වසර විස්සකට පෙර ඕස්ට්‍රේලියානු මහාධිකරණයෙන් එයිතිහාසික නඩු තීන්දුවක් දුන්නේ අද වැනි දිනෙක නිසා.මෙම නඩු තීන්දුව මගින් ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු ඇබෝරිජිනල් ජාතිකයන්ගේ ජන්ම භූමි සංකල්පය ඕස්ට්‍රේලියාවේ අද පවතින බටහිර නීතිය මගින් පිලි ගනු ලැබුවා.

ඇබෝරිජිනල් වරුන්ට වගේ නොවේ ලංකාවේ අපට නම් සුද්දා රට දීල ගියත් අප තාමත් බටහිර විරෝධී පෙරමුණු හදමින් වහ ගන්න හදන්නේ අපේම වැරදිමයි කියල මට හිතෙන්නේ.

Advertisements

4 Comments

Filed under Politics, Social

4 responses to “මිනිස් ලොවේ සේපාටිකයන්! The Mabo case!

  1. Kenji. Japan.

    Raigama, oba avasanayata kiyala thiyena ekata mamath ekaga venava. Spain King lagadi eyage girlfriend ekka Africa ratakata gihilla athunta vedi thiyala foto aragana thibune, eyage rate prasna thiyeddi. Cola Bear ge patiya eyage ammage kana eva, Lankave nam desapalakayange eva kaka desapalana henchaiyala nam ratama kanava.

    • මිනිස්-සත්ත්ව ගැටුම් එන්න එන්න උග්‍ර වෙනවා මිසක් අඩුවෙන එකක් නම් නැහැ. අප කව්රුත් තරඟ කරන්නේ එකම පොලවටනේ. නමුත් අඩුමගානේ සත්තුන්ට වෙන් කරලා තියන වනෝද්‍යානවලවත් දඩයම් කරන ඒවා නවත්වන්න අපේ වගේ රටවලට පුළුවන් වෙලා නැහැනේ (සත්තුන් ගැන මොන කතාද, මිනිස් දඩයම් නවත්වන්න බැරි කොට!).

  2. මේ වගේ දේවල් දැන් ලෝකේ පුරාම සිද්ධවෙනවානේ. හරිම පව්. මම ආසා සතෙක් කෝලා…හරිම අහිංසකයි.

    යුකලිප්ස්ටස් ගස්වලට ගම් ගස් කීවා නම් ඉවරනේ. 🙂

    • මුන් එතරම්ම අහිංසකත් නැහැ. මා “ගම් ගස්” කියා නොදැම්මේ හිතලමයි. ඒත් නිතරම කියවන ඔබගේ යෝජනාව අහක දාන්න බැහැනේ. ඔන්න හැදුවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s