කාරල්ලන් බැදුම! Recipe of the day!


දැනට වසර දෙක තුනකට පමණ පෙර මෙල්බර්න් නුවර සිංහල කඩේකින් ගෙනාව නියම පොල් කෑලි වගේ කරවල වගයක්. මොනාද කියන්නේ, හෝදන්න ඕනේ නැහැ. මේවා හදල තිබුනෙත්, දවටන කරලා තිබුනෙත් ඕස්ට්‍රේලියාවේ (ලංකාවේ කෙනෙක්ගේ වියාපාරයක් කියලා මා අහල තියනවා). ගෙනල්ල බැද්දා. අපේ දිව බලාපොරොත්තු වෙන “රසය” වෙනුවට පිලී රහක් විතරයි තිබුනේ. කරවල කාපු කෙනෙකුට මා කියන දේ තේරුම් ගන්න අමාරු නැති වේවි. ඉන්පසු නම් මේ “ඕස්ට්‍රේලියානු” කරවල මා මිලදී ගත්තේ නැහැ. දැන් නම් මේවා දකින්න නැහැ වගේ.

ගිය සතියේ “සිංහල කඩේට” ගිය වෙලාවේ දැක්කා කාරල්ලන් පැකට් කරපුවා. දැක්ක ගමන් තේරුනා නියම කරවල කියලා. මේක හදන්න වැඩි මහන්සියක් ගන්න ඕනේ නැහැ. හොඳට සෝදලා තෙත මාත්තු කර ගන්න. ඉන්පසු තරමක ලූනු ගෙඩියක් හීනියට ලියා, කරවල හා කුඩු මිරිස් ස්වල්පයක් සමග කලවම් කර ගන්න. දැන් තෙල් ටිකක් යහමින් දමා, කාරල්ලන් හොඳටම කර වන තුරු බැද ගන්න එකයි තියෙන්නේ. බා ගන්න ටික වෙලාවකට කලින් අර ලුනු ගල්වා වේලපු “සුදු මිරිස්” කරල් දෙක තුනක් එක් කර ගන්න. බා ගන්න වෙලාව වන විට ලූනු හොඳටම කර වෙලා තියෙන්න ඕනේ, කාරල්ලන් ඔලුවත් සමගම කන්න පුළුවන් ගානට බැදිලා තියෙන්නේ ඕනේ. මේක කාල බලන්න. හැබැයි කාරල්ලන් අර පොල් කෑලි වගේ ලස්සන ඒවා නම් වැඩේ හරියන්නේ නැහැ.

දැන් ඔබ ලැහැස්ති වෙන්නේ බත් කන්න නම්, විච්චුර්ණ සමබර ආහාර වේලවල් අමතක කරන්න. මැල්ලුමක් හා වට්ටක්කා හොද්දක් සමග මේ බැදුම හොඳටම ඇති. ඔබ ලැහැස්ති වෙන්නේ බොන්න නම්, විච්චුර්ණ දවටන (ලේබල්) තියන බෝතල් අමතක කරන්න. ලේබල් මොකුත් නොමැති කසිප්පු බෝතලයක් හොඳටම ඇති! (අමධ්‍යප කට්ටිය සමා කරන්න).

Advertisements

6 Comments

Filed under Food

6 responses to “කාරල්ලන් බැදුම! Recipe of the day!

  1. ඒක කියවා ගන යද්දී, කටට ආපු කෙල ගොඩ….
    ගෙදර කරවල බදින කොට හැම තැනම කරවල සුවඳ යනවා නේද? 🙂

    • ප්‍රවීනා, ඔබගේ කොමෙන්ටුවෙන් කියල තියන දේ මගේ සටහනට “අවවාදයයි” කියල යටින් දාන්න හිතලත් නොදා හිටියා. ඔබ කියන කතාව, බටහිර රටක ජිවත් වන කෙනෙකුට ඉතාම වැදගත්. දැනට අවුරුදු කීපයකට කලින් මා වැඩ කරපු තැන කාර්යාලිය කාමරේ හිටියා බංගලාදේශ කාන්තාවක්. ඇය උදේට කාමරේට එනකොට, කරි හට්ටියක් එනවා වගේ. දැන් ඔබත් හිතනවා ඇති මාත් ඒ වගේ කියලා. අප ගෙදර මිලදී ගත්තට පසු අලුත් වැඩියා කරපු එකම තැන තමා මුළුතැන්ගෙය. අනික්වා අදාළ නැහැ. නමුත් දුම් කව්ලුව ගැන කියන්න ඕනේ. වහලෙන් ඉවතට දාපු දුම් කව්ලුවක් (Ducted Rangehood) නැත්නම් කරවල තියා, යන්තම් තුන පහ දාපු කෑමක් හැදුවත් භයානකයි. අප දුම් කවුළුව තෝරාගන්න විට වෙළඳපොලේ තිබුන බලවත්ම මෝටරයක් ඇති එකක් තෝරා ගත්තා.

      ඔබගේ ප්‍රතිචාරයට දුන්න උත්තරේ දීර්ග කරන්න කල්පනා කළේ එකක් ඔබට පවා වැදගත් වේ යයි සිතුන හින්දා :D, දෙක තමයි මගේ සමහර නිරීක්ෂණ වෙන කොහෙවත් ලියල නැති හින්දා (අඩු ගානේ “Bunnings DIY” වැඩ සටහනකට ගිහින් වත් හොයා ගන්න බෑ). අපේ කෑම හදන කොට දාන දේවල් විශේෂයෙන් තුනපහ මේ වගේ පරිසරයකදී ආගන්තුක දෙයක් වෙනවා. ඉතින් අනික් අයට, අපේ නාසයට වඩා තදින් දැනෙන්න පුළුවන්. අනික තමා මෙහෙ නිවාස හදල තියෙන්නේ අඩු බලශක්තියකින් පවත්වාගෙන යන්න නිසා, ඇතුලෙන් හුලන් හෝ තාපය පිටට නොයන්නත් පිටින් ඇතුලට නොඑන්නත්. ලංකාවේ නම් මෙහෙ ජනෙල තරම් ලොකු හුලන් කපොලු හැම කාමරකම තියනවානේ. ඊටත් අමතරව ජනේලත් නිතරම විවුර්තවනේ තියෙන්නේ. අප උයන කොට හුමාලය සමග පිටවන අංශු සමග කෑම වල සුවඳ පිට වෙනවා. බොහෝ වෙලාවට වන්නේ, මේවා සීලිමේ වැදිලා පහතට ඇවිත් නිවස පුරා විසිරිමයි. ඒක තමයි ලිපට ඉහලින් චිමිනියක් නැත්නම් දුම් කවුළුව තියෙන්නේ. දැන් තියන ඒවා මෝටරයක් හා හුලන්පතක් සමග එන ඒවානේ. මේ මගින් හුමාලය ඇදලා අරන් දානවා. නමුත් සමහර චිමිනි නියම ඒවා නොවේ, බොරු ඒවා. ඒවා සම්බන්ද වී තියෙන්නේ වහලය හා සීලිම අතර කුහරයට. මේ හුලන් පතින් ඇදල දාන සුවඳ යන්නේ අර ගේ ඇතුලේ තියන කුහරයටයි. මේ සුවඳ, නිවසේ උණුසුම් කරන හෝ රත් කරන ක්‍රමය (heating or cooling system) අනුව නැවත නිවස පුරාම යනවා. ඒ නිසා මේ ක්‍රමය කිසිම ප්‍රයෝජනයක් නැහැ. අනික් චිමිනි ජාතිය තමා, කවුළුව වහලෙන් එලියට තියන වර්ගය. මේ මගින් ඇදල දාන හුමාලය නිවසින් එලියටම යනවා.

      අප උයන කොට තුනපහ වැඩිපුර පාවිච්චි වෙන්නේ නැති නිසා එපමණ කරදරයක් නැහැ. සුවඳ පැතිරෙන නිසා නොවේ, ගෙදර මාත් ඇතුළුව තුනපහ වැඩිපුර දාල හදන කෑම වලට වැඩි කැමැත්තක් නැති නිසා. නමුත් ඉඳල හිටලා හරි අර වගේ කරවල එකක් කන්න ඕනේ නිසා, මුළුතැන් ගෙයි චිමිනිය ලෙස ගොඩක් ප්‍රභල එකක් තෝරා ගත්තා. තුනපහ වල තියන අනිත් ගුණාංගය තමා, ඇඳුම්, බුමුතුරුණු හා තිර රෙදි වලට තදින් ආකර්ෂණය වීම. තුනපහ සුවඳ ගේ පුරා පැතිරුණ විට මේවා ඉහත නම් කරපු දේවල් වලට උරා ගන්නවා. ඉන්පසු සේදුවොත් මිසක යවන්න බැහැ.මා නිරීක්ෂණය කරන දෙයක් තමා අප, ඉන්දියානු හා අනික් ආසියානු ජාතිකයන් නිවසේ ජනෙල් ඇරලා වාතාශ්‍රය එන්න දෙන්නේ කලාතුරකින්. ශීත සමයේදී කරන්නෙම නැහැ. මේකත් උයපු දේවල් වල සුවඳ නිවසේම රැඳී තිබීමට හේතුවක්. ඉයුවත් නැතත්, මා පුරුද්දක් ලෙස හැමදාම විනාඩි දහයක් පහළොවක් ජනෙල් ඇරලා තියනවා. ඒක පුරුදු උනේ රුසියාවේදී.

  2. කසිප්පුත් එකතු උනාම ෆුල් දේශීය ඩිශ් එකක්! 🙂

  3. මාත් හරිම ආසා බැදුමක් තමයි ඔය. ඔය මාලුවගෙ පැතලි කම නිසා කට්ට පවා හොඳට බැදෙනවා නේ? අර කිව්වත් වගෙ මුකුණුවැන්න මැල්ලුමයි, වට්ටක්කායි එක්ක ඕක නියමෙට යනවා.

    • හැබැයි හෙන්රි මැල්ලුම් කාලා කට හොඳට සෝදා නොගත්තොත් කෙරෙන්න යන මගුලත් නැතිවෙන්න පුළුවන් නේද?

      ඔබ මගේ සටහන් මිට කලින් කියවල තියනවා. කලින් ඔබ ප්‍රතිචාරයක් දමල තිබුනා. ඒකත් පාසලේ කතාවක්. මා ඔබගේ බ්ලොගයට මුලින්ම ආවේ, අර කොන්දක් ටික ටික ගෙවන්න ගන්න කියල දාපු සටහනට. මන් ප්‍රතිචාරයක් පවා දැම්ම. මා බලන හැම බ්ලොග් සටහනකටම ප්‍රතිචාරයක් නොදාන එක හොඳ මදි වගේ. නමුත් ඔන්න මා ආව, කියා නම ලකුණු කරලා විතරක් වැඩක් නැහැනේ. ඒ නිසා සමහර වෙලා වට මොනවත් ලියන්නේ නැහැ. නමුත් මා බලන බ්ලොග් වලින් ඔබගේ එක ඉතාම රසවත් එකක් කියල කියන්නේ ඔබව මුරුංග ඇත්තේ තියන්න නොවේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s